හෙද ව්‍යවස්ථා සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අතර මත ගැටුම් ඇති වී තිබේ. එම මත ගැටුම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා ගමන් වර්ධනය වී ඇති බව වාර්තා වේ.
වෛද්‍යවරුන්ට අමතරව අනෙක් රෝහල් කාර්ය මණ්ඩලය ද මෙම හෙද ව්‍යවස්ථාවට විරෝධය පළ කර සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා ප්‍රකාශ කළේය.
එහෙත් හෙද සේවාව බිඳ වැට්ටවීම සඳහා වෛද්‍ය සංගමය මෙවැනි චෝදනා එල්ල කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම හෙද ව්‍යස්ථාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ලබන බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ කමිටු රැස්වීමක් ද කැඳවා තිබේ.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සිදු කරන මෙම ක්‍රියාවට එරෙහිව අද(05) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජයන්ත විමලසිරි මහතා ප්‍රකාශ කළේය.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment