සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා දෙහිඅත්ත කණ්ඩිය ප්රදේශයේ පෙත්සමක් අත්සන් කරමින් සිටි පිරිස් පලවාහරින්නට පොලීසිය විසින් කටයුතු කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
තමන් මහජන පෙත්සමක් අත්සන් කරමින් සිටියදී පොලීසිය විසින් අවස්ථා දෙකකදීම බාධා පැමිණවූ බවත්,අවසානයේ පිරිස් පලවාහරින්නට කටයුතු කළ බවත් දෙහිඅත්තකණ්ඩිය ප්රදේශීය සභාවේ ප්රාදේශී ලේකම් ජේ.බී රන්දෙණිය මහතා පවසයි.
මෙම පිරිස් කඩාකප්පල්කාරී ලෙස හැසිරුණු බවත්,ආණ්ඩුවට එරෙහිව ජනයා කුපිත කිරිමට ඉඩදිය නොහැකි බැවින් සාමය ආරක්ෂා කිරීමට මෙම පිරිස් විසුරුවා හරින්නට කටයුතු කළ බව දෙහිඅත්තකණ්ඩිය පොලීසිය පවසයි.
(පුවත් අනුග්රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment