Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


මම හොඳක් අහන දවසක් නැති තරම්

හිතට වහල්වීමි නිම්මි ඇයයි

මේ දවස්වල සිරස රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 7.30 ට විකාශය වන ‘සිතට වහල් වීමි’ බොහෝ ප්‍රේක්ෂකයන්ගෙ සිත් ගත් ටෙලි නාට්‍යයක්. එහි නිම්මිගෙ චරිතයට පණ පොවන ඩිනක්ෂි ප්‍රියසාද් ඒ තරමටම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් වෙලා. රූගත කිරීම් අතරතුර සිටි ඈ අප සමඟ කතාබහට එක් වුණා.

මොකද ඔය තරම් නපුරු?

මම ගැනද ඔය අහන්නෙ.

නැත්නම්?

මම ගැන ඔය විදියට නම් හිතන්න එපා.

එහෙම කියල බේරිලා යන්න ද හදන්නෙ?

මේ දවස්වල මට තියෙන ලොකුම ප්‍රශ්නය ඕක තමයි.

මොකක්ද?

හැමෝම අහන්නෙ මම ඔය තරමටම නපුරු ඇයි කියලමයි.

ඇත්තම කතාව ඒකද?

අපොයි නැහැ. ‘සිතට වහල් වීමි’ ටෙලි නාට්‍යයේ නිම්මිගේ චරිතය මගෙ රංගන ජීවිතය තුළ මට ලැබුණු එක් චරිතයක් විතරයි.

ඔය ඇත්තමද කියන්නෙ?

නැත්නම්. නිම්මිගෙ චරිතය නිසා මම කොහෙවත් යන්නෙ නැහැ. එක් අතකින් මට හරියට දුකත් හිතෙනවා.

ඒ මොකද?

මගේ ප්‍රේක්ෂකයො මං ගැන වැරැදි විදියට හිතන නිසයි.

ඒකෙන් එක දෙයක් පේනවා.

මොකක්ද?

හොඳට හිතලා බලන්න.

නිම්මිගෙ චරිත නිරූපණය හරිම සාර්ථකයි කියලද ඔය කියන්නෙ.

ඔයාට එහෙම හිතෙනවද?

මොහාන් නියාස් අංකල් මේ ටෙලි නාට්‍ය රූගත කරන මුල් දවස්වලම ඔය කතාව මට කිව්වා.

කවුද ඒ?

‘සිතට වහල් වීමි’ ටෙලි නාට්‍යයෙ අධ්‍යක්ෂවරයා. ඔහු තමයි මේ ටෙලි නාට්‍යයේ නිම්මිගෙ චරිතයට මාව තෝර ගත්තෙ.

ඒ කොහොමද?

මුලින්ම මම රඟපෑවේ ‘වස්සාන සිහිනය’ ටෙලි නාට්‍යයේ චාපාගෙ චරිතයයි. ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වුණා. අදත් බොහෝ ප්‍රේක්ෂකයන් මට කතා කරන්නෙ ‘චාපා’ කියලයි. මාව ඒ චරිතයට තෝර ගත්ත ජානක අංකල්ට වගේම උපුල් ශාන්ත සන්නස්ගල අංකල්ට මම ස්තුතිවන්ත වෙනවා. මොකද? මේ ටෙලි නාට්‍යයෙ කළ චරිතය නිසාම නිම්මිගෙ චරිතය මට ලැබුණා. ඒක නිසා මට දැනෙන්නෙ සතුටක්.

ඒ සතුටට තවත් හේතු තිබෙනවාද?

නිම්මි ගැන සිතන කොට ඒ සතුට දෝරෙ ගලා යනවා. නිම්මි කියන්නේ දම්මි කියන තම සහෝදරියට දැඩි සේ ආදරය කරන සොහොයුරියක්. ඒ දෙන්නගෙ අම්මා නෑ. තාත්තා රැකියාව කරන්නේ බොහොම ඈතක. ඔවුන් බලා ගන්නේ රූපා අම්මා. නිම්මිත්, දම්මිත් දෙන්නට දෙන්න හරිම ආදරෙයි. දම්මි හරිම බොළඳ චරිතයක්. එයා මේ බොළඳකම නිසාම අමාරුවේ වැටෙන අවස්ථාවන් බොහොමයි.

