Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

http://2.bp.blogspot.com/_R8biMsfnvPo/TSa2ptoml3I/AAAAAAAABMI/rASUjyPqF5k/s1600/39699_142995582393117_142995139059828_350867_7816426_n.jpg
වෝග් ජුවලර්ස් සහ සිරස ටීවි ආයතනය එකතු වී අපුර රියැලිටි වැඩසටහනකට මුලපුරා ඇත. “මංගල සිහිනය” නමින් නම්‍කර ඇති මෙය ලංකාවේ ප්‍රථම මංගල රියැලිටි වැඩසටහන වේ. එය මේ මාසයේ සිට සිරස ටීවි ඔස්සේ ඔබ හමුවට එනු ඇත.
මෙම වැඩසටහනින් මුළුමනින්ම නොමිලයේ මංගල උත්සව සදහා පැකේජ 12 ක් සහ රන්මාල 12 ක් බැගින් වසරේ එක් එක් මාසයේදී ලබා දෙන අතර එය මනාලියන් වීමට සිහින දකින ඔබට සුන්දර සිහිනයක් වනු ඇතැයි තම්බපන්නි අපිට හැගේ.

2011 වසරේ ජනවාරි මස සිට රාතී 7.30 ත් 9.00 ත් අතර සිරස ටීටි තිරය මත රන් මාලයක් පදර්ශනය කෙරේ. සිරස තිරස නමින් හැදින්වෙන මෙම ගුවන් කාලය තුළ “සිහින සිතුවම්”, “ගග අද්දර” සහ “වැහි පබළු සේල” යන පධාන ටෙලි නාට්‍ය තුන විකාශනය කෙරේ.

ඔබ කළ යුත්තේ මෙම මාලය දිස්වන වාර ගණන ගණන් කොට “මංගල සිහිනය” සිරස ටීවි තැ.පෙ. 929, කොළඹ යන ලිපිනයට තැපැල් ‍කිරීම හෝ 7788 ට එස් එම් එස් කිරීමය. සෑම තැපැල් පතකම සහ එස් එම් එස් පණිවුඩයකදී 2011 වසරේ විවාහ වන යුවළකගේ නම සදහන් කළ යුතුය.

එයින් සෑම මාසයකදීම වාසනාවන්ත ජෝඩුවක් දිනුම් ඇදීමෙන් තෝරා ගනී.
ඔබගේ “මංගල සිහිනය” සිහිනයක් නොවී සැබෑවක්ම කරගන්න ඔබත් සිරස ටීවි සමග අත්වැල් බැදගන්න.

රම්බරි ගීතය තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් ලහිරු පෙරේරා එළබෙන මැයි මස යුග දිවියට එළඹීමට සුදානම් වනවා.ඔහුගේ පෙම්වතිය වන්නේ නීපමා.ඇය දැනට රජයේ බැංකුවක සේවය කරනවා.ලහිරු-නීපමා ආදර කතාවට වසර 8 ක් ගතවී ඇති අතර උසස්පෙළ රසායනික විද්‍යාව පන්තියකදී ඔවුන්ගේ ප්‍රේමය ඇරඹි ඇත.


වසර 40 කට පෙර භාවිතා කර ඇති එලිසබෙත් මහ රැජිණගේ යට ඇඳුම දැන් ඇමරිකාවේදි වෙන්දේසි කිරීමට සැරසෙන බව වාර්තා වේ.
වෙන්දේසිකරුට මෙය ලැබී ඇත්තේ ඔහුගේ මිතුරකුගෙනි. 1968 වසරේදී මහ රැජින චිලී දේශයේ සංචාරය සඳහා යොදාගෙන තිබූ පුද්ගලික අහස්‌යානයක සේවය කළ මෙම මිතුරා අතට මෙම යට ඇඳුම පත්වී ඇති අතර එය ඔහු අතට කුමන අයුරින් පත් ඌ වේදැයි වාර්තා නොවේ


රජය හා ජනාධිපතිතුමා සමඟ ඇති වෛරයෙන් රට පාවා නොදෙන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.
රජය පෙරළිමට හෝ රජයට විරුද්ධව චෝදනා කිරීමට අපොහොසත් එක්සත් ජාතික පක්ෂය තම අරමුණු විදේශිකයින් ලවා හෝ ඉටු කර ගැනීමට උත්සාහ දරන බව හෙතෙම පෙන්වා දෙයි. "කරූ ජයසුරිය මහතා අයිලන්ඩ් පුවත්පතට කර ඇති ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ එයයි. පුවත්පතෙහි ශිර්ෂ පාඨයෙහි සටහන් ව ඇත්තේ තමාගේ වචන නොවන බවට ජයසුරිය මහතා ප්‍රකාශ කළ ද රටට ද්‍රෝහී විමේ චෝදනාවෙන් ගැළවිය නොහැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. රටට වගකියන ජාතික නායකයින් ලෙස හා රටේ ප්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ යුතුකම වන්නේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු ව ඇත්තේ එල්ටීටීඊයෙන් පමණක් බව ප්‍රකාශ කිරීමයි. එය කරනවා වෙනුවට වත්මන් විපක්ෂය දෙමළ ඩයස්පෝරාවන්ගේ හා ශ්‍රී ලංකාවට එරෙහි විදේශීය බලවේගවල අවශ්‍යතා ඉටුකරමින් සිටින බව වීරවංශ මහතා අවධාරණය කරයි.
අයිලන්ඩ් පුවත්පතට කර ඇති ප්‍රකාශය මඟින් රටට ද්‍රෝහි වනවා පමණක් නොව දිවි හිමියෙන් මාතෘභූමිය ආරක්ෂා කළ වීරෝධාර රණවිරුවන්ව ද පාවා දී ඇතැයි හෙතෙම කියා සිටියි.
ශ්‍රී ලංකාවට එරෙහි ඇතැම් විදේශ බලවේග මෙන්ම දෙමළ ඩයස්පෝරාවන් ද මෙවැනි ප්‍රකාශ නිකුත් කරන තුරු බලා සිටින බවත් එම අරමුණු ඉටුකර ගැනීමට ඉඩ සලසා නොදෙන ලෙසත් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය හා හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.


දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා‍ගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට(08) දිනය දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. 

ආදාළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ විභාග කිරීමට අද(07) නියමිතව තිබුණි. 

දීපාලි විජේසුන්දර මහත්මිය අද නිවාඩු ලබා සිටින හෙයින් ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල් තබන බවට අධිකරණය ප්‍රකාශ කරනු ලැබීය. පසුගියදා උසස් අධ්‍යාපන ගොඩනැගිල්ලට අයුතු ලෙස ඇතුළු වී රජයේ දේපළ වලට හානි කිරීමේ චෝදනාව මත සැකකාර උදුල් ප්‍රේමරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඩ් භාරයට පත්කර තිබේ. 
ඔහුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේපකර තිබුනි


එක්සත් ජාතික පක්ෂය 17 වැනි වරටත් පරදිනවාද නැද්ද යන්න තීරණය කිරීමට සිදුව ඇති අවස්ථාව එළඹ ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙතරම් දීර්ඝ කාලයක් විපක්ෂයේ රැඳී සිට නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් බුද්ධික පතිරණ මහතා, මීළඟ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතාට ඇති සුදුසුකම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා තවමත් තරුණ වයසේ පසුවන බව ඇතැමුන් පවසන බවත්, ඔහුගේ අත්දැකීම් ගැන ඇතැමුන් විමසන බවත් එම ප්‍රකාශ පදනම් විරහිත බවත් එහිදී ඔහු සඳහන් කළේය.

බරපතල දර්ශනයන් සහ න්‍යායන් තමාගෙන් බලාපොරොත්තු නොවන ලෙස එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පොදු මහ ජනතාවගේ බඩට, කටට, හදවතට දැනෙන දේශපාලනයක්, ඇස් දෙකට පෙනෙන සංවර්ධනයක් හා කන් දෙකට ඇහෙන සංවර්ධනයක් යන්න තමන් විශ්වාස කරන දේශපාලනය බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.


එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව  අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කරූ ජයසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතු බවට එක්තරා පුවත්පතකට ප්‍රකාශයක් කර ඇතැයිද එසේ හෙයින් ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විශ්වාසය කඩ කර ඇති හෙයින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives