එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ විදේශ බලපත්‍ර වල ව්‍යාජ වීසා ඇතුළත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
නොර්වේ තානාපති කාර්යාලයේ වීසා නිලධාරියා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන් වේ.
රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් දැනුම් දී ඇත්තේ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් බලපත්‍ර 4ක ව්‍යාජ වීසා පවතින බවට තානාපති කාර්යාල නිලධාරීයා විසින් කළ පැමිණිල්ලේ සඳහන් වන බවයි.
මෙම ව්‍යාජ වීසා පිළිබඳ කැමරුන් දේශයෙන් වාර්තාවක් ලබා ගෙන එය රජයේ සැක කටයුතු ලේඛන පරීක්ෂකවරයා ලවා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
අදාළ කරුණු සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන ජනවාරි මස 10 වනදා ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කර ඇත.
(පුවත් අනුග්‍රහය අදදෙරන වෙබ් අඩවිය)
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment