මාලඹේ ප්‍රදේශයේ ආයුර්වේද රෝහලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශය, ගණිකා වෘත්තියේ නියෑළුණු බව කියන තරුණ කතුන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම බුද්ධි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව පසුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙම මධ්‍යස්ථානය පවත්වා ගෙන ගොස් ඇත්තේ ආයුර්වේද වෛද්‍යවරයෙක් වන අතර, පොලිසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේ එම එම පුද්ගලයා පලා ගොස් ඇත.
මෙම ආයුර්වේද රෝහල වශයෙන් නම්කර ඇති ස්ථානය රජයේ ලියාපදිංචි එකක් බවත්, එම ආයුර්වේද රෝහල පවත්වාගෙන යන මුවාවෙන් මෙම ගණිකා ව්‍යාපාරය සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් තරුණ කතුන් සියලු දෙනා මාලඹේ සහ ඒ අවට පදිංචි වයස අවුරුදු තිහට අඩු අය බවත් පොලිසිය කියයි.
Post a Comment