රාත්‍රී කාලයේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම තහනම් කරමින් ලබා දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලිහිල් කර තිබේ.
සංගීත ශිල්පීන් පිරිසක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම ලිහිල් කිරීම සිදු කර තිබේ.
මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් මත රාත්‍රී 10.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම තහනම් කරමින් හිටපු අගවිනිසුරුවරයා ප්රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් නියෝගයක් නිකුත් කර තිබුණි.
මේ හේතුවෙන් තම වෘත්තීය කටයුතු වලට දැඩි අසාධාරණයක් සිදු ව ඇතැයි සංගීත ශිල්පීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිකුරාදා සහ සෙනසුරාදා දින වල සංගීත සංදර්ශන පවත්වන්නේනම් පසුදින අලුයම 1.00 දක්වාත් ඉරිදා දිනවල රාත්‍රී 12 . 30 දක්වාත් සංගීත සංදර්ශන සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා දී තිබේ.
යුද්ධය අවසන් වී ඇති බැවින් ජනතාවට නිදහස භුක්ති විදීමට ඉඩ තිබිය යුතු යැයි ප්‍රකාශ කරමින් අධිකරණය මෙම සහන ලබා දී ඇති බව සඳහන්වේ.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)

Post a Comment