නිම්මි කරන්නෙ දම්මිව ඒ බොළඳකමින් ඈත් කරන එකද?

ඇත්තටම. මේ දවස්වල එයා බස් කොන්දොස්තර කෙනෙකුට ආදරය කරනවා.

ඔයා ඒකට කැමැති නෑ වගෙයි.

ඒ සම්බන්ධය අපේ පවුලට කොහෙත්ම ගැළපෙන්නේ නෑ.

හේතුව ඒක විතරමද?

එහෙමම නෙමෙයි. මගේ සහෝදරිය විවාහ වෙනවට මම කොහෙත්ම කැමැති නෑ.

ඇයි ඒ?

අම්මා නැති වුණදා ඉඳලා අපි දෙන්න හිටියෙ එකටමයි. එහෙම හිටිය අපි දෙන්නාගේ වෙන්වීම මට දරාගන්න පුළුවන් කියලද හිතන්නේ?

සැබෑ ජීවිතයෙදිත් ඔය වගේමද?

මට ඉන්නෙ නංගිලාම දෙන්නෙක්. ලොකු නංගි ශේෂාද්‍රි, පොඩි නංගි ශනුද්‍රියි. ඒ දෙන්නත් රඟපානවා. අපි හරිම එකමුතුයි. එහෙම කියලා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිද්ධ වෙන හොඳ දෙයකට මම අකුල් හෙළන්නේ නෑ.

ඔයාගෙ රංගනය ගැන එයාලා මොකද කියන්නේ?

පුංචි වරදක්වත් කරන්න බැහැ. අතන වැරැදියට ඔයා රඟපෑවා. තව එතන හොඳට කරන්න තිබුණා කියලා ඔවුන්ගෙන් මට ලැබෙන්නෙ විවේචන තමයි.හොඳක් අහන දවසක් නැති තරම්.

ඔය ඇත්තමද?

නැත්නම්. තාත්තා වුණත් විශේෂ යමක් කියන්නේ නැහැ. නමුත් ඔහු මම රඟපාන නාට්‍ය බලන බව දන්නවා. අම්මා ශිරාණි ප්‍රියසාද්. අපේ හැම කටයුත්තකටම උදව් වෙන්නෙ ඈ තමයි.

තාත්තගෙ දැනහැඳුනුම්කම් ප්‍රයෝජනවත් වෙන්න ඇති.

මුලින්ම ගිය සම්මුඛ පරීක්ෂණයේදී මම ඒ වග සඳහන් කළේ නැහැ. නමුත් ඔහු පස්සෙ දැනගෙන තිබුණා මම දිනේෂ් ප්‍රියසාද්ගෙ දියණියක් කියලා.

මේ දවස්වල කාලය ගත වෙන්නෙ?

හැම නාට්‍යයකම රූගත කිරීම් අවසානයි. ස්වර්ණවාහිනියේ ඉරිදා රාත්‍රී 8.30 ට ‘සඳගිරි පව්ව’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. ඊට අමතරව අලුත් අවුරුද්දෙ ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. නමුත් දින ප්‍රශ්නයක් නිසා මම ඒ ආරාධනාවලට තවම වචනයක් දුන්නේ නැහැ.

එහෙම හොඳද?

පෙබරවාරි, මාර්තු විතර වෙනකොට මගේ විභාගය පැවැත්වෙනවා.ඒ නිසා රඟපෑම් කටයුතුවලට වගේම ඒ කටයුතුත් මට බොහොම වැදගත්.

මොකක්ද මේ විභාගෙ?

මම ඉගෙන ගන්නෙ ඉංජිනේරු තාක්ෂණයයි. ඉතිං ඒකට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වෙයි. ඒකට අමතරව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙ ලේඛකත්ව සන්නිවේදනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා.

වැඩ ගොඩයි.

ඉදිරියේදී රංගන ශිල්පිනියක් වෙනවාට වඩා අධ්‍යක්ෂණය කියන අංශයට සිත යොමු කරන්නත් මම කැමැතියි. ඒ පිළිබඳව හොඳින් හැදෑරිය යුතුයි. ඒ නිසා වැඩ කටයුතු රාශියක් අතර අතරමං වෙන්නයි මට සිද්ධ වෙන්නේ.

- තිලානි ශානිකා විතානාච්චි

සේයාරූ – ටෙනිසන් එදිරිසිංහ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives