Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


නෙත් එෆ්.එම්හි විකාශය වූ සම්පූර්ණ වැඩසටහන

මහනුවර ගාල්තැන්න බද්‍රකාලි අම්මාන් දේවාලයේ පසුගිය බදාදා (05) වනදා විශේෂ පුජාවක් පැවැත්වුනි.එහි අරමුණ ලෙස ප්‍රකාශ කොට තිබුනේ නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීමයි.

ඒ පසුගිය වසරේ නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද නොහොත් දේශ ශක්ති,දේශ බන්දු,විශ්වශක්ති,ගුප්ත විද්‍යා විශාරද, ලෝකචාරී, දේශාභිමානී ගුප්තවිද්‍යා චක්‍රවර්ති ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්දගේ සැබැ ස්වරුපය හෙළි කිරීම නිසයි.මාධ්‍ය මගින් අසරණ මිනිසුන්ට උදව්කරන බව පෙන්වුවද සැබවින්ම මොහු දේවාලය මුවාවෙන් කරන්නේ වංචාවකි.

තම සැමියා මැදපෙරදිග රැකියාවකට ගිය කාන්තාවක් විදෙස්ගතව සිටින සැමියාට සෙත් පැතීම සදහා ගාල්තැන්න දේවාලයට ගොස් ඇත.එහිදී දේවාලය ඇතුලට ගිය ඇයගෙන් ගාමිණි ආනන්ද අසා ඇත්තේ"පුල්ලෙත් එක්ක ඉන්න කැමතිද?" කියායි.ඇයට දේවාලය තුල සිදුවූ දේ කෙසේ වෙතත් ඇයට දේවාලයෙන් පිටතට එන්න සිදු වුයේ ඇගේ බ්ලවුසයේ බොත්තම් පියවමින්. 


එලෙස දේවාලය ඇතුලට යන කාන්තාවන්ට අතවර කරන,දේවාලයට එන පිරිමින්ට ගැහැනුන්ට අන්තිම පහත් ආකාරයෙන් බැණ වදින,ව්‍යාජ දෙවාරුදයක් මවාපාන මොහු තවමත් නිතියේ රැහැනට කොටු නොවී යහතින් සිටින්නේ මාධ්‍ය ආයතන කීපයක,දේශපාලකයන් හා පොලිසිය මොහුගේ මුදලට යට වීම නිසයි. 


නෙත් එෆ්.එම් විසින් ගාමිණි ආනන්දගේ නිරුවත හෙළි කරද්දී ස්වර්ණවාහිනිය විසින් ගාල්තැන්නේ දේවාලය මහා හාස්කම් ඇති දෙවොලක් ලෙස හදුන්වනු ලැබිය.එතනින් නොනැවතී සෝමා එදිරිසිංහගේ ජන සරණ මගින්ද විශාල ප්‍රචාරයක් දෙනු ලැබිණි.ප්‍රධානම කාරණය වන්නේ මොහුගේ දෙවොලට අපල සදහා පුජා කරන රත්තරන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ගෙන එන ලෙස පැවසීමයි.

මොහුගේ සහයට සිටින විශාලතම දේශපාලන බලවතා වන්නේ මර්වින් සිල්වා ඇමති තුමයි. ඒ මර්වින් සිල්වා විසින් ඉදිකරනු ලැබ ඔහුගේ භාරකාරත්වය යටතේ පවත්වාගෙන යන දේවාලයට ගාමිණී ආනන්දගේ සහය ලැබෙන නිසාවෙනි. 

ඔහුගේ වත්කම් පිළිබද ඔහු හෙළි කරන්නේ මේ ආකාරයටයි. 


"අද මා සතුව කෝටි 15 ක් වටිනා වත්කම් ඇති කෝටි 2 1/2 ක් වටිනා සුඛෝපභෝගී වාහන සතු සමාජයේ උසස් ප්‍රභූවරුන් පවා පිළිගන්නා චරිතයක් බවට පත් වී ඇත. මාගේ දියුණුවේ රහස වූයේ ඊර්ෂ්‍යව නොව උත්සාහයයි. බුදුන් දෙවියන් කෙරේ තිබුණු විශ්වාසයත්භක්තියත්,ගෞරවයත්ය. එදා හඳුන්කූරක්වත් විලදී ගැනීමට වත්කමක් නොතිබුණු මම අද කෝටි ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්මි."

කාන්තාවන්ට දෙවොල තුලදී කරන අතවර ගැන ඔහු පිළිතුරු දෙන්නේ තමා කිලෝ 6 ක් බරැති දඹ රන් පැළදගෙන සිටින බවත් එසේ පැළදගෙන සිටින විටදී බල්ලෙක්ට තියා පිස්සෙක්ටවත් කාන්තාවන්ට කිසිවක් කල නොහැකි බවයි.එසේ කල හැකි නම් ඔහු යෝධයෙක් බවද කියයි.

නෙත් එෆ්.එම් හා තමාට එරෙහිව ලිපි පලකල ලංකා පුවත් පුවත්පතට දේවකොපය ඇතිකිරීමට කල මෙම විශේහ්ස පුජාවෙන් අනතුරුව ඔහු"දැන් ඉතින් නෙත් රේඩියෝව ඉවරයි". යනුවෙන්ද පවසා ඇත. 

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives