Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

* පිරිවැටුම මිලියන 570326ක්

* ප්‍රාග්ධනය බිලියන 2210ක්

* මිල දර්ශකය ඒකක 6635ක්

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ ලෝකයෙන්ම දෙවැනි තැනට

ජගත් බ්ලූම්බර්ග් වාර්තාව කියයි

කොටස් වෙළෙඳපොළ වර්ධනය අනුව පසුගිය වර්ෂය අවසන් වන විට ලෝකයේ දෙවැනි හොඳම කොටස් වෙළෙඳපොළ බවට කොළඹ කොටස් වෙළෙඳපොළ පත්ව තිබේ. සෑම මිල දර්ශකයකම අගය ඉහළ යමින් කොළඹ කොටස් වෙළෙඳපොළ මේ තත්ත්වය කරා ඉතා පහසුවෙන් ළඟා වී ඇතැයි ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව පසුගිය 2009 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 142462.6ක්ව පැවැති කොටස් වෙළෙඳපොළ පිරිවැටුම පසුගිය 2010 වර්ෂය අවසන් වන විට එම අගය රුපියල් මිලියන 570326.8 දක්වා ඉහළ ගොස් ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් ‘දිනමිණ’ ට පැවැසුවා ය.

වර්ෂයක කාලයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙන අතර එය කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම වර්ධනය බවද ඇය සඳහන් කළා ය. තවද සාමාන්‍ය දෛනික පිරිවැටුමේ අගය ද ඉහළ යමින් 2009 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 593. 6ක්ව පැවැති අගය 2010 වර්ෂය අවසන් වන විට රුපියල් මිලියන 2396.6ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මුළු ගනු දෙනු සංඛ්‍යාව 1266299 සිට 3355126 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එම ප්‍රකාශිකාව කීවා ය.

මේ අතර කොටස් වෙළෙඳ පොළ වර්ධනය අතින් ලොව දෙවැනි හොඳම කොටස් වෙළෙඳපොළ බවට පත් වූ කොළඹ කොටස් වෙළෙඳපොළ 2009 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 1091 .1 ක්ව පැවැති වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය 2010 වර්ෂය අවසන් වන විට රුපියල් බිලියන 2210.5ක් බවට පත්ව තිබේ.

2009 වර්ෂයට සාපේක්ෂව ඒකක 3250.3ක වර්ධනයක් පෙන්නුම් කළ සියලු කොටස් මිල දර්ශකය 2010 වර්ෂය අවසන් වන විට ඒකක 6635.9 ක් ද පෙන්නුම් කරන අතර මිලංකා මිල දර්ශකය ඒකක 3212.1ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 7061.5 ක් දක්වා වර්ධනය වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා විදේශීය ආයෝජකයන් වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සඳහා පෙළඹීම මේ වර්ධනයට බලපා ඇතැයි ද ඇය වැඩි දුරටත් කීවා ය.

දිනමිණ පුවත්

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives