පුවත්පත් සාකච්චාවකට එක්වූ රංජිත් කුරුප්පු මහතා කියා සිටියේ ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයට යොදා ‘විජය කුවේණි’ කතාව සිනමාවට නැගිමට උත්සාහ ගන්න බවකි.
ඔබ හින්දි සුපිරි නළු ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයට යොදා ‘විජය කුවේණි’ පුරාවෘත්තය සිනමාවට නැඟීමටත් අදහස් කරගෙන සිටිය නේද?
පැරිසියේ පැවති අන්තර්ජාතික චිත්‍රපට උලෙළක දි මට යුරෝපීය චිත්‍රපට නිෂ්පාදකවරයකු මුණ ගැසුණා. ඔහු බොලිවුඩ් චිත්‍රපටවලට සුවිශේෂ ඇල්මක් දක්වන්නෙක්. මා මගේ මේ යෝජනාව ඔහුට ඉදිරිපත් කළා. ශාරුක් ඛාන් මේ චිත්‍රපටයේ රඟපෑමට කැමැති නම් ඔහු සූදානම් ඒ චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන්න. ඒත් මේ සඳහා අපේ රටෙන් මට සහයෝගයක් නොලැබුණු නිසා මා තරමක කලකිරීමකිනුයි ඉන්නේ.
ඇයි සහයෝගයක් නොලැබුණයි කියන්නේ?
මට මේ සම්බන්ධයෙන් සිනමාවට අදාළ එක් ආයතනයක බලධාරියකු හා කතා කළා. කතා කළා විතරක් නෙමෙයි ගිහිල්ලා මුණ ගැසුණා. මම මගේ ව්‍යාපෘතිය පිළිබඳ ලිපි ගොනුව ඔහුට භාරදුන්නා . එහෙත් ඊට පස්සේ ඔහු මගේ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නේ නැහැ.
Post a Comment