ශ්‍රීපාද අඩවිය
1940 වසරේදී අභයභූමියක් බවට පත් කළ ශ්‍රීපාද අඩවිය, සංරක්‍ෂණය කිරීමේ අවශ්‍යතාව මත 2007 වසරේදී එහි හෙක්‌ටයාර් 12979 ක් ස්‌වභාව රක්‍ෂිතයක් බවට පත් කළ අතර, ශ්‍රීපාද පද්මය, එහි ළඟා විය හැකි මාර්ග පද්ධතිය යනාදිය ඇතුළත්ව තවත් හෙක්‌ටයාර් 9400 ක් අභයභූමිය ලෙසම පවතී. ශ්‍රී ලංකාවේ උසින් හතරවැනි ස්‌ථානයේ ලා ගැනෙන (උස මීටර් 2243) සමනල කඳු මුදුන මීට අයත්වන අතර (ශ්‍රීපාද පද්මය), ශ්‍රීපාද අඩවිය රත්නපුර, නුවරඑළිය හා කෑගල්ල දිස්‌ත්‍රික් තුනට අයත්වේ.

දුම්බර (නකල්ස්)
නක්‌ල්ස් යනුවෙන් පොදු ව්‍යවහාරයේ තිබුණ ද මෙම වනාන්තරය දුම්බරයි. නකල්ස් එහි එක් කඳුවැටියක් පමණි. මාතලේ සහ මහනුවර දිස්‌ත්‍රික් දෙකට අයත්වන මෙහි ප්‍රමාණය හෙක්‌ටයාර් 21000 කි. 2000 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරය වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු මෙහි අඩි 100-6248 දක්‌වා විහිදුණු කඳුවැටි සංකීර්ණයකි. ජෛව විවිධත්වයෙන් අනූන මෙම වනාන්තරයට ශ්‍රී ලංකාවේ උසින් වැඩිම කඳු 10 අතරට ගැනෙන ගොම්බානීය (උස මීටර් 1904) හා නකල්ස් (උස මීටර් 1862) කඳු පිහිටයි.
සිංහරාජය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ලෝක උරුම වනාන්තරයයි. හෙක්‌ටයාර් 11187 කින් සමන්විත මෙම වනාන්තරය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌ක වල පිහිටා ඇත. 1978 දී යුනෙස්‌කෝ ආයතනය මගින් ජාත්‍යන්තර මිනිසා සහ ජෛව ගෝල රක්‍ෂිතයක් ලෙස ද නම්කොට ඇති මෙය 1988 දී ජාතික උරුම වන භූමි පනත මගින් ජාතික උරුමයක් ලෙස ද, එම වසරේදීම යුනෙස්‌කෝව මගින් ලෝක උරුමයක් බවට ද පත් කරන ලදී.
හෝර්ටන්තැන්න
හෙක්‌ටයාර් 3160 කින් සමන්විත හෝර්ටන්තැන්න 1988 දී ජාතික වනෝද්‍යානයක් බවට පත් කරන ලදී. සුවිශේෂී දේශගුණික හා සුවිශේෂී භූගෝලීය පිහිටීමකින් සමන්විත අගනා පරිසර නිකේතනයක් වන හෝර්ටන්තැන්න තුළ ශ්‍රී ලංකාවේ උසින් දෙවැනි තැන ගන්නා කිරිගල්පොත්ත (උස මීටර් 2389) හා උසින් තෙවැනි තැන ගන්නා තොටුපළකන්ද (උස මීටර් 2357) පිහිටා ඇත. අයත් වන දිස්‌ත්‍රික්‌කය නුවරඑළියයි.
දැන් ශ්‍රී ලංකාවේ ලෝක උරුම වනාන්තර ගණන හතරක් දක්‌වා වැඩිවී තිබේ. ශ්‍රීපාද අඩවිය, හෝර්ටන්තැන්න, නකල්ස් හෙවත් දුම්බර වනාන්තරය ඉකුත්දා බ්‍රසීලයේදී පැවැති යුනෙස්‌කෝ සමුළුවේදී ලෝක උරුමයන් බවට ප්‍රකාශයට පත් කෙරුණු අතර, මෙතෙක් පැවැති ලෝක උරුම වනාන්තරය වන "සිංහරාජය" ද සමග මෙසේ අප රටේ ලෝක උරුම වනාන්තර හතරක් ප්‍රකාශයට පත්වීම රටේ අභිමානයට හේතුවකි. හිටපු පාරිසරික හා ස්‌වාභාවික සම්පත් කටයුතු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ යෝජනාවක් අනුව කැබිනට් අනුමැතිය ලබාගෙන මෙසේ මෙම වනාන්තර තුන යුනෙස්‌කෝ ආයතනයට ලෝක උරුම බවට පත් කිරීමේ යෝජනාව ගෙනඑන ලදී. එA අනුව එකලම යුනෙස්‌කෝ සංවිධානයේ විශේෂ කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ දින තුනක් තුළ දුම්බර, හෝර්ටන්තැන්න හා ශ්‍රීපාද අඩවිය අධ්‍යයනයට ලක්‌කර තම නිර්දේශය යුනෙස්‌කෝ සංවිධානය වෙත ලබාදී තිබූ අතර, වත්මන් සංස්‌කෘතික කටයුතු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උද්යෝගයේ ප්‍රතිඵලයක් ද ලෙස ඉකුත්දා මෙසේ ලෝක උරුම බවට ප්‍රකාශ කිරීමේ නිවේදනය නිකුත් කෙරිණි. අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල පූජා නගර ද, මහනුවර - දළ¹ මාළිගාව, සීගිරිය හා ගාලු කොටුව ද ඇතුළුව එA අනුව ශ්‍රී ලංකාවේ සමස්‌ත ලෝක උරුමයන්ගේ ගණන දහය (10) දක්‌වා ඉහළ නගී.
දුම්බර වනාන්තරය, හෝර්ටන් තැන්න, ශ්‍රීපාද අඩවිය හා සිංහරාජය සැබවින්ම මේ රටේ සංරක්‍ෂණය කළ යුතු ප්‍රමුඛස්‌ථානයේ ලා ගැනෙන වනාන්තර හතර වේ. මේවා දැන් ලෝක උරුමයන් බවට පත් වුවද, දේශීය වශයෙන් සලකා බැලූ කල තවදුරටත් මිනිස් ක්‍රියාකාරකම්වලින් ඉවත්කොට සංරක්‍ෂණය කළ යුතු වනාන්තර බවට පත්විය යුතුය. එනම්, ශ්‍රී පාදස්‌ථානය වනසත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනතට අනුව කොටසක් අභය භූමියක් හා ඉතිරිය ස්‌වභාව රක්‍ෂිතයක් බවට පත් කර ඇති වනාන්තරයකි. හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයක් වන අතර, එහි ඇති ශ්‍රී ලංකාවේ දෙවැනි හා තෙවැනි උසින් යුතු කඳුවැටි වන කිරිගල්පොත්ත හා තොටුපළකන්ද ජල පෝෂිත වනාන්තරවලින් යුක්‌ත වුවද දැඩි ස්‌වාභාවික රක්‍ෂිත දක්‌වා සංරක්‍ෂණ අතින් ඉහළ දමා නැත. නකල්ස් හෙවත් දුම්බර හා සිංහරාජය සංරක්‍ෂිත වනාන්තර වේ. විශේෂයෙන්ම නකල්ස් වනපෙතේ පවතින කඳු 34 ක් අතරින් ජල පෝෂිත අතින් ඉතාමත් වැදගත් හා ලංකාවේ උසින් වැඩිම කඳු දහය අතරට ගැනෙන ගොම්බානීය හා නකල්ස් ද දැඩි ස්‌වභාවික රක්‍ෂිත තත්ත්වයට පත් කළ යුතුය. සිංහරාජය ද සංරක්‍ෂිත වනාන්තර හා ජාතික උරුම වනාන්තර යන දෙආකාරයක නීතිමය තත්ත්වයකින් සංරක්‍ෂණය වන නමුත් මේ සියලු වනාන්තරවලට හානිදායක වන අයුරින් නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් සිදුවෙමින් පවතී.
මෙම වනාන්තර හතර අතරින්, සාපේක්‍ෂව සලකා බැලූ කල හෝර්ටන්තැන්න හොඳින්ම සංරක්‍ෂණය වන වනාන්තරයයි. ජාතික වනෝද්‍යානයක් වන මේ සඳහා අනවසරයෙන් ඇතුළුවීම තහනම් කටයුත්තකි. වනජීවී අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ විශේෂ අවසරයක් වශයෙන් ඇතුළුවීමට බලපත්‍රයක් ලෙස ටිකට්‌පතක් ලබාදීම සිදු කෙරේ. එසේම වනෝද්‍යානයක සීමාවේ සිට කිලෝමීටරයක් දක්‌වා කිසිදු ඉදිකිරීමක් තහනමට ලක්‌වන බැවින් හා හෝර්ටන්තැන්න තවදුරටත් ඉහළ කඳුකර වනාන්තර පද්ධතියකට සීමා වන බැවින් එහි ආරක්‍ෂාව බොහෝදුරට සහතික වී ඇත. ශ්‍රීපාද අඩවියේ ආරක්‍ෂක තත්ත්වය දෙවැනි තැනට ගැනෙන නමුත්, පසුගිය කාලයේදී ශ්‍රීපාද අඩවිය ආශ්‍රිතව බලවතුන්ගේ හා ධනවතුන්ගේ නීති විරෝධී අවන්හල්, නිවාඩු නිකේතන ඉදිවීම පිළිබඳ වාර්තා පළ කරන්නට අපට සිදුවිය.
ලෝක උරුමයන් වුවත් අප රටේ දැඩි ලෙසම තර්ජනයට ලක්‌වෙමින් පවතින වනාන්තර දෙකක් ලෙස දුම්බර (නකල්ස්) හා සිංහරාජය හඳුන්වා දිය යුතුය. මෙම සංරක්‍ෂිත වනාන්තර, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන අතර (ශ්‍රීපාද අඩවිය හා හෝර්ටන්තැන්න අයත් වනුයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටයි) වනාන්තර සීමාවෙන් අභ්‍යන්තර ප්‍රදේශය වන ආඥ පනතින් ආරක්‍ෂා වන නමුත්, ජාතික වනෝද්‍යානයක් සේම සංරක්‍ෂිත වනාන්තරයක ද සීමාවේ සිට කිලෝමීටරයක් තුළ තහනමට ලක්‌කොට ඇති සියලු ආකාරයේ ඉදිකිරීම් සැලකිල්ලට නොගෙන මේ වන විටත් ධනවතුන්ගේ හා බලවතුන්ගේ හෝටල්, අවන්හල්, හා නිවාඩු නිකේතන රැසක් ඉදිකර ඇත්තේ නීති විරෝධී අයුරිනි. සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශයේ, එනම් හිමිදිරි පෙදෙස නොහොත් මෝනිංසයිඩ් ප්‍රදේශය මෙසේ බලවත් ලෙස අනවසර ඉඩම් භාවිතය හේතුවෙන් විනාශයට ලක්‌වෙමින් පවතී. සිංහරාජ වනාන්තරයට එක්‌කර ගැනීමේ අදහසින් රාජ්‍ය වැවිලි සමාගම් මගින් හා පෞද්ගලිකව වැවිලි හිමිකරුවන්ගෙන් 1972 දී රජයට පවරාගෙන ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂම යටතේ පවතින ඉඩම් වැඩි ප්‍රමාණයක මෙසේ අනවසර ඉදිකිරීම් හා අර්තාපල් ඇතුළු වැවිලි සිදු කෙරෙමින් පවතී. මෙසේ පැරැණිම ලෝක උරුම වනාන්තරය වන සිංහරාජය අවටින් පමණක් රජයට, නොහොත් සිංහරාජ වනාන්තරයේ වපසරිය පුළුල් කිරීම සඳහා ගාල්ල, මාතර හා රත්නපුර දිස්‌ත්‍රික්‌කවලින් පවරාගත යුතුව ඇති ඉඩම් කට්‌ටි ප්‍රමාණය 16 කි. හෙක්‌ටයාර් ප්‍රමාණය 2484 කි.
ලෝක උරුම වනාන්තර අතරින් අද දැඩි ලෙසම තර්ජනයට ලක්‌ව ඇති වනාන්තරය දුම්බර හෙවත් නකල්ස් වනපෙතයි. මහවැලි ගංගාවෙන් මධ්‍යම කඳුකරයෙන් වෙන්වී, මහනුවර හා මාතලේ දිස්‌ත්‍රික් දෙකේ හෙක්‌ටයාර් 21,000 ක් පුරා පැතිර පවතින මෙම වනාන්තරය ශ්‍රී ලංකාව මධ්‍යයේ හුදකලාව පවතින්නේ එA වටාම මිනිස් ජනාවාසවලට මැදිවය. සිංහරාජය මෙන්ම දුම්බර වනාන්තරයේ ද වපසරිය පුළුල් කිරීම සඳහාත් වනාන්තරයේ පැවැත්ම හා මහවැලි නදියේ 30% ක ජල පෝෂණ ජල මූලාශ්‍ර මෙන්ම, ඉදිවෙමින් පවතින මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිවල 90% ක ජල පෝෂණ ජල මූලාශ්‍ර ආරක්‍ෂා කරනු සඳහා එA වටා පිහිටි පැරැණි වතු ඉඩම්, (දැන් බොහෝමයක් මුඩු වූ තේ වතු හා ඇතැම් එAවා ඝනව වැඩුණු වනාන්තර ඉඩම් වේ.) රැසක් වනාන්තරයට පවරාගත යුතු බවට හඳුනාගෙන හිමිකරුවන්ට නිවේදන නිකුත්කොට තිබිණි. මෙම ඉඩම් නකල්ස් රක්‍ෂිත වනාන්තරයේ ප්‍රේරත කලාපය තුළ පවතින අතර, 2007 දී මධ්‍යම පරිසර අධිකාරිය මගින් පනවන ලද පරිසර ආරක්‍ෂණ කලාපය තුළ පිහිටා ඇත. එA අනුව පරිසර පනත මගින්ද, මෙහි පවතින බෑවුම් සහිත බව සලකා පස් සංරක්‍ෂණ පනත (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) මගින් ද නීතියෙන් ආරක්‍ෂා වන ඉඩම් අද දේශපාලන බලවතුන්ගේ, ධනවතුන්ගේ හා ඇතැම් ආරක්‍ෂක අංශ ප්‍රබලයන්ගේ ද බලපුළුවන්කාරකම් මත හෝටල්, අවන්හල් හා නිවාඩු නිකේතන බවට පත්වන වනාන්තර කලාපයක් බවට පත්ව ඇත. මේ නිසා අද නකල්ස් වනාන්තරය දැඩි තර්ජනයට ලක්‌ව ඇත හෙවත් නකල්ස් ලෝක උරුමය විනාශ කරා යමින් පවතී.
ජගත් කණහැරආරච්චි

උපුටා ගැනීම දිවයින ඇසුරෙනි
Post a Comment