Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ඉරිදා ලංකාදීපයේ ඇමතිතුමාගෙන් අහන්න විශේෂාංගයට මේ සතියේ එකතු වී තිනුනේ විමල් වීරවංශ ඇමතිතුමයි.එතුමාගෙන් පුද්ගලයන් පිරිසක් අසන ලද ප්‍රශ්නයකට බැන් කී මුන්ගේ කමිටුව පිළිබද තම අදහස් දැක්වූයේ මෙසේය.
ප්‍රශ්නය-බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට අවොත් ඔබ මොකද කරන්නේ? මාරාන්තික උපවාසයක් කර ජනාධිපතිතුමාගෙන් තැඹිලි උගුරක් බි විරෝධය පල කරනවද?

බැන් කී මුන්ගේ කමිටුව ලංකාවට එයි කියල මම දැනට විශ්වාස කරන නෑ.ශ්‍රී ලංකා රජය දීල තියෙන කොන්දේසිය පිළිගන්න ඔවුන් සුදානම් කියල තමයි දැනට පෙන්න තියෙන්නෙඅවොත් සාදරයෙන් පිළිගන්න වෙනවා.


පිළිගන්න ආකාරය කොහොමද කියල එක ඒ වෙලාවේ තීරණය කරමු.ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදියට හිටියත් නැතත් තනතුරක් දරුවත් නැතත් අපේ රටේ යුද්ධය ජයග්‍රහණය කරපු ජනාධිපතිතුමා,ආරක්ෂක ලේකම් තුමා,රණවිරුවන් අන්තර්ජාතික යුධ අපරාධ දං ගෙඩියට දක්කන් යන්න සැරසෙන කණ්ඩායමක් ලංකාවට එනකොට ඔවුන්,ඔවුන්ට ගැලපෙන ආකාරයට පිළිගත්තේ නැතොත් අපි මේ රටේ මිනිස්සු වෙන්න බෑ.ඔවුන් සාදරයෙන් පිලිගතයුතුයි.

ඒ පිළිගන්න ආකාරය ඒ වෙලාවට තීරණය කරමු.හැබැයි මම පුද්ගලිකව විශ්වාස කරන නෑ ඔවුන් එයි කියල.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives