රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුට අයත් ඩිෆෙන්ඩර් රථයක්, දියවන්නා ඔය අසල ප්‍රධාන ජල නලය මතට පෙරළීමෙන් ජල නලයට සිදුවූ හානිය හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබේ. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය ගෙනයන ප්‍රධාන නල මාර්ගයට මෙසේ මෙම අනතුරින් හානි සිදුවී ඇත.
අද රාත්‍රී 9 දක්වා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලැබේ. ඒ අනුව බොරැල්ල, ජාවත්ත, තුම්මුල්ල, හැව්ලොක් පාර, තිඹිරිගස්යාය, පොල්හේන්ගොඩ, පාමංකඩ, වැල්ලවත්ත, බම්බලපිටිය හා නුගේගොඩ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
එමෙන්ම කිරුළපන -නුගේගොඩ මංසන්ධිය, අත්තිඩිය, මුල්ලේරියාව, බඩෝවිට, කළුබෝවිල, කොහුවල, දෙහිවල -ගල්කිස්ස, රත්මලාන, කොහිලවත්ත හා උඩුමුල්ල යන ප්‍රදේශ වලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment