කොළඹ කොටස් වෙළඳ පොල මේ වසරේ ලැබූ ඉහළම පිරිවැටුම ඊයේ (04) වාර්තා කළා. ඊයේ (04) දිනය අවසානයේ දී එය සටහන් වූයේ රුපියල් බිලියන 12 යි දශම 5 ක් ලෙසයි. කෙසේ වෙතත් පසුගිය සතියට සාපේක්ෂව ඊයේ (04) දිනයේ කොටස් වෙළඳ පොලේ දක්නට ලැබුණේ අවගමනයක්. සියලූ කොටස් මිල දර්ශකය ඒකක 58 යි දශම 08 කින් පහළ ගිය අතර එය ඒකක 7089 යි දශම 6 ක් ලෙස දිනය අවසන දී සටහන් වුණා. මිලංකා මිල දර්ශකය පහළ ගියේ ඒකක 41 යි දශම 4යි 6 කින්. ගනුදෙනු අවසානයේදී එය ඒකක 7787 යි දශම 5 යි 8ක් ලෙසයි සටහන් වුනේ. හැටන් නැෂනල් බැංකුව, බ්රවුන්ස්, ලංකෙම් සිලෝන් සහ කලෝනියල් මෝටර්ස් යන සමාගම්වල කොටස් ඊයේ (04) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා. ඊට අමතරව එයිට්කන්ස්පෙන්ස්, කාසන්ස් කම්බබැජ්, එල්.බී. ෆීනෑන්ස් සහ ජෝන් කීල්ස් යන සමාගම්වල කොටස් මිල පහළ වැටුණා.
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment