Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


අපේ සංගීත ක්ෂේත්‍රයේ දීප්තිය විහිදුවමින් දැල්වුණු පහනක් පසුගියදා සදහටම නිවී ගියා. ඔහු ගායකයකු වශයෙන්, සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් වාදකයකු වශයෙන් ආදී වූ විවිධ භූමිකා තුළ සිය කුසලතා ප්‍රකට කරමින් බැබළුණේය. එහෙත් පසුගිය සතියේ එක් දුක්බර සැඳෑවක මේ සියලු භූ®මිකාවලින් මිදී ඔහු දෙව්මව් තුරුලේ සැතපුණේ ය.

ග්‍රේෂන් ආනන්ද නම් වූයේ ය.

කන්ද උඩරට සෙංකඩගල පුරවරයෙන් කොළොම් තොටට පැමිණි ග්‍රේෂන් ගේ ජීවිතය දෙස විමසිල්ලෙන් බලන කල අනාගයට ගත හැකි පාඩම් බොහෝ ය.

බොරැල්ල කනත්තේ පැවැති අවමංගල උත්සවයේදී ප්‍රවීණ ගී පද රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අපූරු කතාවක් ඔහු වෙනුවෙන් පැවැත්වූයේ ය. ග්‍රේෂන් සමඟ දීර්ඝ කාලීනව ඉතා ළඟ මිතුරු ඇසුරක් පවත්වාගෙන ගිය ඔහු පසුගිය දිනෙක මට මුණ ගැසුණේ ලේක්හවුස් ආයතනයට ගොඩ වූ මොහොතක දී ය.

ග්‍රේෂන් අපෙන් නික්ම ගොසිනි. එහෙත් ඔහුගේ මරණය අපට කතා කරන්නට බොහෝ දේ ඉතිරි කළේ ය. අපට ඉගෙන ගන්නට බොහෝ පාඩම් ඉතිරි කළේ ය. මේ ඒ පිළිබඳ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් දැක් වූ අදහස් ය.

ග්‍රේෂන් ආනන්ද ඉස් ඉස්සරලම සමන් චන්ද්‍රනාත් හට මුණ ගැසී ඇත්තේ ඔහු පැරැණි ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සේවය කරන අවදියේ දී ය. එවකට ඔහු සුළු සුළු සංගීත කටයුතුවලට සම්බන්ධව සිටි අයෙකි. ඉන් පසු ග්‍රේෂන් බොහෝ දුර ගමනක් ගිය තරුණයෙක් වූයේ ය. බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් වුණත් ග්‍රේෂන් පියානෝ වාදනය පිළිබඳ ලන්ඩන් උපාධිධරයෙකි.

“ග්‍රේෂන් ආනන්ද ගේ මරණය මේ රටේ සිනමා වංශ කතාවේ ගායනය පිළිබඳ වූ දෙවැනි මරණය විදියට මම දකිනවා. පළමු වැනි මරණය වුණේ එච්.ආර්. ජෝතිපාලයන් ගේ මරණය. හැබැයි බොහෝ දෙනා ග්‍රේෂන් ගැන කියන්නේ ඔහු ජෝතිපාලට පසුව නැගී සිටියා කියලා. ඒත්, සත්‍යය ඒක නෙවෙයි. ග්‍රේෂන් නැගිට්ටේ ජෝති ඉන්දැද්දි. ඒ කාලේ වෙන කාටවත් එහෙම නැගිටින්න පුළුවන් වුණේ නෑ.

එවකට චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිරූපය වූ ජෝතිපාලයන් සමඟ එක්ව ගීත ගයමින් ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගාගත් ග්‍රේෂන් ආනන්ද ගේ අකල් වියෝව ගැන නොයෙක් දෙනා නොයෙක් අදහස් පළ කරන්නට පටන් ගත් බව කාටත් නොරහසක්. බොහෝ දෙනා ඔහුගේ මධුවිත පානය පිළිබඳ වැඩිපුර කතාබහට ලක් කළා. එහෙත් ඊට සාපේක්ෂව මධුවිත සමඟින් ම ඔහු මේ ක්ෂේත්‍රයට කළ මෙහෙවර පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතු නේදැයි නොයෙක් වර අපට සිතුණා.

“ඔය කියන ග්‍රේෂන් ආනන්ද සරල ලෙස ආපු, SMS වලින් සුපිරි තරුවක් වුණ කෙනෙක් නෙවෙයි. ඔහු සදාකාලික බබළන දීප්තිමත් සුපිරි තරුවක්. මම පැහැදිලි ලෙස ම කියන්නේ ජෝතිපාලට කළා වගේ ග්‍රේෂන්ට තව ටික දවසකින් දෙවැනි වර කියැවීමක් කරන්න එපා කියලයි. මුලින් කරන්න බැරි වුණ දේ පස්සට කරලා වැඩක් නෑ. ග්‍රේෂන් ගේ මරණේ දවසේ මම කිව්වා.

ග්‍රේෂන් ආනන්ද විතරක් නොවෙයි ස්ටැන්ලි පීරිස්, තවමත් ජීවතුන් අතර ඉන්න සරත් ද අල්විස් වැනි අය ගැන මේ රටේ විශ්ව විද්‍යාල අධ්‍යාපන පරිපාටිය තුළ පරිච්ඡේදයක් නොවෙයි වාක්‍යයක් වත් නෑ. එතකොට එතැනින් ලබා ගන්න විචාරය සහ දැනුම බිංදුවයි. නමුත් ජනතාව ඊට වඩා ඉස්සරහට ගිහින් ඒ අයව පිළි අරන් තිබෙනවා. සංගීතය හා ගායනය පිළිබඳ නිසි විචාරයක් නැතිවීම නිසා ග්‍රේෂන් ලා සම්මන්ත්‍රණ වල මාතෘකා නොවෙයි. ග්‍රේෂන් නැතුව චිත්‍රපටි කිරීමේ අසීරුතාවක් තිබෙනවා.

ග්‍රේෂන් මධුවිතට පෙම් කළ බව මුළු රටම දන්නා කාරණාවක්. එහෙත් ඒ වෙනුවෙන් ඔහු කලාවට කළ මෙහෙය අවතක්සේරු කළ හැකි ද? ඔහුගෙන් හිස් වූ හිදැස වෙනත් කෙනකුට පිරවිය හැකි ද? ග්‍රේෂන් නික්ම ගියේ එවන් හිදැසක් ඉතිරි කර ය.

“ඇත්තම කියනවා නම් ග්‍රේෂන් විතර ද බිව්වේ. ඒ කාලේ ජෝතිපාලටත් ඔය චෝදනාව තිබුණා. වෙන බොන අය නැත්ද? කලාකරුවකු ගේ හොයන්න ඕන ඔහු බිව්ව ඩ්‍රෑම් ගණන ද? එහෙම නැත්නම් ඔහු කලාවට කළ මෙහෙයද? ඩ්‍රෑම් ගණන හොයන අයත් අඩියක් ගහල තමයි හොයන්නේ. ඔය විදියට කතා කරන කොට බීමත්කම තමන්ගේ ජීවිත කෙටි වෙන්න උදව්වුණු කලාකරුවන් හිටියෙ නැද්ද? මහගමසේකරට බීමත්කම ජීවිතයට බාධාවක් වුණේ නැත්ද? ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහට බාධාවක් වුණේ නැත්ද? සයිමන් නවගත්තේගමට බාධාවක් වුණේ නැත්ද? කරුණාකර කලාකාරයෝ ගැන කතා කරත්දී බීපු ප්‍රමාණය ගැන කතා කරන එකෙන් වළකින්න. මේ මරණයත් එක්ක අපි කතා කළ යුත්තේ ඔහුගේ බීමත්කම ගැන නොවෙයි.

මිය යන මොහොත වන විටත් ඔහුට නිවෙසක් තිබුණේ නෑ. ග්‍රේෂන් මිය ගිය ආරංචියට ඔහුගේ පුතාට මම කතා කළා. ඔහු එකපාරටම කිව්වේ අනේ සමන් අන්කල් තාත්තව අපි තියන්නේ කොහෙද? කියලයි ඇහුවේ.

ග්‍රේෂන් ආනන්දගේ දක්ෂතා ගැන කතා කළොත් ඔහු ඉතා දක්ෂ වාදකයෙක්. ගායකයෙක්. හොඳ ගී තනු නිර්මාණ ශිල්පියෙක්. ග්‍රේෂන්ට බටහිර වගේ ම දේශීය සංගීතය ගැනත් හොඳ දැනුමක් තිබුණා. ඒකට හොඳ උදාහරණයක් තමයි එඩ්වඩ් ජයකොඩි ගයන ‘තෙදිනි විරාජ’ ගීතයේ ගී තනුව සහ සංගීතය. ඒක ග්‍රේෂන්ගේ. ඒ වගේ කලා කරුවන්ට මේ වගේ සලකන එක හරි නෑ.

මේ රටේ කලාවේ නාමයෙන් ආණ්ඩුවෙන් ගෙවල් දොරවල් අරගත්තු සමහර කලාකාරයෝ ඒවා විකුණුවා. ඒ විකුණනකොට එහෙම කෙනෙක්වත් ග්‍රේෂන් ආනන්දට විකුණුවේ නෑ. ග්‍රේෂන් ගේ මිනිය තියන්න ගෙයක් තිබුණේ නෑ. මේ ආරංචිය ජනාධිපතිතුමාට ලැබුණට පස්සේ එතුමාගේ මැදිහත්වීමෙන් තමයි ග්‍රේෂන්ගේ අවසන් කටයුතු කෙරුණේ.

හේමාලි විජේරත්න

සිළුමිණ-රසදුන ලිපිය

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives