ක්‍රෙඩිට් කාඩ් වංචාවක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයෙන්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
මොවුන් වෙනත් පුද්ගලයෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පතක් යොදා ගෙන භාණ්ඩ මිල දී ගෙන ඇති බව සිදු කළ පරීක්ෂණ වල දී අනාවරණය වී තිබේ.
පිටකොටුව සහ මරදාන පොලිස් ස්ථාන වලට අනුයුක්තව සේවය කළ මෙම නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
පරීක්ෂණ නිම වන තුරු මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර තිබේ.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment