Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

Dec 16

කොහොම කිව්වත් ඇත්තම කතාව ඒකයි...("හව් අයි වන්ඩර් වට් යූ ආ"චිත්‍රපටය මෑතකාලීනව සිංහල සිනමාවට එක්වූ අලුත්ම චිත්‍රපටයකි. එම චිත්‍රපටය තුළින් සිය සිනමා ගමන අරඹන නවක රංගන ශිල්පිණියක් වන පූර්ණිමා මුහන්දිරම් මෙවර ආලින්දය සමග එක්වී සිටියි. රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද ඇය කටයුතු කරයි.) 



*මේ දවස් වල ඔබේ කලා කටයුතු කොහොමද? 

මම රඟපෑම පටන්ගත්තේ හව් අයි වන්ඩර් වට් යූ ආ චිත්‍රපටයෙන්. නමුත් මගේ වෘත්තිය එය නෙමෙ‍යි. මම නිවේදිකාවක් විදිහටයි කටයුතු කරන්නේ. ඊට අමතරව තවත් වෘත්තීන් කිහිපයක නියැලිලා ඉන්නවා. ඒවා තමයි මේ දවස් වල වැඩ කටයුතු. 

*පූර්ණිමා, ඔබ මේ වෙද්දී ඔබේ වෘත්තිය විදිහට කලාව තෝරාගෙන තිබෙනවාද? 

මම වසර ගණනාවක් තිස්සේ නිවේදන වෘත්තියේ නියැලී ඉන්නවා. ඒ අතරේ මම තවත් පොඩි පොඩි වැඩ කිහිපයක් කරනවා. නිවේදනය මගේ ප්‍රධාන වෘත්තියයි. ඒ අතරෙයි චිත්‍රපට රංගනයට සම්බන්ධ වුණේ. කවදාවත් රංගනය මගේ ප්‍රධාන වෘත්තිය වෙන්නේ නෑ. 

*ඔබේ රංගන ජීවිතයේ ආරම්භය ගැන කතාක‍ළොත්? 

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් වන උදය ධර්මවර්ධන සහ චින්තන ධර්මදාස මගේ හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒ අතරින් උදය අයියා මගේ හුඟක් පරණ යාළුවෙක්. මුලින්ම ඔවුන් මට කිව්වේ චිත්‍රපටයට නිළියක් හොයලා දෙන්න කියලා. අන්තිමේදී මම චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම නිළියක් වෙනවා කියලා කවදාවත් මගේ හිතේ තිබුණේ නෑ. බලාපොරොත්තුවක්වත් තිබුණේ නෑ. යාළුවන් කළ ඉල්ලීමටයි මම නිළියක් වුණේ. 

*කොහොමද ඔබේ කලා කටයුතු වලට ඔබේ පවුලෙන් ලැබෙන සහයෝගය? 

විශේෂයෙන් මම මතක් කරන්න ඕන මගේ අම්මයි, අප්පච්චියි. මට උදව් කරන්නෙත්, අඩුපාඩු පෙන්නලා දෙන්නෙත් ඒ දෙන්නා. ඒ වගේම මගේ අක්කා, අයියා, මගේ ළඟින්ම ඉන්න යාළුවෝ. මගේ අක්කගේ දරුවො තුන්දෙනාගෙන් ලොකු දුව මගේ කලා කටයුතු වලට ගොඩක් කැමතියි. මගේ ළඟින් ඉන්න අය මට ලොකු සහයෝගයක් දෙනවා. 

*ඒ අතරින් ඔබට වැඩි සහයෝගයක්, ඔබව නිතරම දිරිගැන්වීම් කරන කෙනෙක් ඉන්නවද? 

වි‍ශේෂ ගොඩක් අය ඉන්නවා. යාළුවෝ ගොඩක් අය ඉන්නවා. 

*පූර්ණිමා, සාමාන්‍යයෙන් අපේ රටේ කලාවට, කලාකරුවන්ට විශේෂයෙන් කලා ශිල්පිණියන්ට වැඩි වටිනාකමක් හිමිවෙන්නේ නෑ කියන මතය බොහෝ දෙනා අතර තිබෙනවා. ඒ සම්බන්ධව ඔබ දරන්නේ මොනවගේ අදහසක්ද? 

ඒක එකිනෙකා අනුව වෙනස්වෙනවා. අපි කරන දේ අනුවයි අපිට ලැබෙන ප්‍රතිචාර තීරණය වෙන්නේ. අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි නරක දෙයක් කළොත් අපිට අනිවාර්යයෙන්ම නරක ප්‍රතිචාර ලැබෙයි. 

*කලා ශිල්පිණියක් ලෙස ඔබ පැමිණි ගමන ගැන ඔබට සෑහීමට පත්වෙන්න පුළුවන්ද? 

නිවේදිකාවක විදිහට මම කරන දේ ගැන මම සෑහීමට පත්වෙනවා. මම කරන දේ ගැන මම ලොකු අධ්‍යයනයක් කරනවා. නිළියක් විදිහට මම ලොකුවට කිසි දෙයක් කියන්නේ නෑ. මම පුංචි චිත්‍රපටයක, පුංචි චරිතයක් කළා විතරයි. නමුත් මගේ නිවේදන වෘත්තිය ගැන මම හුඟක් සෑහීමට පත්වෙනවා. 

*නිළිකම කියන්නේ ගෞරවනීය වෘත්තියක් නෙමේ කියන අදහසට ඔබ එකඟද? 

ඒ කතාව ඇත්ත. ඒ වෘත්තියේ නියැලෙන කෙනා කළ දේවල් එක්ක තීරණය වන දෙයක්. තමන් හොඳ නමන් හදාගෙන, හොද දෙයක් කරලා ඉදිරියට යනවද කියන දෙය එයින් තීරණය වෙනවා. ඒ දෙය තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා මත. 

*අපේ සංස්කෘතිය, සදාචාරය, සම්ප්‍රදාය වගේ කරුණුත් එක්ක අපේ රටේ කලා ශිල්පිණියන්ට විවිධ සීමා වලට මුහුණදෙන්න වෙනවා. ඔබ මේ සීමා පැනවීම සාධාරණයි කියලා හිතනවද? 

එයත් නිර්මාණය මත තීරණය වන දෙයක්."හව් අයි වන්ඩර් වට් යූ ආ"චිත්‍රපටයේ මට ඒ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධවුණා. මම සිගරට් බොන දර්ශනයක් තිබුණා. මට ලොකු බයක් දැනුණා. පුරුදුම නැති දෙයක්. නමුත් චරිතයත් එක්ක මට ඒ දේ කරන්න සිද්ධවුණා. මම එක ස්ථාවරයට ඉන්නවා. රංගනය හෝ මම කරන දේ වෙනුවෙන් එක් තැනක ඉඳගෙන යම් දුරකට මම ඒ දේවල් කරනවා. නමුත් මටත් මගේ ජීවිතයේ මම කරන දේවල් එක්ක මම විසින් පනවාගත් තහංචි තියෙනවා. මම කියන්නේ අපේ රටේ සංස්කෘතියත් එක්ක, අපි කරන නිර්මාණයත් එක්ක ඒ තහංචි එක් සීමාවකට එන්න ඕන. 

*ඒ අනුව ඔබ යම් සීමා, කොන්දේසි ඔබේ කලා ජීවිතය තුළ තීරණය කරන්නේ කොහොමද? 

මම ඒ ගැන ගොඩක් හිතනවා. නිවේදිකාවක් විදිහට මිනිස්සු මාව හඳුනගෙන තිබෙන්නේ වෙනත් විදිහකටයි. මගේ වෟත්තියත් එක්ක මට ගෞරවයක් තියෙනවා. නිළිකම ගැන කතාකළොත් මොකක් හරි චරිතයක් මට ලැබුණොත් මගෙන් ලැබෙන පණිවිඩය, මට අඳින්න වෙන්නේ මොන වගේ ඇඳුම්ද, මට මොන වගේ දේවල්ද කරන්න වෙන්නේ කියන දේවල් ගැන මම හොඳටම හිතනවා. මට ජනප්‍රිය වෙන්න, නිළියක් වෙන්න ඇත්තටම අවශ්‍ය නෑ. ඒ නිසා මම අනිවාර්යයෙන් ඒවා ගැන හොඳටම හිතනවා. නිර්මාණ සඳහා ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් මම හදාගත් තහංචි ඇතුළේ මට ඒවා කරන්න බැරි නිසා මට ඒවා ප්‍රතික්ෂේප කරන්න වුණා. මම තෝරාගැනීමක් කරනවා කියන්නේ මගේ ගෞරවය ආරක්ෂා කරගැනීම ගැන හිතලා රඟපානවා. 

*පූර්ණිමා, ඔබ කිසියම් කලා නිර්මාණයක් වෙනුවෙන් අයකරන නිශ්චිත මිලක් තිබෙනවාද? 

එහෙම එකක් නම් නෑ. ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක එකතුවෙලා තමයි වැඩ කරන්නේ. ඒ වෙලාවට යාළුකම ඉස්සරහට ඇවිත් සල්ලි කියන දෙය ඒ තරම් ලොකුවට ගැනෙන්නේ නෑ. වැඩිපුර කරන්නේ මුදල් නැතුව වැඩ කරන එක. මම සාමාන්‍යයෙන් පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්. ඒ නිසා සල්ලි, සල්ලි කියන දෙය මං ගාව අඩුයි. මාත් එක්ක වැඩ කරන මගේ යාළුවෝ හැමෝම දන්නවා මම හිතවත්කම ගැන ගොඩක් හිතනවා. නමුත් දැන් මම හිතලා තියෙනවා ඒ දෙය වෙනස්කරන්න ඕන කියලා. 

*විවාහය සහ ආදරය? 

ආදරය හරි සංකීර්ණයි. ආදරය තේරුම්ගන්න ඕන. හරි කෙනාට ආදරය කරනවාද කියලා හිතන්න ඕන. අපි හොයන ආදරය අපිට ලැබෙනවාද කියලා හිතන්න ඕන. ආදරය ගැන අත්දැකීම් තියෙනවා. කාලයක් තියෙන කවුරුහරි අපෙන් ආදරය ගැන ඇහුවොත් අපි කියනවා ආදරේ හරි සුන්දරයි කියලා. ඒත්, ආදරේ කරගෙන යද්දී ඒ හිතපු තරම් සුන්දර නෑ කියලා හිතෙන අවස්ථා තියෙනවා. කවුරු කොහොම කිව්වත් ඇත්තම කතාව ඒකයි. ආදරේ සුන්දර වෙන වෙලාවලුත් තියෙනවා. 

*කටකතා ගැන මොකද හිතන්නේ? 

කටකතාත් එක්ක අපිට ජීවත්වෙන්න බෑ. මිනිස්සු කියන හැමදෙයම අපිට කරන්න බෑ. අපි අඳින විදිහ වැරදියි කියනවා. අපි කවුද කියලා දැනගෙන අපි කරන දෙය හරියට කෙරුවොත් හරි. සමහර කටකතා අපිට අදාළ වෙන්නේ නෑ. අපේ හෘද සාක්ෂිය දන්න තාක් අපි මොනවද කරන්නේ, අපි මොනවද කළේ කියලා ගැටලුවක් නෑ. 

HARD TALK *ඔබ බො‍හොම බලාපොරොත්තුවෙන් සිටි, ඔබේ අනාගත කලා ජීවිතයට ඉතාම වැදගත් වන ඒ වගේම ඔබ ඉතා කැමැත්තෙන් බාරගත් නිර්මාණයක් කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙස ඔබේ සැමියා ඉල්ලා සිටියොත් ඔබ එය පිළිගන්නවද? 

නැහැ. 

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද? 

මම කැමති පක්ෂයක් නම් බාරගන්නවා. 

*ජ්‍යොතිෂය විශ්වාස කරනවද? 

ගානකට ඔව්. 

*කලාව තුළ ඔබ වඩා වැදගත් කොට සලකන්නේ සම්මානද? මුදල්ද? 

දෙකම නෙමේ. 

*අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතුයි කියලා ඔබ හිතනවද? 

වුනොත් හොඳයි. 

*ජීවිතයේ සාර්ථකත්වය විදිහට ඔබ දකින්නේ කෙතරම් දිළිඳු වුණත් හිතේ සතුටින් ඉඳීමද? මුදල් ලැබීමද? 

ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives