Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ළමා නිළියක ලෙසින් රංගන ඬේත්‍රයට පිවිසි නෙත්මි උමායා අධිකාරි මේ දිනවල ඛෙහෙවින් ජ ජනපි්‍රයව සිටින්නේ රුවන් මාලිගා හි පොඩ්ඩි (මලිති) ලෙසයි. රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ අධ්‍යෂක විමලරත්න අධිකාරිගේ හා ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක වන සුමනා වන්නිනායකගේ දිය‚ය වන නෙත්මි මේ වන විට මේ බැංගලෝරයේ මනෝවිද්‍යාව පිළිබඳව උපාධියක්ද හදාරමින් සිිටිනවා.
ඉතිං කොහොමද පොඩ්ඩි?
මම උසස් පෙළ කරලා ඉවර වුණ ගමන්ම සන්ධ්‍යා මෙන්ඩිස් ඇන්ටියි, රවීන්ද්‍ර විෙජ්රත්න අයියයි, තරංග දිසානායක අයියයි තමයි මාව රුවන් මාලිගා හි පොඩ්ඩිට (මලිතිට) තෝරා ගත්තෙ.
මම පුංචි කාලේ ඉඳලා රඟපාලා තිබුණට පිට අධ්‍යඬකවරයෙක් යටතේ රඟපෑවේ පළමු වතාවටයි. මේ නාට්‍යයේ දීපානි සිල්වා ඇන්ටි, ජගත් චමිල අයියා හා ශ්‍රියන්ත අංකල් එක්ක තමයි මට වැඩිපුර රඟපාන්න ලැබුනේ. ඒ අය මට ලොකු සහයක් දුන්නා මගේ රංගන කටයුතු සාර්ථක කරගන්න. ඒ වගේම කැමරාකරණය කරපු ජයන්ත රණසිංහ අයියා ඇතුළු හැමෝගෙම උදව් ඇතිව චරිතය කරගෙන යනවා.
ඔබ මේ චරිතය ගොඩනඟා ගත්තේ මොන විදිහටද?
මේ චරිතය මට හුරුපුරුදු චරිතයක් නෙවෙයි. ඇඳුම් පැළඳුම් පවා වෙනස්. මට මෙහි පිටපත ලැබුණම එය හොඳින් කියෙව්වා. ඒ වගේම අම්මගෙනුයි තාත්තගෙනුයි උපදෙස් ලැබුණා. රවින්ද්‍ර අයියා එක්ක කතා කරලා වැරදි හදාගෙන මේ චරිතය රඟපානවා.
ඔබට නිළියක් වීමට බලපෑවේ විමලරත්න අධිකාරිගේ දිය‚ය වීමද?
මම හිතන්නෙ නැහැ. මම මුලින්ම රඟපෑවේ මට අවුරුදු පහේදි තාත්තා නිර්මාණය කරපු zගම්මන් නෝනාZ ටෙලි නාට්‍ය මාලාවේදී. පස්සෙ සුමනා වන්නිනායක අධ්‍යඬකවරිය යටතේ zතිසර පෙරළියZ, zදේව දරුවෝZ ආදී ටෙලි නාට්‍යය වල රඟපෑවා. ඉන් අනතුරුව zඅග පිපි මල්Z නාට්‍යයෙත් රඟපෑවා. විකාශනයට නියමිත පි්‍රයා රණසිංහ ඇන්ටිගේ zපවන සේ ඇවිදින්Z නාට්‍ය වල රඟපාලා තියෙනවා.
කොහොම වුණත් මගේ රඟපෑමට පිවිසෙන්න හේතුව තාත්ති නිසා නෙවෙයි. හැබැයි රුවන් මාලිගාZසඳහා රඟපාන්න එවන්න කැමතිද කියලා සන්ධ්‍යා ඇන්ටි තාත්තිගෙන් ඇහුවා. තාත්තියි අම්මයි ඒකට අකමැති වුනේ නැහැ. අනික උසස් පෙළින් පස්සෙ ප්‍රතිඵල එනතෙක් සිටින කාලෙයේදී රඟපාන්න මාත් කැමැත්තෙන් ඊට එක්වුණා.
දැනුම් තේරුම් තියෙන කාලේ රඟපාන පළමු නාට්‍ය විදියට අගක් මුලක් නැති නාට්‍යක රඟපෑමට සිදුවීම ගැන මොකද හිතෙන්නෙ?
මට අවුරුදු 5, 6 දී විතර රඟපෑවට පස්සෙ මම අධ්‍යාපනය ලැබූ කොළඹ විශාකා විද්‍යාලයෙන් රංගනය සඳහා අවසර ලැබුනේ නැහැ. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ රඟපාන පළමු නාට්‍ය මෙයයි. රුවන් මාලිගා මෙගා නාට්‍ය කියලා වෙනසක් නැහැ. තමන් හොඳට චරිතය තේරුම් ගත්තොත් නාට්‍යයේ ස්වරූපය ප්‍රශ්නයක් නෙවෙයි.
අනික මගේ ප්‍රධානම අරමුණ නිළියක් වීම නොවෙයි. මම රඟපාන්න ආසයි. තාත්තිගේ හා අම්මගේ අත්දැකීම් එක්ක ඉදිරියට යන්න කැමතියි. මම මේ දිනවල බැංගලෝර් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරේ නිවාඩුව ආවට පස්සෙ තමයි රූගත කිරීම් වලට දායක වෙන්නේ. මගේ ප්‍රධාන අරමුණ වන්නේ මනෝ විද්‍යා උපදේශකවරියක් වීමයි.

ඇත්තටම ඔබ මින් අපේඬා කරන්නේ නෙත්මි කියන නම ජනපි්‍රය කර ගැනීමද?
නැහැ. ජනපි්‍රයතාවක් ඇතිකර ගැනීම නෙමෙයි. මට මේ නාට්‍යයට ආරාධනය ලැබුණු කාලේ මට කාලය තිබුණා. ඒත් එක්ක මව්පිය කැමැත්ත හා ආශාව නිසයි මම මේ ටෙලි නාට්‍යයට යොමු වුනේ. ඒකෙන් ජනපි්‍රය වීම පසුව සිදුවුන දෙයක්. මේ මලිතිගේ චරිතයට අතිවිශාල ප්‍රතිචාරයක් හිමිවෙනවා. මේ නිසාම ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලට ආරාධනා රැසක් ලැබුණා. නමුත් මම ඉගෙනුමට වැඩි අවධානයක් යොමුකොට තිඛෙන නිසා ඒ ආරාධනා බාර ගත්තෙ නැහැ.
ඉන්දියාවේ ගතකරන ජීවිතය එහෙම කොහොමද?
එහෙ කිසිදු කලා කටයුත්තකට දායක වෙන්නෙ නැහැ. අධ්‍යාපන කටයුතු වලට විතරයි දායක වෙන්නෙ. වසර 3ක උපාධිය ඉවර වුණාම මාස්ටර් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
මම මෙතනදී සන්ධ්‍යා ඇන්ටි, රවින්ද්‍ර අයියා, තරංග දිසානායක අයියා, ජයන්ත රණසිංහ අයියා ආදරයෙන්
මතක් කරන්න ඕන. ඒ වගේම දීපානි සිල්වා ඇන්ටි, ශ්‍රියන්ත මෙන්ඩිස් වාගේම ජගත් චමිල අයියා ඇතුළු මේ ටෙලි නාට්‍යයේ රඟපාන සියලූ දෙනාවත් ආදරයෙන් මතක් කරනවා. ඔවුන්ගේ ආදරය හා සහයෝගය මත තමයි මේ චරිතය මට පුළුවන් උපරිමයෙන් කරගෙන යන්නෙ.

සටහන
නිරෝෂාන් ප්‍රේමරත්න
ඡායාරූප
පද්මකුමාර මෙත්තසේන

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives