“නේත්‍රාංජලී” ටෙලි නාට්‍යයේ නිර්මලීගේ චරිතයෙන් ජනතා හද බැඳගත් තනුජා දිල්හානි පසුකාලීනව විවිධ නිර්මාණ හරහා පුංචි තිරයෙන් ආලින්දයට ගොඩ වැදුණා. මේ දිනවල ඇය අප හමුවට පැමිණෙන්නේ “සඳගිරි පව්ව” ටෙලිනාට්‍යයේ සුමනාවති ලෙසින්.වැඩිය දකින්න නොලැබුණාට මේ දවස්‌වල කාර්යබහුලයි කියන්නේ ඇත්තද තනුජා?
ඔව්. නලින් මාපිටියගේ “බිනරි”යි සමන් කුමාර ලියනගේගේ “රන්තලිය වලව්ව” ටෙලිනාට්‍යයෙයි එක දිගට වැඩ.“සඳගිරිපව්ව” ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?හිතුවේ නැති තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සනත් ගුණතිලක මහත්මා පෞද්ගලිකවම මට කතා කරලා ප්‍රශංසා කළා ආදර්ශවත්ව, සංවේදීව සුමනාවතී චරිතය රඟපානවා කියලා. ඒ වගේම නාට්‍යයේ තිරපිටපත් ලියූ මහත්මාත් හොඳ කිව්වා. ඔහුගේ හිතේ මැවිලා තිබුණු චරිතය එලෙසම රඟපානවා කියලා. මට ගොඩක් සතුටුයි. සමන් කුමාර ලියනගේ වැනි දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක් යටතේ පළමුවරට රඟපෑ නාට්‍යයට මෙවැනි ප්‍රතිචාර ලැබීම ගැන.කාන්තාවක් හැටියට ඔබටත් සැබෑ ජීවිතේදී මෙවැනිම සිදුවීම් පෙළකට මුහුණ දෙන්න සිදුවුණොත්?සුමනාවතීට මුහුණ දෙන්න වුණාවගේ සිදුවීම් පෙළක් එලෙසම නැති වුණත් වෙනත් ස්‌වරූපයකින් හරි අප ජීවත්වන සමාජයේදී මුහුණ පාන්න ලැබෙන පුළුවන්. මට එවැනි අවස්‌ථාවකදී හිතෙනවා සුමනාවතී වගේ අත්දැකීම් හා හැලහැප්පීම් වලට මුහුණ දෙමින් හිත ධෛර්ය කරගෙන ජීවිතේ ඉදිරියට ගෙනියයි.ඔබ රඟපෑ චරිත අතරින් වඩාත්ම කැමති චරිතය?.මෑතකදී රඟපාන චරිත අතරින් නම් සුමනාවතීට ගොඩක් කැමැතියි. ගිහාන් රෝහණ අධ්‍යක්‍ෂණය කරපු “අංගම් ලිහිණි” ටෙලි නාට්‍යයේ “පැඟිරි” චරිතයත් මට රඟපාන්න ලැබුණු චරිත අතරින් වෙනස් චරිතයක්.චිත්‍රපට රංගනයෙන් ඈත්වෙලාද?චිත්‍රපට තුනක විතර තමයි මම රඟපාලා තියෙන්නේ. ටෙලි නාට්‍යවල වැඩ නිසා සමහර වෙලාවට හොඳ චරිතයක් ලැබුණත් භාරගන්න බැරිවුණු අවස්‌ථාව තිබුණා. ටෙලිනාට්‍යවල වැඩිපුර දකින නිසා වෙන්න ඇති චිත්‍රපටවල දායකවීමේ අඩුවක් දකින්නේ.ඔබ චරිතයක් තෝරා ගැනීමේදී සැමියාගෙන් ඒ ගැන විමසනවාද?අනිවාර්යෙන්ම පණ්‌ඩුකව හඳුනාගත්ත දවසේ ඉඳල චරිතයකට ආරාධනාවක් ලැබුණු ගමන්ම පණ්‌ඩුකට කියලා අපි දෙන්නම ඒ ගැන කතා වෙලා එක තීරණයකට එනවා රඟපානවද නැද්ද කියලා. මුලදී නම් ඒ හැම දෙයක්‌ම ගැනම කතා කළේ අම්මත් එක්‌ක.මොනවගේ සහයෝගයක්‌ද ඔබේ කලා කටයුතුවලට ඔහුගෙන් ලැබෙන්නේ?මගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙනවා. විවාහයට පෙර තිබුණටත් වඩා පූර්ණ නිදහසක් මට පණ්‌ඩුකගෙන් ලැබිලා තියෙනවා. පණ්‌ඩුකගේ අම්මත් අපිත් එක්‌ක ඉන්න නිසා උයන පිහින දේවල් ගැන වුණත් මගේ ඔළුවට ලොකු බරක් දැනෙන්නෙ නැහැ. කොළඹින් පිට ෂූටින්වලට ගියත් පණ්‌ඩුක ඒ හැම ගමනකට, මගෙත් එක්‌ක යනවා.පෙම්වතියගේ චරිතය තවමත් ඔබට කරන්න පුළුවන්ද?මම හිතනවා මට පුළුවන් කියලා. මොකද දැනටත් මට ලැබෙන්නේ පෙම්වතියගේ චරිත. ඉදිරියේදී කියන්න අමාරුයි කොහොම වෙයිද කියලා. අධ්‍යක්‍ෂ අතේ තමයි ඒ තෝරාගැනීම තියෙන්නේ.කොහොමද පවුල් ජීවිතය?
පණ්‌ඩුකත් එක්‌ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ඒත් ඉතින් මේ දවස්‌වල නම් ගෙදර ඉන්න වෙලාවක් නැති තරම්. හැමදාම උදේට ෂූටින් වලට කුරුණෑගල යනවා. රෑට ගෙදර එනවා. මගට තමයි වැඩිපුර කාලය ගෙවන්නේ.පණ්‌ඩුකත් රංගනයට යොමුවෙලා කියලා ආරංචියි.ඔව්. එයා මේ දිනවල විකාශය වන බිනරි ටෙලි නාට්‍යයේත් රඟපානවා. ඊට අමතරව උදයකාන්ත වර්ණකුලගේ “සෙනසුරු මාරුව” චිත්‍රපටයේ ෂූටින්වලට යනවා. සක්‌විත්තෝ, කන්‍යාවි, තුෂාරා චිත්‍රපටවල පණ්‌ඩුක රඟපාලා තියෙනවා.ඔහුගේ රඟපෑම ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?මට දැනෙනවා පණ්‌ඩුක හොඳට රඟපානවා කියලා. එයා සම්බන්ධවෙන නිර්මාණවල ඉන්න අනිත් අයත් ඒ බව මට කියනවා. කොහොම නමුත් මගෙ බලකිරීමට තමයි පණ්‌ඩුක රඟපාන්න ආවේ. ඒත් දිගටම නියෑළිලා ඉඳියිද කියන්න බැහැ.ඇයි ඒ.අපි කරන තරම් කැපකිරීමක් ව්‍යාපාර කටයුතුත් එක්‌ක ඉදිරියේදී එයා කරයිද කියලා හිතන්න අමාරුයි.නමුත් පණ්‌ඩුක කියලා තිබුණා නේද ඔබ රංගන ශිල්පිනියක් බව දැනගෙන හිටියා නම් සම්බන්ධකමක් අරඹන්නේ නැහැ කියලා?මමයි පණ්‌ඩුකයි අඳුරගනිද්දී මම නේත්‍රාංජලී නාට්‍යයේ විතරයි රඟපාලා තිබුණේ. ඒ නිසා කවුරුත් මාව ඒතරම් දැන හඳුනාගෙන හිටියේ නැහැ. පණ්‌ඩුකත් ටී වී බලන කෙනෙක් නෙමෙයි. ඒ නිසා නිළියක් කියන්නේ කවුද කියලත් එයාට එතරම් වැටහීමක් තිබුණේ නැහැ.විහිළුවකට වෙනයම් හේතුවකට කිව්වද දන්නේ නැහැ.තනුජා ඔබ රංගන ශිල්පිනියක් නොවුණානම්?ගුරුවරියක් හරි ගුවන් සේවිකාවක් හරි වෙන්න තිබුණා.සමාජ සේවයට ගොඩක් ලැදියි නේද?මමයි පණ්‌ඩුකයි, මුතු තරංගායි, අංජුලා රාජපක්‍ෂයි, අංජලී මල්ලවආරච්චියි තව කිහිප දෙනෙකුයි එකතුවෙලා ජීවත් වෙන්න උත්සාහ දරන ධෛර්යවන්ත පවුල් කිහිපයකට අපි හැකි අයුරින් උපකාර කරලා තියෙනවා. ඉදිරියේදී අපිට හැකි අයුරින් තවදුරටත් ඒ කටයුතු කරගෙන යනවා.ඇයිs මෙවැනි අදහසක් ක්‍රියාවට නංවන්න හිතුවේ?අපි හැමෝම මිනිස්‌සු නිසා මනුෂ්‍යකමට ගරු කිරීමක් හැටියට.
ඔව්. නලින් මාපිටියගේ “බිනරි”යි සමන් කුමාර ලියනගේගේ “රන්තලිය වලව්ව” ටෙලිනාට්‍යයෙයි එක දිගට වැඩ.
පණ්‌ඩුකත් එක්‌ක ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ඒත් ඉතින් මේ දවස්‌වල නම් ගෙදර ඉන්න වෙලාවක් නැති තරම්. හැමදාම උදේට ෂූටින් වලට කුරුණෑගල යනවා. රෑට ගෙදර එනවා. මගට තමයි වැඩිපුර කාලය ගෙවන්නේ.
Post a Comment