ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්රයේ සැලකිය යුතු වෙනස්කම් රැසක් ඉදිරි වසරතුළදී සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මාධ්‍යය දැනුවත් කිරීමේ සාකච්ඡාවකදී මේ බව පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූයේ සාමාන්‍ය පෙළ විෂය ධාරාවේ හර විශයන් අතරට ජීවන නිපුණතා නමින් නව විෂයක් ඉදිරියේදී ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය අසමත් වන සිසුන් සඳහා උසස් පෙළ හැදෑරීමටද බලාපොරොත්තු වන පැවසූ ඇමතිවරයා තවදුරටත් සඳහන් කර සිටියේ උසස් පෙළ සඳහා තාක්ෂණ විෂය ධාරාවක්ද අළුතින් යෝජනා වී ඇති බවයි.
Post a Comment