Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


රජය හා ජනාධිපතිතුමා සමඟ ඇති වෛරයෙන් රට පාවා නොදෙන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.
රජය පෙරළිමට හෝ රජයට විරුද්ධව චෝදනා කිරීමට අපොහොසත් එක්සත් ජාතික පක්ෂය තම අරමුණු විදේශිකයින් ලවා හෝ ඉටු කර ගැනීමට උත්සාහ දරන බව හෙතෙම පෙන්වා දෙයි. "කරූ ජයසුරිය මහතා අයිලන්ඩ් පුවත්පතට කර ඇති ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ එයයි. පුවත්පතෙහි ශිර්ෂ පාඨයෙහි සටහන් ව ඇත්තේ තමාගේ වචන නොවන බවට ජයසුරිය මහතා ප්‍රකාශ කළ ද රටට ද්‍රෝහී විමේ චෝදනාවෙන් ගැළවිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රටට වගකියන ජාතික නායකයින් ලෙස හා රටේ ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ යුතුකම වන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු ව ඇත්තේ එල්ටීටීඊයෙන් පමණක් බව ප්‍රකාශ කිරීමයි. එය කරනවා වෙනුවට වත්මන් විපක්ෂය දෙමළ ඩයස්පෝරාවන්ගේ හා ශ්‍රී ලංකාවට එරෙහි විදේශීය බලවේගවල අවශ්‍යතා ඉටුකරමින් සිටින බව වීරවංශ මහතා අවධාරණය කරයි.
අයිලන්ඩ් පුවත්පතට කර ඇති ප්‍රකාශය මඟින් රටට ද්‍රෝහි වනවා පමණක් නොව දිවි හිමියෙන් මාතෘභූමිය ආරක්ෂා කළ වීරෝධාර රණවිරුවන්ව ද පාවා දී ඇතැයි හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් විදේශ බලවේග මෙන්ම දෙමළ ඩයස්පෝරාවන් ද මෙවැනි ප්‍රකාශ නිකුත් කරන තුරු බලා සිටින බවත් එම අරමුණු ඉටුකර ගැනීමට ඉඩ සලසා නොදෙන ලෙසත් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හා හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives