Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

සම්පූර්ණයෙන් ම, වඩා නිවැරදිව කියන්නේ නම් බලවතුන්ට පමණක් සොයා ගත හැකි අන්දමින්, නිර්නාමික වීමට අවස්ථාව ලැබීම බ්ලොග්කරණයේ සුවිශේෂ තත්වයකි. ජනමාධ්‍යකරුවෝ ඈත අතීතයේ සිට ම පෑනේ නම් හා නිර්නාමිකත්වය භාවිතා කර තිබේ. එහෙත්, හුදකලා කැලෑ පත්තරකරුවකුට හැර සෙසු අයට පූර්ණ ලෙස නිර්නාමික වීමට බැරි විය. හේතුව, පූර්ව බ්ලොග් ජනමාධ්‍ය අවකාශයේ යම් ප්‍රතාශනයක් සන්නිවේදනය වන්නේ තවත් පුද්ගලයන් ගණනාවක් හරහා වීමයි. එම පුද්ගලයක් අතර එම ප්‍රකාශනය සම්බන්ධයෙන් නෛතික හා සදාචාරාත්මක වශයෙන් වගකීමට සිදු වන අය සිටිය හ. 


නිර්නාමික බ්ලොග්කරණය එහෙම නැත. එහි එක ම සීමාව අදාළ බ්ලොග් අවකාශය සපයන ආයතනයට බ්ලොගයේ අන්තර්ගතයේ ගැටලු පිළිබඳ පැමැණිලි ලැබීම නිසා බ්ලොග්කරුවාට බොහෝ විට අමතක, එහෙත් ඔහු (පුරුෂ) විසින් බ්ලොගය ආරම්භයේදී එකඟතාව පළ කරන ලද ගිවිසුමේ වගන්ති ප්‍රකාරව එම ආයතනය විසින් බ්ලොගය අත්හිටුවීමයි. 


අනෙක් පැත්තෙන් රජය හෝ වෙනත් එතරම් බලවත් ආයතනයකට යම් බ්ලොග්කරුවකුගේ හෝ බ්ලොගයක අදහස් පළ කරන්නකුගේ විස්තරයක් සොයා ගැනීමට අවශ්‍ය නම් එය පහසුවෙන් කළ හැකි ය. 


වගකිව යුතු මිනිසුන් අත බ්ලොග්කරණය යනු සුරුබුහුටි පුරවැසි මාධ්‍ය අවකාශයකි. අදහස් ප්‍රකාශනයේ නිදහසට එහි ඇති සීමා සෙසු මාධ්‍ය අවකාශයන්හි ඇති සීමාවලට වඩා අඩු ය.. මාධ්‍ය ආයතනවල කර්තෘ මාණ්ඩලිකයන් යනු මාධ්‍ය නිදහසේ ප්‍රධාන ම සතුරන් පිරිසකි. විකල්ප සන්නිවේදනයන් සඳහා ඔවුන් අවකාශය විවෘත කරන්නේ ඉතා මඳ වශයෙනි. බ්ලොග් සින්ඩිකේටර පරිපාලනය කරන්නන්ට ද මෙවැනි බලයක් ඇති මුත්, අන්තර්ජාලයේ බ්ලොගයක් ප්‍රවර්ධනය කරන්නට ඇති එක ම ක්‍රමය සින්ඩිකේටර නො වන නිසා ඒ බලය ද සීමා වේ. 


වගකීම් විරහිත බ්ලොග්කරණය ලංකාව වැනි රටකදී මාධ්‍ය නිදහස දැඩි පාලනයකට යටත්ව තිබෙන රටකදී බ්ලොග් අවකාශය මර්දනය කිරීම සඳහා පාලකයන්ට අත වනන ක්‍රියාමාර්ගයකි. 


අප මෙම සටහන තබන්නේ සිංහල බ්ලොග් අවකාශය එවන් තැනකට සේන්දු වෙමින් ඇති බව අපට පෙනෙන නිසා ය. 


අදහස් ප්‍රකාශනයේ නිදහස යනු 'ඕනැ කෙනෙකුට ඕනැ අදහසක් ප්‍රකාශ කිරීමේ නිදහස' නො වන බව අප වටහා ගත යුතු ය. අදහස් ප්‍රකාශනයේ නිදහස යනු මානව හිමිකම්, පුද්ගල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තුළ අරුත් ගැන්වෙන්නක් බව අප වටහා ගත යුතු ය. 


කිසියම් අදහස් ප්‍රකාශනයක් මෙම අවකාශය තුළ අරුත් ගැන්වෙන්නේ නැතිනම් එය සැබැවින් ම අන්තවාදයකි. අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම අදහස් ප්‍රකාශනයේ නිදහසට අදාළ වන්නේ නැත. 


සිංහල බ්ලොග් අවකාශයේ අන්තවාදී ප්‍රවණතා අලුත් ම දෙයක් නො වේ. විශේෂයෙන් ම ජාතිවාදී හා ආගම්වාදී උම්මත්තක අන්තවාදියෝ කලක සිට ම එහි රඟති. එහෙත්, කිසිවෙකු ඔවුන් සීරියස් ගන්නේ නැත.


එහෙත්, බුද්ධිමය ත්‍රස්තවාදය ලෙස හඳුනා ගත හැකි නව ප්‍රවණතාවක් සිංහල බ්ලොග් අවකාශයේ දැන් පැන නැඟී ඇත. වහෙන් ඔරෝ ඕනෑ නැත. අප මේ ලියන්නේ ඇනොනිමස් ආතල් නම් බ්ලොග් අඩවිය ගැනයි. 


නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ කේ.කේ. සමන් කුමාරගේ පාඨමාලාවට ද සහභාගි වන බව පෙනෙන මෙම බ්ලොග් අඩවියේ නිර්නාමික පරිපාලකවරයා එය යොදා ගන්නේ සිංහල බ්ලොග් අවකාශයේ නමින් පෙනී සිටින පුද්ගලයන් පිළිබඳ විවිධ දේ ලිවීමටයි. 


ඔහු (පුරුෂ) කිසි දිනෙක ආණ්ඩුව හා සම්බන්ධ බලවත් පුද්ගලයකු විවේචනය නො කරයි. ඔහුගේ ඉලක්ක වන්නේ සිංහල බ්ලොග්කරණයේ සජීවීව නියැලෙන තෝරාගත් ඇතැම් අයයි. ඔහු සහ ඔහුගේ අනුගාමික අදහස් ප්‍රකාශ කරන්නන් ද ඔහුට ප්‍රචාරය ලබා දෙන ටැබූ සබ්ජෙක්ට්ස් වැන්නන් ද නිරීක්ෂණයට ලක් කිරීමේදී දැකිය හැකි ලක්ෂණයක් වන්නේ ඔවුන් කරන මෙම කාර්යගේ අරමුණ ඉලක්ක පුද්ගලයන් භීතියට, ලජ්ජාව‍‍ට හෝ කලකිරීමට පත් කිරීම බවයි. ඒ ඔස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අඩපණ කළ හැකි යයි ඔවුන් සිතනවා ඇත. අප මෙම ප්‍රවණතාව පිළිබඳ සාකච්ඡා කරන්නේ අප එය මහා බැරෑරුම් දෙයක් ලෙස සලකන නිසා ම නො වේ. මෙම බ්ලොග්කරුවන් පාවිච්චි කරන භාෂාව කලින් සිටි ජාතිවාදී, ස්වෝත්තමවාදී අන්තවාදී උම්මත්තකයන්ගේ භාෂාවට වඩා ප්‍රගතිශීලී අන්දමින් පෙනී සිටින්නට උත්සාහ කරන නිසා ය. 


ඇනොනිමස් ආතල්හි මෙම ලේඛකයා පිළිබඳව ද ලිපියක් පළ විය. එහෙත්, මෙම ලේඛකයා වනාහි තමන් ලියන දෙය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නට බය, අන්තර්ජාලයෙන් මාංශ පේශි පුම්බන පරිගණක ක්‍රීඩා ඇනිමේෂන් චරිත පිළිබඳව සීරියස් ලෙස සිතන්නෙක් නො වේ. සොහොන්වල ගෙවල් හදන මිනිස්සු බය වනවා නම් බය විය යුත්තේ යක්කුන්ට ය. මෙවැනි නිවට බියසුල්ලන්ට නො වේ. 


බුදුන්ගේ සමයේ සිටි ත්‍රස්තවාදියකු වූ දේවදත්ත බුදුන් මරා බුදුබව ලබා ගැනීමට උත්සාහ දැරුවා සේ මොවුන් උත්සාහ දරන්නේ ක්‍රියාකාරී සිංහල බ්ලොග්කරුවන් පිරිසක් ඝාතනය කර පාඨක පිරිසක් දිනා ගැනීමයි. 


මොවුහු සැබෑ ඝාතනයක් කරන්නට තරම් ආත්ම ශක්තියක් ඇත්තෝ නො වෙති. ඔවුන් කරන්නේ අරූ කොටියා‍, මූ ජෙප්පා ආදී දේ කියා බළලුන් ලවා කොස් ඇට බාවන්නට ය. එහෙත්, ලංකාවේ මර්දන යන්ත්‍රය මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරද්දී මෙවැනි මෝඩයන්ගේ පදයට නො නටන බව අපි ඉතා හොඳින් දනිමු. 


මෙවැන් බුද්ධිමය ත්‍රස්තවාදයන් ද ලංකාවට ආගන්තුක නැත. මාතොට හා ලන්ඩන් සඟරා ඔස්සේ මෙවැනි ව්‍යාපෘතියක් දියත් විය. බුද්ධිමය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්ට පහර දී බිම දැමූ විට එම අවකාශය තමන්ට සින්න වේ යයි එදා එක්ස් කණ්ඩායම සිතුවේ ය. (ඔවුන් වෙනස් වී ඇති බව පවසන්නේ ඔවුන්ට හිමි ගෞරවය ලැබිය යුතු නිසා ය.) 


කොටි සංවිධානයේ ත්‍රස්තවාදය විසින් දෙමළ සමාජයට කරන ලද අනර්ථය වැනි ම වූ, සිංහල රාජ්‍ය ත්‍රස්තවාදය විසින් සිංහල සමාජයට කරන ලද අනර්ථය වැනි ම  වූ අනර්ථයක් බුද්ධිමය ත්‍රස්තවාදය විසින් ද බුද්ධිමය අවකාශයට කරනු ලැබේ. එයින් කිසිදු සාධනීය ප්‍රතිඵලයක් අත් වන්නේ නැත. 


සිංහල බ්ලොග්කරුවන් බ්ලොග් ත්‍රස්තවාදයට විරුද්ධ විය යුතු ය. 


(මතු සම්බන්ධයි.)

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives