පහවසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ. පෙරවරුවේ පවතී මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා ඒ පිලිබඳ දැනුම් දී ඇත. ඒ අනුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සංජුල කල්හාන් එදිරිසිංහ ලකුණු 196 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇතැයි විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා පවසයි.
ශිෂ්‍යයෝ තුන්දෙනෙක් ලකුණු 194 බැගින් ලබාගෙන දෙවන ස්ථානයට පත්ව සිටිති. හොරගස්මුල්ල ප්‍රථමික විද්‍යාලයේ නවීන් යසංක, මීගහතැන්න ප්‍රථමික විද්‍යාලයේ කැළණි පබසරා සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ලකිත් නවෝද්‍ය ඔවුන් තිදෙනායි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට පෙරවරුවේ සිට කොළඹ සහ කෝට්ටේ අධ්‍යාපන කලාප වල පාසල් වලට ලබාගත හැකිය. පිට පළාත් වල පාසල් සඳහා ප්‍රතිඵල ලේඛන පස්වරුවේ තැපෑලට භාර දීමට නියමිතය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට දහවල් අන්තර්ජාලයට නිකුත් කෙරෙන බව අනුර එදිරිසිංහ මහතා කියා සිටී
Post a Comment