දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලූ මිල ගණන්වල විශාල වෙනසක් සිදු වී නොමැති බව, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පවසනවා. කන්ද උඩරට ප්‍රදේශයෙන් ලැබෙන එළවලූවල මිල ගණන් රුපියල් 70ත් - 110ත් අතර, පවතින බවයි කළමනාකරණ භාරය සඳහන් කළේ. පහතරට ප්‍රදේශවලින් ලැබෙන එළවලූවල මිල ගණන් සුළු පහත වැටීමක් දක්නට ලැබුණා. මෑකරල්, වම්බටු, දඹල, කැකිරි වැනි එළවලූවල තොග මිල ගනන් සටහන් වූයේ රුපියල් 12ත්, 45ත් අතරයි. පාරිභෝගික සේවා අමාත්‍යාංශය විසින්, මිල ප්‍රදර්ශනය කරන ලෙසට, පනවා ඇති නීතිරීති සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඇතැම් වෙළඳුන් මිල ප්‍රදර්ශනය කරන නමුත්, සමහර කඩ හිමියන් මිල ප්‍රදර්ශනයක් සිදු කරන්නේ නැහැ. මේ නිසා, නියමිත මිල ගණන්වලට එළවලූ ලබාදීමට නොහැකි වී ඇති බවයි කළමනාකරණ භාරය පවසන්නේ.
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment