Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

අලුත් බව කියන්නේ අපි හැමෝමත් අපේක්‍ෂා කරන වෙනසක්‌. මේ වෙනස තුළින් ජීවිතය අලුත් කරගන්න අපි වගේම ජනප්‍රිය තාරකාවනුත් සැලසුම් හදනව ඇති. ඔබට එහෙම හිතෙනව නම්…. අපි ඇගෙන් මෙහෙම ඇසුවා…
මොනවද කාංචානා අලුත් අවුරුද්දෙ කරන්න හිතාගෙන ඉන්නෙ.
“විශේෂ සැලසුමක්‌ නැහැ. රංගනය පැත්තෙන් හොඳ චරිත ලැබුණොත් පවුලේ කටයුතුවලට බාධාවක්‌ නොවන විදිහට සැලසුම් කරගෙන ඒවා කරන්න බලාපොරොත්තූවෙන් ඉන්නවා. මොකද මගේ පුතාගේ වැඩවලට තමයි මම මුල්තැනක්‌ දීල තියෙන්නෙ. මම පුතාව තනිකරල රඟපෑම වෙනුවෙන් වෙන්කරන කාලය හොඳ දෙයක්‌ වෙනුවෙන් වෙන්න ඕනැ කියලයි මම තීරණය කරල තියෙන්නෙ.

අලුත් වසරේ අපේ ප්‍රේක්‍ෂකයන් කාංචනාගේ රංගනයන් දකින නිර්මාණ මොනවද?

“පසුගිය කාලයේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගැන නිර්මාණය වුණ “සිංහාවලෝකන” කියන චිත්‍රපටයේ ආරාධිත රංගනයක යෙදුණා. මේ දවස්‌වල අනුරුද්ධ ජයසිංහගේ ටෙලි නාට්‍යයක පුහුණුවීම්වලට සහභාගි වෙනවා. ඒක මට නාට්‍ය හා රංග කලාව ඉගැන්වූ නෙවිල් ද සිල්වාගේ නිර්මාණයක්‌. “ධර්ම සංග්‍රාම” නම් වේදිකා නාට්‍යය ලබන මාසෙ මීගමුව නගර සභා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්වේ.
රංගන දිවියෙහි යම්කිසි දුරස්‌වීමක්‌ වෙලා කියල කාංචනාට දැනෙන්නෙ නැද්ද?
“එහෙම නැහැ. මම කවදත් ලැබෙන දෙයකින් සෑහීමකට පත්වෙන කෙනෙක්‌, මම අවුරුදු දොළහෙ ඉඳන් රඟපානව. සමහරු අහනව මම නිෂ්පාදනය අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්නෙ නැත්තෙ ඇයි කියල. කව්රුවත් දෙයක්‌ කළාට මම ඒ දේ කරන්න උත්සාහ කරන්නෙ නැහැ. ඕනෑම දෙයක්‌ ජීවිතයේ සිද්ධ වෙන කාලයට ඉඩදීලා ඉවසීමෙන් බලා ඉන්න මට පුළුවන්.
නමුත් ඔබ කාලයක්‌ පුංචි තිරයේ ජනප්‍රියම තාරකාව. රංගනයෙන් මෙලෙස ඈත්වීම ඔබේ සිතට සැනසීමක්‌ කියල අපට නම් හිතෙන්නෙ නැහැ.
“විවාහයත් එක්‌ක ජීවිතයේ සිද්ධවුණ වෙනස මට අසතුටක්‌ නොවෙයි. කාලයක්‌ තිබුණ, මම එක වැඩක්‌ ඉවරවෙලා ගෙදර එන්නෙ තවත් නිර්මාණයකට යන්න. ඇත්තටම මම පවුලේ බාලයා. අම්මල අක්‌කල මට රංගන කටයුතු වලට අවශ්‍ය උපරිම නිදහස හදල දීලා තිබුණ. මට ජීවිතයේ ලොකු බරක්‌ වගකීමක්‌ තිබුණේ නැහැ. ඒත් මම දැන් මවක්‌, බිරිඳක්‌. මම දැන් ජීවත්වෙන්නේත් ඒ වගකීම් දරාගෙන.
ඔබේ සැමියා තවමත් ලංකාවේ නැහැ. තරුණ බිරිඳක්‌ විදිහට මේ දුරස්‌වීම ඔබ දරාගන්නේ කොහොමද?

“ඇත්තටම පසුගිය කාලයේම රොෂාන් ලංකාවෙ හිටියෙ නැහැ. නිවාඩුවකට ලංකාවට ඇවිත් ගියා විතරයි. ඈත්ව හිඳීම ගැන හිතේ පුංචි දුකක්‌ නැතිව නොවෙයි. ඒත් මට හොඳට ඉවසීම තියෙන කෙනෙක්‌, රොෂාන් ළඟ නැති වුණත් මගේ අම්ම වගේම රොෂාන්ගේ අම්මයි තාත්තයි මට දරුවෙක්‌ වගේ සලකනව. දුරක හිටියත් රොෂාන්ගේ ආදරය ලැබෙනව. මට ජීවිතයේ ලොකු අඩුවක්‌ විදිහට මේ දුරස්‌ බව මට දැනෙන්නෙ නැහැ.

මේ දුරස්‌වීම හොඳ දෙයක්‌ නෙවෙයිනෙ. ජීවිතය විඳින්න ඕන තරුණ වයසෙ ඔබ දෙදෙනා දෙපලක…..
“ලබන වසරෙදී අපි තුන්දෙනා එකම වහලක්‌ යට ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. එක්‌කො මමයි පුතයි ඒ රටට යනව. නැතිනම් රොෂාන් ලංකාවට එනවා. ඒ දෙකෙන් එකක්‌ සිද්ධ වේවි.
කාංචනාට හිතුණෙ නැද්ද ක්‍ෂේත්‍රයේම කෙනෙක්‌ එක්‌ක විවාහ වෙන්න.
“ක්‍ෂේත්‍රයේ අය මට මගේ සහෝදරයො වගේ, මම ඒ අය එක්‌ක ඇසුරු කළේ ඒ විදියට. මගේ ජීවිතයේ මම කවදාවත් නළුවෙක්‌ එක්‌ක ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වල නැහැ.
මෑත කාලයේ අපේ තරුණ නිළියන් බොහෝ දෙනෙක්‌ විවාහ වුණේ විදේශවල පදිංචි ලාංකික තරුණයන් සමග. කාංචනාත් විදේශගත තරුණයෙක්‌ සමග ප්‍රේමයක පැටලෙන්න විශේෂ වූ හේතුවක්‌ තිබුණද?

“එහෙම විශේෂයක්‌ තිබුණෙ නැහැ. විදේශයක හෝ ලංකාවේ පදිංචි වේවා මට වැදගත් වුණේ මාව තේරුම් ගත්ත මට ආදරය කරන පුද්ගලයෙක්‌ සමග විවාහ වෙන්නයි. රොෂාන් කියන්නෙ උගත් කමක්‌ තියෙන හොඳ මනුස්‌සයෙක්‌. එතනින් එහාට මුදල් හෝ වෙන තරාතිරම මට අදාළ වුණේ නැහැ.

ගත වූ අවුරුද්ද දිහා ආපසු හැරුණම කාංචනාට දැනෙන හැඟීම මොකක්‌ද?
ඇත්තටම සතුටුයි. මේ වෙත්දි ජීවිතයේ සතුටු විය හැකි දේවල් බොහෙමයක්‌ මගේ දිවියට ලැබිල තියෙනවා. නිළියක්‌ විදිහට උනත් හොඳ නිර්මාණ වගේම. ජනප්‍රියත්වයත් මට අඩුවක්‌ නැතිව ලැබුණ. අද වෙත්දි මම මගේම කියල ගෙයක්‌ දොරක්‌ හදාගෙන කිසියම් ස්‌ථාවරයක ඉන්නව. ජීවිතයේ නිසි කල විවාහ වෙන්න මට හොඳ කෙනෙක්‌ ලැබුණ. ඒ වගේම මවක්‌ වීම තමයි කාන්තාවක්‌ ජීවිතයේ ලබන ඉහළම සතුට. අද මම ඒ සතුට මගේ පුතා නිසා අත්විඳිනව.
ඉතින් ජීවිතයක්‌ දෙස සුබවාදීව බැලීම තරම් දෙයක්‌ තවත් කොයින්ද. ඇයට වගේම ඔබටත් ජීවිතයේ සුබවාදී සිහිනයන් 2011 වසර වෙනුවෙන් පතමින්ම අපි ඇයට සමුදුන්නා.
ධම්මිකා සුරංජි පතිරණ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives