
වෝග් ජුවලර්ස් සහ සිරස ටීවි ආයතනය එකතු වී අපුර රියැලිටි වැඩසටහනකට මුලපුරා ඇත. “මංගල සිහිනය” නමින් නම්‍කර ඇති මෙය ලංකාවේ ප්‍රථම මංගල රියැලිටි වැඩසටහන වේ. එය මේ මාසයේ සිට සිරස ටීවි ඔස්සේ ඔබ හමුවට එනු ඇත.
මෙම වැඩසටහනින් මුළුමනින්ම නොමිලයේ මංගල උත්සව සදහා පැකේජ 12 ක් සහ රන්මාල 12 ක් බැගින් වසරේ එක් එක් මාසයේදී ලබා දෙන අතර එය මනාලියන් වීමට සිහින දකින ඔබට සුන්දර සිහිනයක් වනු ඇතැයි තම්බපන්නි අපිට හැගේ.
2011 වසරේ ජනවාරි මස සිට රාතී 7.30 ත් 9.00 ත් අතර සිරස ටීටි තිරය මත රන් මාලයක් පදර්ශනය කෙරේ. සිරස තිරස නමින් හැදින්වෙන මෙම ගුවන් කාලය තුළ “සිහින සිතුවම්”, “ගග අද්දර” සහ “වැහි පබළු සේල” යන පධාන ටෙලි නාට්‍ය තුන විකාශනය කෙරේ.
ඔබ කළ යුත්තේ මෙම මාලය දිස්වන වාර ගණන ගණන් කොට “මංගල සිහිනය” සිරස ටීවි තැ.පෙ. 929, කොළඹ යන ලිපිනයට තැපැල් කිරීම හෝ 7788 ට එස් එම් එස් කිරීමය. සෑම තැපැල් පතකම සහ එස් එම් එස් පණිවුඩයකදී 2011 වසරේ විවාහ වන යුවළකගේ නම සදහන් කළ යුතුය.
එයින් සෑම මාසයකදීම වාසනාවන්ත ජෝඩුවක් දිනුම් ඇදීමෙන් තෝරා ගනී.
ඔබගේ “මංගල සිහිනය” සිහිනයක් නොවී සැබෑවක්ම කරගන්න ඔබත් සිරස ටීවි සමග අත්වැල් බැදගන්න.
Post a Comment