Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ඒ පිලිබදව කිසිවක් නොදැන සිටි රත්නසිරි ඒ පිලිබදව ආරක්ෂකයන්ගෙන් විමසු අතර එහිදී ආරක්ෂකයන් කියා සිටියේ පාර වසා දම හෙයින් ඉදිරියට යා නොහැකි බවයි.ඉහල පෙලේ අමාත්‍යංශයක  ප්‍රබල ලේකම් කෙනෙකු ගමන් ගන්න නිසා මාර්ගය වැසූ බවද රත්නසිරි වික්‍රමනයකට දැනගන්නට ලැබුණි.


මිට සතියකට පමණ ඉහතදී රත්නසිරි වික්‍රමනායක මහතා රැගත් රථය සහ ඊට ආරක්ෂාව සැපයු තවත් රථ දෙකක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ගමන් ගනිමින් තිබිණි.නමුත් හදිසියේම රත්නසිරි වික්‍රමනායකගේ රථය නවත්වන්න සිදු වුයේ ආරක්ෂක අංශ මාර්ගය හදිසියේ වසා දැමීම නිසාය.

ඒ අනුව කෝපයට පත්වූ රත්නසිරි වික්‍රමනායක සිය ආරක්ෂක නිලධාරින්ද පුදුමයට පත්කරමින් නිල රථයෙන් බිමට බැස්සේය.ඉන් පසු පාර වසා දැමීමට කටයුතු කල ආරක්ෂක නිලධාරීන් වෙත ගොස් තම හිටපු අගමැතිවරයෙකු හා ආරක්ෂක ඇමතිවරයෙකු බවත් තමාට යාම සදහා මාර්ගය විවෘත කරන මෙන් ඉල්ලා සිටියේය.නමුත් ආරක්ෂක නිලධාරීන් කියා සිටියේ අදාළ ලේකම්වරයා ගමන් කරන විට කිසිදු කෙනෙකුට මාර්ගය විවෘත නොකරන මෙන් ඉහලින් නියෝග ලැබී ඇති නිසා එයට ඉඩ දිය නොහැකි බවයි.

ආරක්ෂක නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයෙන් දැඩි කෝපයට පත් රත්නසිරි උස් හඩින් "මම යනවා..පුළුවන් නම් වෙඩි තියනවා"යයි කියමින් සිය රථයට නැග වසා තිබු මාර්ගය බලෙන්ම විවෘත කරගෙන යන්න ගියේය.මෙම සිදුවීම රත්නසිරි වික්‍රමනායක මහතා පසුගිය දිනවලදී ආණ්ඩුව විවේචනය කරමින් කල කතාවලට එක් හේතුවක් විය.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives