"සංචාරක ව්‍යාපාරය සඳහා ලෝකයේ ඇති හොඳම රට ශ්‍රී ලංකාවයි". මේ මෑතකදී ජාත්‍යන්තර අලෙවියක් ඇති "නිව්ස්‌වීක්" සඟරාවෙන් අප ලබාගත් සහතිකයයි. ඇත්තෙන්ම එය එසේ වන්නේ නිව්ස්‌වීක් සඟරාවේ අගය කිරීම නිසා පමණක්‌ම නොවේෘ ශ්‍රී ලංකාවේ සංචාරය කළ බොහෝ විදේශිකයන්ගේ අදහස් අනුවද නොවේෘ සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සියලු ගුණාංග, සියලු සම්පත් සැබැවින්ම ශ්‍රී ලංකාව සතු බැවිනි. වර්ෂය මුළුල්ලේම පතිත වන හිරු එළිය, රට වටා පිහිටි පිරිසිදු මුහුදු වෙරළ, නිවර්ථන වැසි වනාන්තර, ජීව විද්‍යාත්මක සාධක ඇතුළු සොබා දහම අපට ලබාදී ඇති සියල්ල අනර්ඝය. අනභිභවනීයය. අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන් විසින් එයට එකතු කරන ලද සංස්‌කෘතික වටිනාකම් සියල්ල ද අති විශිෂ්ටය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් වූයේ මෙම වටිනාකම් සියල්ලේ අග්‍ර ඵලයක් ලෙසිනි. ශ්‍රී ලංකාව සතු මෙම සියලු සම්පත් සහ විභවයන් වලට සාපේක්‍ෂකව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පැවතිය යුතු වන්නේ ඉතා ඉහළ තලයක ය. එහෙත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පවතින්නේ එවන් උසස් මට්‌ටමක නොවේෘ සංචාරක කර්මාන්තය උදෙසා වන සියලු සම්පත් අති අනර්ඝ අන්දමින් පවතින ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අස්‌ථාවරය. ඵලදායි බවින් තොරය. එය එසේ වූයේ ඇයි? සංචාරක කර්මාන්තයට අදාළව අප විසින් විස¹ ගත යුතු ප්‍රධානම ගැටලුව එයයි.
සැලසුම් සහගත සංචාරක කර්මාන්තයක් මගින් රටකට බොහෝ දේ අත්පත් කරගත හැකිය. ඒ ආර්ථික වටිනාකම් සහ සංස්‌කෘතික වටිනාකම් වශයෙනි. එහෙත් අද්‍යතන ආර්ථික ක්‍රමවේදය තුළ අනෙක් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද සංචාරක ව්‍යාපාරයෙන් අපේක්‍ෂා කරනුයේ ආර්ථික වටිනාකම් පමණකි. වඩාත් වැදගත් වන "සංස්‌කෘතික වටිනාකම්" උකහා ගැනීම සඳහා සංචාරක කර්මාන්තය අද ක්‍රියාත්මක වනු දැකිය නොහැකිය. සංචාරක ක්‍ෂේත්‍රය මගින් සංස්‌කෘතික වටිනාකම් එකතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අපට ද කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බව පැහැදිලිය. ආර්ථික වටිනාකම් ලබාගැනීම පිළිබඳව ද ඇත්තේ සතුටු විය හැකි තත්ත්වයක් නොවේ. අද ක්‍රියාත්මක වන සංචාරක ව්‍යාපාරයේ මූලික අරමුණ ලාභයයි. "ලාභය" තම මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක වීම සංචාරක කර්මාන්තය මුහුණ දෙන ප්‍රධානම ෙ€දවාචකයයි. සංවර්ධන ක්‍රියාවලියේදී සියලු දේ අතරින් "මානව සම්පත" ප්‍රධානය සංචාරක කර්මාන්තයේදී ද අන් සියලු දේට වඩා "මානව සම්බන්ධතා" යන සාධකය වැදගත් වෙයි. යහපත් මානව සම්බන්ධතා සහ ලාභය යන සංකල්පය අතර ඇත්තේ බරපතළ නොගැලපීමකි.
සංචාරක ක්‍ෂේත්‍රය තුළ පැනනඟින නොයෙක් අර්බුදයන් බොහෝ විට මෙම නොගැලපීම ලෙස තේරුම් ගැනීම නිවැරැදිය. "ලාභය" තම මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක වන සංචාරක ව්‍යාපාරය මගින් අපේක්‍ෂිත ලාභය හෝ ලැබේද? මෙය අප හමුවේ ඇති වැදගත් පැනයකි. එහෙත් එම පැනයට ලැබෙන පිළිතුර කනගාටුදායකය. සංඛ්‍යාලේඛන වලට අනුව විදේශීය සංචාරකයෙක් ශ්‍රී ලංකාවේදී දිනකට වැය කරන මුදලේ සාමාන්‍ය ඩොලර් 70 කි. එය ඇදහීමට මදක් අසීරු සත්‍යයකි. පවත්නා ක්‍රමවේදය තුළ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා රජය මගින් වැය කරන මුදල සුළුපටු නොවේ. එයට සාපේක්‍ෂකව සංචාරක ව්‍යාපාරය මගින් රටට ලැබෙන ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නැත. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආර්ථික වශයෙන්ද පිරිහීමට ලක්‌ව ඇති බව සංඛ්‍යාලේඛන පිරික්‌සීමේදී පැහැදිලි වෙයි. එයට හේතුව වශයෙන් මෙතෙක් පෙන්වා දෙනු ලැබුවේ රට තුළ පැවැති සිවිල් යුද වාතාවරණයයි. සංචාරක ව්‍යාපාරයට යුද්ධයෙන් කිසියම් බලපෑමක් වූ බව සැබෑවකි. එහෙත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිරිහීමට එකම හේතුව "යුද්ධය" බවට වන මතය කිසිසේත් සාධාරණ නොවේෘ
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් සංචාරක ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්‌වයි. එයින් බහුතරයක්‌ම කුඩා රටවල්ය. මහා පරිමාන නිෂ්පාදනය සහ ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් තම ප්‍රධාන නිෂ්පාදන මාර්ග බිඳ වැටීම එයට ප්‍රධානම හේතුවයි. තම ප්‍රධාන නිෂ්පාදන මාර්ග බිඳ වැටී ඇති බොහෝ රටවලට වෙනත් ආදායම් මාර්ග අවශ්‍යය. ඒ සියලු රටවලට තම පැවැත්ම සඳහා විකුණා ගැනීමට ඉතිරිව ඇත්තේ පරිසරය, සොබාදහම, ස්‌වභාවික සම්පත්, ශ්‍රමය ඇතුළු අනෙකුත් සේවාවන් පමණකි. සංචාරක ක්‍ෂේත්‍රය තුළ මේ වන විට ප්‍රබල තරගයක් පවතින්නේ එබැවිනි. ශ්‍රී ලංකාවේ අපට ද කලාපය තුළ විශාල තරගයක් තිබේ. ඒ මාලදිවයින, ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, තායිවානය, වියට්‌නාමය, නේපාලය වැනි රටවල් සමගය. ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ බොහෝ රටවල් ද සංචාරක ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වන්නේ ආර්ථික වටිනාකම් පමණකි. සංචාරක ක්‍ෂේත්‍රය තුළ පවතින තරගය ඒ සියලු රටවලට අදාළය. ඒ තරගයට සාපේක්‍ෂකව එම සියලු රටවල් ද තම සංචාරක ක්‍ෂේත්‍රය අලෙවි කරනු ලබන්නේ අඩුම මුදලටය. සංචාරක කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ අප සතු සම්පත් අනර්ඝය. අනිභිභවනීයය. එහෙත් ඒ සියලු සාධක ඉවතලා අපට ද සිදුව ඇත්තේ ඉහත කී තරගය තුළ ආර්ථික වටිනාකම් වෙනුවෙන් තරග වැදීමටය.
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විශාල මුදලක් වැය කරයි. සංචාරක ව්‍යාපාරයට අදාළ ප්‍රචාරාත්මක කටයුතු වෙනුවෙන් රජය දරන වියදම සුළුපටු නොවේෘ පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති 2010 "අයිෆා" සිනමා උළෙල එයට හොඳ උදාහරණයකි. ව්‍යාපාරයේ නියෑළි මහා පරිමාණයේ ව්‍යවසායකයන් සඳහා ලබාදෙන බදු සහන සහ ප්‍රතිලාභ ද කෙළවරක් නැත. සංචාරක සංවර්ධන පනත යටතේ තරුපහේ හෝටල් ඉදිකිරීම සඳහා මුළු වියදමෙන් 55% ක් ලබාදීම, අවුරුදු අටක කාලසීමාව ඇතුළත එක වර්ෂයක ප්‍රාග්ධන වියදම සම්පූර්ණයෙන් කපා දැමීම, සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සියලු උපකරණ, ගොඩනැඟිලි ද්‍රව්‍ය, යන්ත්‍ර, වාහන සඳහා 100% බදු සහන ලබාදීම, සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යැම සඳහා රජය මගින් ලබාදෙන ප්‍රාග්ධන පහසුකම්වලින් කීපයකි. පෞද්ගලික ව්‍යවසායකයන්ට මෙවැනි සහන ලබාදීම සඳහා රජය වියදම් දරන්නේ කෙසේද? මෙම සියලු වැය කිරීම් කරනු ලබන්නේ පොදු ජනතාවගෙන් එකතුකර ගන්නා බදු මුදල් වලිනි. කිරිපිටි, සීනි, පරිප්පු වැනි අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට පවා එකතු කරන බදු වලිනි.
මෙසේ පොදු ජනතාව සතු අරමුදලින් යෑපෙන සංචාරක ව්‍යාපාරයේ ඵල නෙළා ගනු ලබන්නේ කවුරුන්ද? පොදු ජනතාවගේ වියදමින් වපුරන ලද බීජවල සම්පූර්ණ අස්‌වැන්න නෙළා ගැනීම පවරා ඇත්තේ බහුජාතික සමාගම්වලටය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය මේ වන විට හසුරුවනු ලබන්නේත්, ක්‍රියාත්මක කරනු ලබන්නේත් බහුජාතික සමාගම් මගිනි. සංචාරක ව්‍යාපාරයේ සාරය උරාගනු ලබන්නේ ඔවුන් විසිනි. සංචාරක කර්මාන්තය තුළ රාජ්‍ය අංශය ප්‍රබලව ක්‍රියාත්මකව පැවැති කාලයක් ද විය. එහෙත් එම රාජ්‍ය අංශය දියකර හැරීම ආරම්භ වූයේ 1977 වර්ෂයේ සිදුවූ ආර්ථික වෙනස්‌කම් සමගය. පියවරෙන් පියවර ඉදිරියට පැමිණි රාජ්‍ය අංශය දියකර හැරීමේ ක්‍රියාන්විතය අග්‍රප්‍රාප්තියට පත්වූයේ 2005 ඔක්‌තෝබර් 18 දින ය. ඒ 2005 අංක 38 දරන සංචාරක පනත මගින් ලංකා සංචාරක මණ්‌ඩලය අහෝසි කොට එය සතු සියලු දේපළ පෞද්ගලික අංශයට විකුණා දැමීම මගිනි.
පෞද්ගලිකකරණ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙනු ලැබුවේ සාර්ථක, කාර්යක්‍ෂම සහ ඵලදායක ක්‍රමවේදයක් වශයෙනි. එහෙත් එය එසේ නොවන බව අනෙක් ක්‍ෂේත්‍රවල මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රතිඵල වලින් ද පැහැදිලිය. රටක සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක විය යුත්තේ සංයුක්‌ත ක්‍රියාදාමයක් ලෙසිනි. සංචාරයක් සඳහා විදේශිකයෙක් පොළඹවා ගැනීමේ සිට එම සංචාරකයා තම සංචාරය නිමකොට ආපසු සිය රටට යනතෙක් ඇති ක්‍රියාවලිය එකකින් එකකට සම්බන්ධවූ සැලසුම් සහගතව ක්‍රියාත්මක වන්නක් විය යුතුය. ඒ අනුව සංචාරක සැලසුම්, ගුවන් සේවා, හෝටල්, මාර්ගෝපදේශනය, ප්‍රවාහනය, ආරක්‍ෂාව, සංස්‌කෘතික සහ විනෝද කටයුතු, සෞඛ්‍ය සේවා, සමාජ සම්බන්ධතා, පාරිසරික සාධක ආදී සියල්ල ක්‍රියාත්මක විය යුතු වන්නේ ඒකාත්මිකවය. එහෙත් "ලාභය" තම මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක වන පෞද්ගලිකකරණ ක්‍රියාදාමය තුළ එවැනි සැලසුම් සහගත බවක් හෝ අරමුණු සහගත බවක් දැකිය නොහැකිය. ඒ අනුව සංචාරක සේවාවට අදාළ බොහෝ ගැටලු මෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ද බාධා ඇති වේ. ලාභය යන සංකල්පය යටතේ සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ සියලු සේවාවන් ක්‍රියාත්මක වන්නේ එම සේවාවන් සඳහා වන අවම මිල ගණන් ගෙවීම යටතේය. ඒ අනුව එම සේවාවන්වල ගුණාත්මකභාවය පිරිහීම බොහෝවිට සිදුවේ. අනෙක් ක්‍ෂේත්‍රවල මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයේද "ශ්‍රමය සූරා කෑම" ඉහළ අන්දමින් පවතී. ඒ අනුව සංචාරකයන් මුහුණ දෙන ගැටලුද බොහෝය.
මේ අඩුපාඩුකම් පිළිබඳ බොහෝ උදාහරණ දැක්‌විය හැකිය. ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයෝ විවිධ අංශ කෙරෙහි රුචිකම් දක්‌වති. මුහුදු වෙරළ, කඳුකර පරිසරය, වන සතුන් නැරඹීම, පුරාවිද්‍යාත්මක ස්‌ථාන නැරඹීම, ගිරිදුර්ග තරණය, ගවේෂණාත්මක චාරිකා, පරිසරාත්මක සංචාරය, ජල ක්‍රීඩා වැනි විවිධ අංශ කෙරෙහි විශේෂ උනන්දුවක් දක්‌වන සංචාරකයෝ සිටිති. මෙම සියලු අංශ සඳහා ශ්‍රී ලංකාව සතු සම්පත් අනභිභවනීය ය. එහෙත් ශ්‍රී ලංකාවේ සංචාරයන් සඳහා සැලසුම් සකස් වන්නේ ඒ සියලු සාධක අනුව නොවේ. ශ්‍රී ලංකාවේ සංචාරයන් සඳහා සැලසුම් සකස්‌වන්නේත්, මිල නියම වන්නේත් බොහෝවිට ගතකරන දින ගණන සහ ලබාදෙන හෝටලවල තත්ත්වය අනුවය. බොහෝ වැදගත් දේ සංචාරක න්‍යාය පත්‍රයට ඇතුළත් වන්නේ අප්‍රධාන හෝ අතිරේක ක්‍රියාදාමයක් වශයෙනි. විදේශීය සංචාරකයන් ගමන් ගන්නා බස්‌රථ සුඛෝපභෝගී ඒවා ලෙස අපට පෙනේ. ඒ අප ගමන් ගන්නා ලංගම බස්‌රථයට සාපේක්‍ෂවය. එහෙත් නැවත අලුත්වැඩියා කර මෙරටට ගෙන්වන ලද එම බස් රථවල ආසන සහ වෙනත් පහසුකම් පිළිබඳ සංචාරකයෝ මැසිවිලි නඟති. එසේ ප්‍රවාහන සේවාවන්වල ගුණාත්මකභාවය අඩුව ඇත්තේ සංචාරක ආයතන මගින් ප්‍රවාහනය වෙනුවෙන් ප්‍රමාණවත් මුදලක් නොගෙවන බැවිනි. අඩු සේවක පිරිසකගෙන් වැඩි වැඩ කොටසක් ඉටුකර ගැනීම හේතුවෙන් සංචාරක හෝටල තුළ සිදුවන අඩුපාඩු ද එමටය. එකවර කාමර කීපයක විදුලිය පිළිබඳ හෝ ජලය පිළිබඳ හෝ ගැටලුවක් ඇති වුහොත් එය නිවැරැදි කරගැනීමට සංචාරකයෙක්‌ට පැය ගණනාවක් බලා සිටීමට සිදුවන අවස්‌ථා එමටය.
සංචාරක ක්‍ෂේත්‍රයේ සිදුවන අඩුපාඩුකම් පිළිබඳ මෙවැනි උදාහරණ ඇති තරම් දැක්‌විය හැකිය. ඒ සියලු අඩුපාඩුකම් සඳහා හේතුවී ඇත්තේ සංචාරක ව්‍යාපාරය "ලාභය" සිය මූලික අරමුණ ලෙස ක්‍රියාත්මක වීම නිසාවෙනි. ලංකාවට පැමිණෙන සංචාරකයෙක්‌ට සිය පළමුවන දිනයේදීම කොළඹ නගරය දැකබලා ගැනීමට අවශ්‍යය. එය සිදුවිය යුතු සාමාන්‍ය ක්‍රමවේදයයි. එහෙත් ලංකාවට පැමිණෙන සංචාරකයන්ට පළමු අවස්‌ථාවේදීම කොළඹ නගරය පෙන්වීමට බොහෝ මාර්ගෝපදේශකයෝ මැළි වෙති. ඒ කොළඹ නගරයේ ඇති අපිරිසිදු බව හේතුවෙනි. "සීගිරියට පැමිණෙන අයට පළමුව දැක ගැනීමට ලැබෙන්නේ කුණු ගොඩවල්" බව සංචාරක ක්‍ෂේත්‍රයට අදාළ අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබුණේ නොබෝදාය. ලංකාවේ සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් පරිසරය දක්‌වන දායකත්වය පිළිබඳ එම උදාහරණ ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දක්‌වන අනුග්‍රහය කුමක්‌ද? එම අනුග්‍රහය පිළිබඳ පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට ගොඩනැඟෙන ඩෙංගු මරණ සංඛ්‍යාව ගණනය කළ විටය. එම සත්‍ය තොරතුරු සංචාරකයන්ගෙන් වසන් කළ නොහැකිය. සිවිල් අරගල හේතුවෙන් පිපිරෙන බෝම්බ වලට වඩා "ඩෙංගු" වැනි මාරාන්තික රෝග පිළිබඳ සංචාරකයන් බිය වීම සාධාරණය. ශ්‍රී ලංකාවේ පුවත්පතක් කියවන සංචාරකයෙක් ශ්‍රී ලාංකික සමාජය පිළිබඳවද හොඳ අවබෝධයක් ලැබේ. ඒ දිනපතා ශ්‍රී ලංකාවේ සිදුවන බිහිසුණු අපරාධ පිළිබඳ කියෑවීමෙනි. සංචාරකයන්ට බොහෝ විට සිය මාර්ගෝපදේශකයන්ගෙන් උපදෙස් ලැබෙන්නේ ශ්‍රී ලාංකික සමාජයෙන් ඈත්ව ගැවසීමට ය. ඒ ඔවුන් ලබාදෙන එම උපදෙස නිවැරැදි බවට වන සාධාරණ හේතු ද සහිතවය.
ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණියේ අනාදිමත් කාලයක සිටය. එහෙත් ඒ පිළිබඳව වන සාහිත්‍යමය සහ ලේඛනගත සාධක අනුව ක්‍රි. ව. 8 වැනි සියවසේදී මෙරටට පැමිණි මජුබෝධි නම් චීන පඬිවරයා පිළිබඳවත් ක්‍රි. ව. 1344 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉබන් බතුතා නම් අරාබි ජාතික ගවේශකයා පිළිබඳවත් මුලින්ම සඳහන් වෙයි. එසේ ආදි කාලයේ සිට ලංකාවට පැමිණි සංචාරකයෝ ශ්‍රී ලංකාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූයේත් පෙරදිග ධාන්‍යාගාරය වූයේත් ශ්‍රී ලාංකිකයාගේ ආගන්තුක සත්කාරය සහ සුහදශීලී බව පිළිබඳ ලෝ වැසියා දැනගත්තේත් ඒ අනුවය. එහෙත් මේ වනවිට සියල්ල කණපිට හැරී තිබේ. එදා ශ්‍රී ලාංකික ජනතාව විසින් යුරෝපීයයන් අවඥාවට ලක් කළේ "ගෙරි මස් කන සුද්දන්" ලෙසය. ඒ ලංකාවට පැමිණි යුරෝපීය ජාතිකයා තුළ තිබූ ආත්මාර්ථකාමී බව සහ කොල්ලකාරි ස්‌වරූපය හේතුවෙනි. එදා එසේ අවඥාවට ලක්‌වූ යුරෝපීයයන්ට අද ශ්‍රී ලාංකිකයන්ගෙන් ම උපදෙස් ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ආශ්‍රයෙන් ඈත්වන ලෙසටය. පරිස්‌සමෙන් ඇසුරු කරන ලෙසටය. මේ ශ්‍රී ලාංකික මානවයා වත්මන් ලෝකයා හමුවේ ප්‍රතිනිර්මාණය වී ඇති සැබෑ ආකාරය යි. එහෙත් පුරසාරම් නැඟෙන්නේ වෙනත් ආකාරයටය. වත්මන් ශ්‍රී ලාංකිකයාගේ ගුණාත්මකභාවය පිළිබඳව වන සත්‍ය තේරුම් ගැනීම නිවැරැදි කිරීමකට අවශ්‍ය පළමුවන පියවරයි.
වත්මන් අභියෝග හමුවේ සංචාරක කර්මාන්තය නංවාලන්නේ කෙසේද? මෙය අප විසන් පිළිතුරු සපයා ගත යුතු වැදගත්ම පැනයයි. සංචාරක ක්‍ෂේත්‍රයේදී අපට මුහුණ දීමට ඇති තරගය පිළිබඳ අප දනිමු. එම තරඟය තියුණු ය. එම තරගයේදී පෞද්ගලිකකරණ
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment