Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

පහුගිය දවස්වල වැඩ ගොඩක් තිබුන නිසා කතාවක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. වැඩ පොඩ්ඩක් අඩු උන හින්දා අද කතාවක් දාන්න කියලා හිතුනා. අහම්බෙන් වගේ පරණ පත්තර කෑල්ලක් දැක්කා. ඒ පත්තර පිටුවේ තිබුන පුවතක් ගැන තමයි අද ලියන්න යන්නේ.


මේ සිද්ධිය නම් ගම් නැතිව කියන්නම්. මොකද මං කැමති නෑ පුද්ගලිකව කාගේවත් චරිතයකට මඩ ගහන්න. නමුත් මේ සිද්ධියේ හරි වැරද්ද මොකද්ද කියන එක විතරක් තෙරුම් ගන්න ප්‍රමාණවත් විදිහට ලියන්නම්.

සිද්ධිය මේකයි.

මේ වසරේ (2010) අගොස්තු 25 වන දින සවස 6.30 ට පමණ ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයක . විශ්ව විද්‍යාල පරිශ්‍රයේ බංකු මත වාඩි වී කතා කරමින් සිටි සිසු සිසුවියෝ ජොඩු හයක් , උපකුලපති තුමා විසින් රදවා තබා ගෙන ඒ එක් එක් සිසුවා සමග සිටි සිසුවියගේ කන්‍යාභාවය පරික්ෂා කිරීම සදහා විශ්ව විද්‍යාලයේම ගිලන් රථයකින් ලගම පිහිටි රජයේ රෝහලකට යවන ලදැයි කියන සිද්ධියයි.

ඇත්තටම මෙම අවස්ථාවේ දී උපකුලපති තුමා ගත් තීරණය නිවැරදි ද යන්න පිලිබද සලකා බැලීමක් සිදු කරමු. සාමාන්‍යයෙන් ලංකාවේ විශ්ව විද්යාලයකට තේරී පත් වන්නේ වයස අවුරුදු 18 ඉක්මවූ තරුණ තරුණියන් වේ. තවද මොවුන් ලංකාවේ නීතිය ට අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස පිලිගනී. මේ නිසා මොවුන්ට හොද නරක තෝරා බේරා ගත හැකි අවධියක සිටින බව අප කවුරුත් දන්නා කරුණකි.

මේ නිසා ගෞරවනීය ස්ථානයක තැනට සුදුසු ලෙස හැසිරිය යුතු බව ඔවුන් දන්නා කරුණකි. තවද ඔවුන් රටේ සාමාන්‍ය පුරවැසියෙකුට වඩා උගත් බවකින් යුක්ත නිසා ඔවුන් එලෙස අශෝභන ලෙස හැසිරෙතැයි අපට සිතිය නොහැක. මේ වයස් සීමාව තුල ප්‍රේම සබදතා ඇතිකර ගැනීම, ඔවුනොවුන් තැන් තැන්වල වාඩි වී කතා කිරීම සුලභ සිදුවීම් සමුදායක සිදුවීම් දෙකකි. මෙය සාමාන්‍ය මනුස්ස ස්වභාවය වේ. ඒ නිසා එවැනි සබදතා වලට වැට කඩොලු දැමීම සිදු නොකල යුත්තකි. එම නිසා උපකුලපති වරයා මෙහිදී උරණ විය යුත්තක් නැතැයි මා සිතමි.

නමුත් එම සිසුන් අශෝභනව එම පරිශ්‍රය තුල හැසිරුනා නම් එය දඩුවම් ලැබිය යුතු වරදකි. මක්නිසාදයත් එම අදාල සරසවිය භික්ෂු සිසුන් පවා අධ්‍යන කටයුතු කරන නිසා එලෙස හැසිරීම අනුමත නොහල හැකි බැවිනි. මේ හේතුව නිසා උප කුලපතිතුමාට විනය ක්‍රියා මාර්ග ගැනීමට බලතල ඇත. අනෙක් සිසුන්ගේ හා භික්ෂු සිසුන්ගේ සුභසිද්ධිය තකා එම බල තල භාවිතා කල යුතු බව මෙහිදී කිව යුතුමය.

නමුත් මා හට නම් වැටහෙන පරිදී මෙහිදී සිදුවී ඇත්තේ උපකුලපති තුමා , තම බලතල අනිසි ලෙස භාවිතා කිරීමක් බවයි. එම සිසුන් මෙහිදී වරදක් කලා නම් ඔවුනට විනය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට කුලපතිතුමා කර ඇත්තේ සිසුවීයන්ව රෝහලකට යවා කන්‍යාභාවය පරික්ෂා කරවීමයි. මෙය කොහෙත්ම අනුමත කල නොහැක. යම් හෙයකින් එක් සිසුවියකගේ හෝ කන්‍යාභාවය නොමැති බව පරීක්ෂණ වලින් ඔප්පු වුවහොත් එම සිසුවියට විදින්න සිදුවන අවමාන හා අවලාද බොහෝ යි.

සමහරවිට ඇයට ජීවිතය එපා වීම , සියදිවි නසා ගැනීමට සිතීම . සරසවි දිවියම එපා වීම වැනි දෙවල් සිතෙන්නට පුලුවන. කන්‍යාභාවය නැති වීමට පිරිමි කෙනෙකුගේ ඇසුරම අවශ්‍ය නැත.ක්‍රීඩා කිරීම් වලදී හානි සිදුවීම , උපතින්ම නොපිහිටිම් වැනි සිද්ධි නිසා මෙය පිහිටා නොතිබෙන්නට පුලුවන. තවද අදාල සිසුවියගේ කන්‍යාභාවය නොමැති බව පරීක්ෂණ වලදී හෙලි වුවහොත් ඇයට තම මිතුරියන් අතරේ පවා සමච්චලයට ලක් වීමට සිදුවන බව අකමැත්තෙන් වුවද කිව යුතුය.

උපකුලපති තුමා මෙවැනි ක්‍රියාමාර්ගයක් තෙරුවේ දඩුවමක් ලෙස නම් එම දඩුවමට ඇය ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද ?? මුලු ජීවිත කාලය තුලදීම ඇය හඩා වැටිය යුතුද ? සොරකමකට සිරගෙට නියම වූ සොරෙකු පවා යම් කාලයක් සිරබත් කෑමෙන් පසු නිදහස් වී සමාජයේ ගෞරවනීය පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට අයිතියක් ඇත. ඔහු තව දුරටත් සමාජයට සොරෙකු නොවේ. නමුත් උපකුලපති තුමා ගේ මෙම දඩුවම ගෙවෙන්නේ කොතරම් කාලයකට පසු ද ? ඇය සදහටම ජිවිතයෙන් සමුගත් විට ද ?

හොදයි.. මෙහිදී සිසුන්ගෙන් වරදක් සිදු වුනාමයි සිතමු. නමුත් මෙහිදී දඩුවමට ලක් වී ඇත්තේ සිසුවියන් පමණෙකි. ඇයි සිසුන්ට දඩුවම් දී නැත්තේ ? තනි අතින් අත්පුඩි ගැසිය නොහැකි බව අප කවිරුත් දන්නා කරුනකි. එය එසේ නම් සිසුවාටත්, සිසුවිය සේම දඩුවම් පැමිණ විය යුතුය. නමුත් මෙහිදී සම්පූර්න දඩුවම සිසුවිය ට දී ඇත්තේ ස්ත්‍රීන් උපතින්ම වරදෙහි බැදෙන සුලු ජාතියක් යැයි යන පඩි කියමන සනාත කරන්න ද ?

මගේ අදහස නම් මෙහිදී වරදක් සිදුවී ඇත්නම් දඩුවම් ලබා දිය යුතු බවත් එය කරන ලද වැරැද්දේ බරපතල කම අනුව දෙන ලෙසත් තිබෙන බලතල අනිසි ලෙස භාවිතා නොකරන ලෙසත් ය.

උපකුලපති තුමෙනි, මෙවැනි තීරණ ගැනීමට පෙර සිසුන්ගේ පැත්තෙනුත් මදක් සිතන්න. සිසුනි, සරසවි දිවිය විදින්න, එය ඔබටත් සමාජයටත් කලු පැල්ලමක් ඉතුරු නොවන ලෙසට.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives