සුදු කොඩි ප්රකාශය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පනවා ඇති නඩුව අද යළි විභාග කිරීමට නියමිතය. දීපාලි විජේසුන්දර මහත්මිය ප්රමුඛ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙනු ඇත.
අද දින සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් අදාළ පුවත්පතේ කතෘවරියට සහ එහි ප්රකාශකට අධිකරණය පසුගියදා නියෝග කර තිබුණි. විත්තිකාර සරත් ෆොන්සේකා මහතා අසනීප තත්ත්වයෙන් පසු වු බැවින් පසුගිය සතියේ නඩු විභාගය අවස්ථා දෙකකදී කල් දැමුණි.
වන්නි යුද ගැටුම් අවසානයේදී සුදුකොඩි රැගෙන රජයට භාරවු එල්.ටි.ටි.ඊ. නායකයින් ආරක්ෂක ලේකම්වරයාගේ නියමයෙන් මරා දැමු බවට චෝදනා කරමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පුවත්පතකට කළ ප්රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.
(පුවත් අනුග්රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment