පාතාලයේ කුඩු රජා ලෙස අනුවර්ත නාමයෙන් හුන්වාගත් දෙමටගොඩ කමල් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වෙයි. සැකකරු හංවැල්ලේදී අත් අඩංගුවට ගැනින.
ඔහු සඟවා තිබු අවි යුධ තොගයක් සොයා ගැනීමට දිද්දෙණිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදී දෙමටගොඩ කමල් පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමග උත්සහ ගත්තේය. එහිදී පොලිසිය එල්ල කල වෙඩි ප්‍රහාරයකින් මෙම පාතාලයේ ප්‍රබල සාමාජිකයා බරපතල තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
තුවාල ලැබූ පාතාලයේ කුඩු රජ නොහොත් දෙමටගොඩ කමල්, අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා ලක්හඬට පැවසීය. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වෙයි.
පාතාලයේ කුඩු රජ හෙවත් දෙමටගොඩ කමල් පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ බවට හෙළිව තිබේ. දරුණු ගනයේ අපරාධ ගණනාවක් මෙහෙයවූ දෙමටගොඩ කමල් ප්‍රබල මත්කුඩු ජාවරම්කරුවෙකි
Post a Comment