සෑම මව්පිය යුවළකගේම පැතුම නීරෝගී දරු සම්පතකි. එමෙන්ම එම දරුවා නීරෝගී සම්පන්නව ඇතිදැඩි කොට යහපත් පුරවැසියකු කොට රටදැයට පිදීමය.
මෙය දිනකින්, වසරකින් කළ හැකි දෙයක් නොවේ. ඒ කෙසේ වුවත් දරුවා නීරෝගී සම්පන්නව මෙලොව එළිය දැකීමටත් ඔහු/ඇයව නීරෝගී සම්පන්නව ඇති දැඩි කර ගැනීමට විශේෂයෙන් මවද නීරෝගී සම්පන්නව සිටිය යුතුය. ඒ නිසා යහපත් පුරවැසි පරපුරක් ඇති දැඩි කිරීමට නම් දියණියක මෙලොව එළිය දුටු දා සිට ඇයව නීරෝගි සම්පන්නව රැකබලා ගැනීමට වැඩිහිටියන් ක්‍රියාකළ යුතුය.
මන්ද යහපත් අනාගතයක් වෙනුවෙන් දරුවන් ඇති දැඩි කරන ඇය මුලිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවිය යුතුය.
ඒ කෙසේ වුවත් පසුගිය ලිපිය තුළින් අප ඔබේ අවධානය යොමු කළේ ගර්භනී මවකගේ පෝෂණය කෙසේ විය යුතුද යන්න පිළිබඳවයි.
අද අප ඔබට පැහැදිලි කරන්නේ කිරිදෙන මවකගේ පෝෂණය කෙසේ විය යුතුද යන්න පිළිබඳවයි.
නීරෝගීව දරුවකු ඇති දැඩි කර ගැනීමට නම් එම දරුවාට මාස හයක් මව් කිරි දිය යුතුය.
එහෙත් බොහෝ මව්වරු පළමු මාස හතර ගත වන්නටත් පෙර තමාට කිරි නැතැයි පවසමින් දරුවාට කිරි දීම මගහැර වෙනත් ආහාර ඔහුට/ඇයට දීමට උත්සාහ ගන්නවා.
නිසි ප්‍රමාණයට දරුවාට මව්කිරි නොලැබීම මගින් ඔහුගේ ඇයගේ කායික මානසික වර්ධනයට යම් බලපෑමක් ඇතිවේ. ඒ හෙයින් මව නීරෝගි සම්පන්නව සිට දරුවාට ප්‍රමාණවත් මව් කිරි දීමට සෑම මවක්‌ම සැලකිලිමත් විය යුතුය. මෙය දරුවා ප්‍රසූතියෙන් පසු නොව දියණියක බිහිවූ දා සිටම ඇගේ පෝෂණය ගැන සැලකිලිsමත් වෙමින් නීරෝගි සම්පන්නව ඇතිදැඩි කිරීම අවශ්‍යය. විශේෂයෙන්ම දැරියක වැඩිවියට පත්වූ දා සිටම ඇගේ පෝෂණය උසස් මට්‌ටමකින් පවත්වා ගත යුතුය. ගර්භනී සමයේදී එය ඊටත් වඩා සැලකිලිමත් විය යුතුය.
ඇතැම් අය ගර්භනී මවක් දෙදෙනෙකුට සරිලන්නට ආහාර ගත යුතු යෑයි කියනවා ඔබත් අසා ඇතිවාට සැකයක් නැහැ. ඇත්තටම දෙදෙනෙකුට ආහාර ගත යුත්තේ කිරිදෙන මව්වරුය.
මෙහිදි දෙදෙනකුට සරිලන සේ ආහාර ගන්න යෑයි කියන්නේ ආහාර ප්‍රමාණය වැඩිපුර ගත යුතු බව නොවේ. නිසි පෝෂණයෙන් යුතු ආහාර ගත යුතු බව අමතක නොකළ යුතුය.
ගර්භනී සමයේ අදාළ මාතෘ සායන වලදී ලබාදෙනු ලබන කැල්සියම් විටමින් ආදිය විසි නොකර ලබාදෙන වෛද්‍ය උපදෙස් මව භාවිතයට ගත යුතුය.
දරුවා මොලොවට බිහිවූ සැනින්ම පාහේ (දෙදෙනාටම අනතුරුදායක තත්ත්වයක් නොමැතිනම්) දරුවාට මව් කිරීදීම පටන් ගත යුතුය.
කිරිදෙන මව්වරුන්ට දරු ප්‍රසූතිය වූ අලුත ඇතැම් වැඩිහිටියන් බඩේ තුවාල ඇතැයි පවසා බර ආහාර ගැනීමට ඉඩ නොදී තැම්බුම් හොදි කිරිහොදි වැනි දෑ සමග බත් ආහාරයට දෙයි. මෙහිදී බර ආහාර ලෙස ඔවුන් හදුන්වන්නේ බොහෝ විට, මස්, බිත්තර මාළු වැනි පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරය.
සැබවින්ම මෙසේ කිරිදෙන මව්වරුන්ගේ ආහාරවේලට සීමා මායිම් පැනවීම සුදුසු නොවේ. මන්ද මවගේ ශරීරයට ශක්‌තිජනක ආහාර අවශ්‍යය. එම ශක්‌තිය දරුවාට කිරි දෙන මවකට අත්‍යවශ්‍යය.
බොහෝ මව්වරු ගර්භනී සමයේ ස්‌ථුල තත්ත්වයට පත්වෙයි. ඇතැම්විට එසේ ස්‌ථුල තත්ත්වයට පත්වන්නේ ඇය ගනු ලබන පෝෂ්‍යදායි ආහාර නිසා විය හැකියි.
දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට මෙවැනි මව්වරුන්ගේ ස්‌ථුලතාවය ක්‍රමයෙන් අඩුවී යයි. ඒ දරුවාගේ වැඩ ගේදොර වැඩකටයුතුවල නිරතවීමෙන්. එහෙත් ස්‌ථුලතාවය පාලනය කිරීමටය කියා ආහාර පාලනයේ යෙදීම අන්‍යවශ්‍යය. එය කිරිදෙන මව්වරු තරයේම මතක තබාගත යුතුය.
මස්, බිත්තර, මෙන්ම කැල්සියම් අඩංගු හාල්මැස්‌සන්, කුඩා මාලුද පලාවර්ගද දෛනිකව ආහාර වේලට එකතු කර ගැනීමට කිරිදෙන මව්වරු සැලකිලිමත් විය යුතුය.
ඇතැම් වැඩිහිටියන් සමහර ආහාර උෂ්ණ ආහාර සීතල ආහාර ලෙස වර්ග කර ඉන් දරුවාටද යම් යම් බලපෑම් ඇතිවන බව පවසා ඒවා කිරිදෙන මව්වරුන්ගේ ආහාර වේලෙන් ඉවත් කරයි. එසේ අවශ්‍ය නොවේ එහෙත් කිසියම් හේතුවක්a නිසා මවට යම්යම් ආහාර අසාත්මික වේනම් එවන් ආහාර නොදී සිටීම යහපත්ය. ඇතැම් විට කෙලවල්ලෝ බලයා හුරුල්ලෝ වැනි මාළු වර්ගඅසාත්මික විය හැකියි. ඒ අයුරින්ම වෙනත් ආහාර නිවිති බණ්‌ඩක්‌කා වැනි එළවළුවද කෙනෙකුට අසාත්මික විය හැකියි. තවද ගස්‌ලබු අන්නාසි වැනි පලතුරුද අසාත්මික විය හැකියි. එය කිරිදෙන මවකට පමණක් නොව ඕනෑම අයකුට ඇති විය හැකි තත්ත්වයකි. යම් යම් අයට යම් යම් ආහාර අසාත්මිකතාවයන් ඇති වන්නේ ඔවුන්ගේ ශරීරයේ ඇති යම්කිසි ක්‍රියාකාරීත්වයක් නිසා විය හැකියි.
ඒ කෙසේ වුවත් කිරිදෙන මව්වරු තමන්ට ගුණ අගුණ ආහාර මොනවාද යන්න මුලින් වටහා ගෙන එම ආහාර ඉවත්කර දෛනික ආහාර වේල සමතුලිත, සමබරව ගැනීමට කල්පනා කාරි විය යුතුය. එසේ කිරීමෙන් මවට දරුවාට ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් සිය සිරුර තුළ නිපදවා ගත හැකිය.

Post a Comment