Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

අතිශය ආකර්ෂණීය සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස කලා ලොවට පිවිසුණු ඇය අද සිය සිනමා ජීවිතයේ මෙන්ම සමාජ ජීවිතයේත් ප්‍රබලතම සන්ධිස්ථානයකට පැමිණ සිටියි.

සුන්දරත්වය, ජනප්‍රියත්වය ඉක්මවා ගිය ප්‍රවීණත්වය ඒ හා මුසුවූ පරිණත බව සහ පරිපූර්ණත්වය ඇගේ සිනමා රංගන ජීවිතයත් සමාජ ජීවිතයත් ඒකාලෝක කර ඇත්තේ අපූර්ව ලෙසිනි.

ඇය ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ අමිල මැණිකක් වන්නේ එබැවිනි. මෙරට සිනමා අඹරේ පෑයූ දීප්තිමත්ම තාරකාවිය ගීතා සමන්මලී කුමාරසිංහ තවත් අතකින් අපට සුවිශේෂී කාලකාරියක බවට පත්ව තිබේ.

ඒ සෑම නව වසරක් ආරම්භයේදී ම ගීතා ඇගේ සොඳුරු රුව සහිත දර්ශනීය සුවිසල් ප්‍රමාණයේ වෛවර්ණ කැලැන්ඩරයක් මුද්‍රණය කරනා බැවිනි.

අපේ ආදරණීය සිනමා තාරකාව ගීතා සමඟ යෙදුණු මේ පිළිසඳර දිගහැරෙන්නේ වසර විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ නොකඩවා මුද්‍රණය වන මෙම කැලැන්ඩරය පිළිබඳ ව සහ ලැබුවා වූ නව වසරේ ඇගේ නවතම තොරතුරු හා හා පුරා කියා ඔබ වෙත සමීප කරනා අරමුණෙනි.

සෑම නව වසරකදීම දර්ශනීය කැලැන්ඩරයක් මුද්‍රණය කර ජනතාව අතට පත්කරන මෙරට සිටින එකම කලාකාරිනිය ඔබයි. මෙවැනි දෙයක් සිදුකරන්නට අදහස් කළේ ඇයි?

මේ කැලැන්ඩරය මුද්‍රණය කරන්න පටන් ගත්තේ දැනට අවුරුදු 20කට පමණ පෙර සිටයි. මුල් කාලයේදී මේ කැලැන්ඩර් මුද්‍රණය ආරම්භ කළේ මගේ ‘රන්මළු’ ආයතනයේ සොයුරු සොයුරියන් වෙනුවෙන්. නව වසර ආරම්භයේ දී ම මගේ රුව සහිත දින දර්ශනයක් ඔවුනට තිළිණයක් ලෙස ලබාදුන්නා.මුල් කාලයේ එය තරමක් කුඩා ප්‍රමාණයේ කැලැන්ඩරයක් ලෙස තමයි මුද්‍රණය වුණේ.

පසුකාලයේදී මගේ රුව සහිත ඒ කැලැන්ඩරය ‘රන්මළු’ ආයතනයේ සොයුරු සොයුරියන්ට නැතිවම බැරි දෙයක් බවට පත්වුණා. මේ කැලැන්ඩරය වසරක් පාසාම ලබාදෙන ලෙස ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියා.

මෙයට ඔවුන්ගෙන් විතරක් නෙමෙයි මගේ ඥාතීන්, යහළු යෙහෙළියන්, රසික රසිකාවියන්ගෙනුත් විශාල ප්‍රතිචාරයක් ලැබුණා. අද වෙන කොට මගේ කැලැන්ඩරය ලෝකෙ රටවල් ගණනාවකටම යනවා. මොකද ලෝකෙ වටා ඉන්න මගේ ඥාතීන්, යහළු යෙහෙළියන්, රසික රසිකාවියන් මෙය ඔවුනට ලැබෙන කල් බලාගෙන ඉන්නවා. මේ හින්දම මට සෑම වසරකම කැලැන්ඩර් විශාල ප්‍රමාණයක් තැපැල්කර හරින්නට සිදුවෙනවා.

මේ දර්ශනීය කැලැන්ඩරය නිර්මාණය කිරීමේදී ඒ වෙනුවෙන් ඔබට සැලකිය යුතු පිරිවැයක් දරන්නට සිදුවෙනවා ඇති?

මේ එක කැලැන්ඩරයක් සඳහා රුපියල් දෙදහස් පන්සියයක් පමණ වැය වෙනවා. ඒ අනුව බලනකොට මේ සඳහා මට විශාල පිරිවැයක් දරන්න සිදුවෙනවා. මට ආදරය කරන රසික ජනතාවගේ ඉල්ලීම වෙනුවෙන් මෙවැනි දෙයක් නිර්මාණය කරන්නට හැකිවීම මට සතුටක්.

විවිධ පරිසර, විවිධ හැඩතල යොදාගනිමින් ඔබේ රුව විචිත්‍ර ලෙස මෙම කැලැන්ඩර්වල නිරූපණය වෙනවා. මේ ඡායාරූප ලබාගැනීම සිදුකරන්නේ කොහොමද?

මුල් කාලයේ දී ලංකාවේ ජනප්‍රිය තලයේ සිටින ප්‍රවීණ කැමරා ශිල්පීන් ගේ සහාය මේ සඳහා යොදා ගත්තා. ලංකාවේ විවිධ සුන්දර ස්ථානවල සිට මම ගත් ඡායාරූප මේ සඳහා භාවිතා කළා. පසුකලෙක මම විදේශයන්හි සංචාර සඳහා ගිය අවස්ථාවලදී ලබාගත් විවිධත්වයෙන් යුතු ඡායාරූප මේ සඳහා භාවිතා කළා. මේ වසරේ මුද්‍රණය කරන කැලැන්ඩරය සඳහා යොදාගත්තේ මම තායිලන්තයේ සිට ගත් ඡායාරූපයි.

කොපමණ කැලැන්ඩර් ප්‍රමාණයක් මුද්‍රණය වෙනවාද?

මේ වසරේ කැලැන්ඩර් තිස් දහසක් පමණ මුද්‍රණය වේවි. තවමත් ඒවා මුද්‍රණයේ පවතින්නේ.

පසුගිය වසර ඔබට අතිශය කාර්යබහුල වසරක් බවට පත්වුණා. ඒ ඔබත් දේශපාලන වේදිකාවට අවතීර්ණ වීම නිසා. අද වන විට ඔබේ දේශපාලන ජීවිතය මොන වගේද?

ඇත්තටම මම විශ්වාස කරනවා මිනිස්සු දේශපාලනයට පැමිණිය යුත්තේ ජනතා සේවයට ළැදිවයි කියන කාරණය. මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ගිය අයට වඩා වැඩි වැඩ කොටසක් අද වෙනකොට මම මගේ ජනතාවට සිදුකරනවා. සිදුකරමින් පවතිනවා. අද වෙන තුරු මම රජයෙන් කිසිදු වරප්‍රසාදයක්, සතපහක දෙයක් අරගෙන නැහැ.

අල්පෙනෙති තුඩක දෙයක් අරගෙන නැහැ. ඉල්ලලත් නැහැ. එනිසා මම මේ රජයට ණය නැහැ. මම ජනතාවට සේවය කරන්නේ මා උපයා ගත් දෙයින්. මම ඡන්දෙන් පැරදිලත් මගේ ජනතාවට එදා දීපු පොරොන්දුවලට වඩා ඊටත් වැඩියෙන් වැඩ කොටසක් අද වෙනකොට ඉටු කර දෙන්නට මට හැකිවෙලා තියෙනවා. මම මැතිවරණයෙන් පැරදුණාය කියලා අදටත් මම නම් විශ්වාස කරන්නේ නැහැ. මගේ ජනතාවත් එහෙමමයි.

මම මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමාව ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා.

අදටත් එතුමා මා කෙරේ විශ්වාසය තබලා බෙන්තර ඇල්පිටිය ප්‍රධාන සංවිධායක ලෙස එම ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න මට අවස්ථාව ලබාදීම පිළිබඳව.

ඔබ දේශපාලනයට පිවිසීමේ දී බලපෑ මූලික අරමුණ වුණේ කුමක්ද?

මූලිකම අරමුණ වුණේ මිනිසුන්ට උදව් කරන එක. බෙන්තර ඇල්පිටිය මගේ උපන් ගම. මම පාසල් ගියේ හැදුණේ වැඩුණේ මේ ගමේ.

මම කලාකාරියකට වඩා ජනතාවාදී ගැහැනියක ලෙස මගේ සහෝදර ජනතාවට වැඩ කරන්න කැමැතියි. මම සතියකට දවස් හතරක් පහක් අනිවාර්යයෙන්ම ඉන්නෙ ඇල්පිටියෙ ජනතාවත් සමඟ. 74000ක ජනතාවක් ඉන්න ආසනයක් එය.

ඒ ජනතාවගේ අවශ්‍යතා ඉටුකර දෙන්න අවුරුදු 20කින් ඒ ප්‍රදේශයට මන්ත්‍රී කෙනෙක් පත්වෙලා නැහැ. ඒ අසරණ, අහිංසක ජනතාව ඒ අඩුව මගෙන් පිරවෙයි කියා බලාපොරොත්තු වුණා.

ඒ ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන්න මම ඉඩදෙන්නේ නැහැ. ඒ ජනතාව වෙනුවෙන් සේවය කරන්නට මම නොපැකිළවම ඉදිරිපත් වෙලා අවසන්.

විශේෂයෙන්ම කාන්තාවන් දේශපාලනයට පිවිසීමේ දී සහ දේශපාලනයේ නිරතවීමේදී විවිධාකාරයේ මඩගැසීම් තර්ජන ගර්ජන සහ සිත් රිදීම්වලට නිතර ලක්වෙනවා. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති?

කාන්තාවක් දේශපාලනයේ නියැලීමේදී එල්ලවන මඩ ප්‍රහාර නම් අනන්තයි. නොයෙක් ප්‍රශ්න එනවා. මගේ ගැහැනුකමට අපහාස කරනවා. මොනවා හරි කතන්දරයක් හදන්න උත්සාහ කරනවා. බොරු චණ්ඩි, තර්ජන ගර්ජන මේ හැමදෙයක්ම මටත් එනවා. නමුත් ඒ කිසිම දෙයක් අභියස සසල වන ගැහැනියක් නොවෙයි මම. මම හැම අතින්ම ශක්තිමත් ගැහැනියක්.

ඔබේ ආදරණීය සැමියා, දියණිය ගැනත් කතා බහ කරමුද?

මගේ සැමියා වැඩිපුරම ඉන්නේ ස්විට්සර්ලන්තයේ. දියණිය දැන් ඇමෙරිකාවේ ලොයෙලා විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා.

ඇය එහි දෙවන වසරේ සිසුවියක්. ඇය ඉතිහාසය පිළිබඳ විශේෂඥවරියක් වීමටයි බලාපොරොත්තු වන්නේ. ඇත්තටම ඇය ඉතාම හොඳයි කියා කියන්න පුළුවන් දියණියක්.

තුෂාරි වික්‍රමසිංහ

ඡායාරූපය – සුදම් ගුණසිංහ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives