Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


අද ‘සතුටු සාමීචිය’ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක වන නෙහාරා පීරිස් සමඟ ය. ඇය නොකඩවා තෙවරක් ම ජනප්‍රියම රූපවාහිනි නිළිය ලෙස සම්මාන ලැබුවා ය. බොහෝ දෙනකු ඇය හඳුන්වන්නේ ‘මුතුකිරිල්ලී’ ලෙස ය.

කලා කටයුතු නිසා ඔබ මේ දිනවල කාර්ය බහුල ද?

ඔව්. මේ දිනවල ‘රුවන් මාලිගා’ සහ ‘අමන්දා’ කියන ටෙලිනාට්‍යවල රූපගත කිරීම්වලට දිගටම සහභාගි වෙනවා. ඒ වගේ ම දෙරණ රූපවාහිනියේ ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදන කටයුතු කරනව. ශ්‍රී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ ‘සාගරේ සේ ආදරේ’ ගුවන් විදුලි නාට්‍යයටත් සහභාගි වෙනව. ඊට අමතරව නර්තන සහ ගායන ප්‍රසංගවලටත් සහභාගි වෙනව. ඒ නිසා කාර්ය බහුලයි.

ඔබ ක්ෂේත්‍රයට පැමිණි ආකාරය…?

2007 අවුරුද්දෙ ජූලි මාසෙ දවසක මට සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය හමුවුණා. ඇය මට ටෙලිනාට්‍යයක රඟපාන්න ඇරයුම් කළා. මම කිව්ව බැහැ කියල. ඒ මගෙ තාත්තා කැමැති නැති නිසා. පස්සෙ කොහොම හරි තාත්තව කැමැති කරවා ගත්ත. කැමැත්ත දුන්න වෙලාවෙ තාත්තා කිව්ව ඕක පළමු සහ අවසාන රඟපෑම වෙන්න ඕන කියල. හැබැයි මම තාමත් රඟපානව.

මගෙ පළවැනි ටෙලිනාට්‍යය නාලන් මෙන්ඩිස් ගෙ ‘සෙනෙහසට ආදරයෙන්’. ඊට පසුව ටෙලිනාට්‍ය කීපයකම රඟපෑවා. ප්‍රධාන චරිතයක් මම මුලින් ම නිරූපණය කළේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ. රෝයි ද සිල්වා ගේ චිත්‍රපටයකත් මම රඟපෑවා. ඒ වගේ ම ‘ඩාන්සින් ස්ටාර්’ වැඩසටහනටත් සහභාගි වුණා. ඔය විදියට තමයි මම ක්ෂේත්‍රයට ආවෙ.

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය පිළිබඳව ඔබේ අත්දැකීම…?

මගෙ රංගන ජීවිතයේ සන්ධිස්ථානය තමයි ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍ය. ශ්‍රී ලංකාවෙ පමණක් නෙමෙයි විදෙස් රටවල ඉන්න ලාංකිකයනුත් මාව හඳුනාගත්තේ ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්. එම ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම ආධුනිකයෙක්.

ඒකෙ මුලදී ද්විත්ව රංගනයක් කරන්න තිබුණ. මා ගැන විශ්වාසය තියල ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයට මාව සම්බන්ධ කරගැනීම ගැන මම ‘මුතු කිරිල්ලී’ අධ්‍යක්ෂ තුමාට ස්තුතිවන්ත වෙනවා. ‘මුතු කිරිල්ලී’ මට ගොඩක් දේවල් ලබල දුන්න. ඒ ගැන මට තියෙන්නෙ නිහතමානී ආඩම්බරයක්.

රසික රසිකාවියන්ගේ ආදරය ඔබට කරදරයක් ද?

අනේ කවදාවත් ම නෑ. රසිකයින් මට දක්වන ආදරයට, ගෞරවයට මමත් ආදරය කරනවා; ගරු කරනවා. එයාලගෙ ලිපි වලට මට ඉඩ ලැබෙන වෙලාවලට පිළිතුරු ලියනවා. ජ්චජඥ ඕධධඬ එකේදී ගොඩක් දෙනෙක් මට හමුවෙනව. මග තොටේදී හමුවුණාම මට කතා කරන හැම කෙනා එක්කම වචනයක් හෝ කතා කරන්න මම උත්සාහ කරනව.

කොහොමද විවාහ ජීවිතේ?

ඉතාම සතුටින්, සැහැල්ලුවෙන් විවාහ ජීවිතේ ගෙවනව. මම අම්ම තාත්තා ළඟ ඉන්න කාලෙ මට ගොඩක් තහංචි තිබුණා. ඒ ඒගොල්ල මට ගොටක් ආදරේ නිසා. හැබැයි විවාහ වුණාට පස්සෙ මගෙ ආදරණීය සැමියා මට ගොඩක් නිදහස ලබා දීල තියෙනව.

මගෙ කලා කටයුතු වලදී මට වඩා උනන්දු වෙන්නෙ මගෙ සැමියා. මම සමහර වැඩ කරන්න බැහැ කිව්වම ඔයාට ඒක කරන්න පුළුවනි කියල මාව දිරිමත් කරන්නෙ මගෙ සැමිය. විවාහ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි මවක් වීම. හැබැයි ඒකට තව ගොඩක් කල් තියෙනව.

කට කතාවලට ඔබ බයද?

ජනප්‍රිය පුද්ගලයින්ට අනිවාර්යයෙන් ම කට කතා හැදෙනව. මටත් ඕන තරම් කට කතා හැදිල තියෙනව. මම ඒවයින් සැලුනෙ නෑ; දිරිමත් වුණා. මට හිතෙන්නෙ කට කතා කියන්නෙ ජනප්‍රිය වීමට ලැබෙන පැකේජ් එකක් කියල. හැබැයි ගොඩක් පහත් විදියට හිතා මතා මගෙ නම විනාශ කරන්න කවුරු හරි උත්සාහ කළොත් ඒකට විරුද්ධව උපරිමයෙන් මම ක්‍රියාත්මක වෙනව.

ඔබ එක වගේ චරිතවලට කොටුවෙලා කියල හිතෙන්නෙ නැතිද?

ඇත්තෙන් ම මටත් ඒක හිතෙනව. මට ලැබෙන්නෙම පොහොසත් පවුලක දඟකාර දියණියගේ චරිතය. ඒ මගේ හැසිරීම් රටාව නිසා වෙන්න ඇති. හැබැයි වෙනත් දෙයක් කිරීමේ හැකියාව මට තියෙනව. මම ගොඩක් කැමැතියි ගැමි චරිතයක් රඟපාන්න.

තාම ඒකට අවස්ථාවක් ලැබුණෙ නෑ. මේ කාලෙ ටෙලිනාට්‍ය කලාව යන්නෙ එක රැල්ලකනෙ. එයින් මිදෙන්න අමාරුයි. අපි ඒ රැල්ලට ගියෙ නැති නම් අපේ තැන ගන්න ඕන තරම් අය ඉන්නව. මම මෙහෙම කියන්නෙ මගෙ කුහකකම නිසාවත් තණ්හාව නිසාවත් නෙමෙයි. ඇත්ත තත්ත්වය ඕකයි. අනාගතයේදී මෙගා ටෙලිනාට්‍යවලින් ටිකක් ඉවත් වෙන්න මගෙ බලාපොරොත්තුවක් තියෙනව.

නිවේදිකාවක් ලෙස ඔබේ ගමන් මඟ සාර්ථකයි කියල හිතනවද?

මම වෘත්තිය නිවේදිකාවක් නෙමෙයි. දෙරණ ‘ටී පාටි’ වැඩසටහනේ මම නිවේදන කටයුතු කරන්නෙ හරිම කැමැත්තෙන්. මගෙ ළඟ බර වචන නෑ. මට ඉතාම සැහැල්ලුවෙන් ඒ වැඩේ කරන්නේ. ඒක මගේ ශෛල‍්‍රිය; නෙහාරා ස්ටයිල් එක. ඒකටත් කැමැති පිරිසක් ඇතිනෙ.

රංගනයේදී ඔබ විශාල මුදලක් අය කරනවා නේද?

ඇත්තෙන් ම ඔව්. මේ වනවිට මට ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියගේ සම්මාන තුන් වරක් ලැබිල තියෙනව. එතැනින් එහා ජනප්‍රියත්වයක් නැහැනෙ. ඉතින් මට ජනප්‍රිය වෙන්න ගොඩක් ටෙලිනාට්‍යවල රඟපාන්නත් අවශ්‍ය නැහැ. කීපයක් කළාම ඇති. ටෙලිනාට්‍ය නිෂ්පාදනයේදී කෙරෙන්නෙ වාණිජමය ක්‍රියාවලියක්. ඒක බොහෝ දෙනෙකුගෙ ජීවන වෘත්තිය. එතැන දී මගෙ රංගනයට යම් වටිනාකමක් මම නියම කරල තියෙනව.

යම් තරමක් දුර ඉදිරියට ආව සෑම කලාකරුවෙකු ම තමාගේ වටිනාකම ගැන හිතන්න ඕන කියලයි මම හිතන්නෙ. ඒ නිසයි මගෙ රංගනයේදී වැඩි මුදලක් කියන්නෙ. වරදවා හිතන්න එපා ඒ මුදලට ඇති කෑදරකම නෙමෙයි; අපිට ඇති වටිනාකම.

මොනවද අනාගත බලාපොරොත්තු?

විශාල බලාපොරොත්තු මගෙ ජීවිතේ නෑ. කරන දේ හරියටම කිරීමයි මගේ බලාපොරොත්තුව.

නෙහාරා පීරිස් කොයි වගේ කෙනෙක් ද?

නෙහාරා පීරිස් කියන්නෙ බොහොම සැහැල්ලුවෙන් ජොලියෙ ඉන්න කැමැති ඉතාම මිත්‍රශීලී අවංක කෙනෙක්.

ගාමිණී සුසන්ත

ඡායාරූපය – ඉන්දික මල්ලවආරච්චි

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives