Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


මෝස්තර නිරූපණය, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් හරහා ටෙලිනාට්‍ය රංගනයට පිවිසි ඇය මේ වන විට සිනමා නිර්මාණ කීපයකටම දායක වී ඇත. ඇය යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම සිටින්නියකි. ඇය නදීෂා හේමමාලි. අද සතුටු සාමීචිය වෙන්වන්නේ නදීෂා සමඟ කළ කතාබහ වෙනුවෙනි.

මොනවද අලුත් අවුරුද්දෙ ඔබේ අලුත් බලාපොරොත්තු?

මගෙ ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයෙන් අලුත් ටෙලි නාට්‍යයක වැඩ අද හෙටම පටන් ගන්නවා. එම ටෙලිනාට්‍යයේ මම ද්විත්ව රංගනයක යෙදෙනව. ටෙලිනාට්‍යයේ නම ‘ඇත්කඳ ලිහිණි’. ඒක ඓතිහාසික තේමාවක් රැගත් ටෙලිනාට්‍යයක්.

ඔබ රංගනයට පිවිසීමට හෝ මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළා නේද?

ම මුලින්ම සහභාගි වුණේ රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලට. ඊට පසුවයි මම මෝස්තර නිරූපණයට සහභාගි වුණේ. ටෙලිනාට්‍ය රංගනයට එක්වුණේ ඉන්පසුවයි. මම මුලින්ම සහභාගි වුණේ කමිස වර්ගයක් පිළිබඳ වෙළෙඳ දැන්වීමකට. ඒක විකාශය වුණේ නෑ. ඊට පසුව බිස්කට් සම්බන්ධ රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සහභාගි වුණා.

ඔබ රංගනයට පිවිසියේ අහඹු ලෙසද?

නැහැ. පුංචි කාලෙ ඉඳලම මට පුදුම ආශාවක් තිබුණා හොඳ රංගන ශිල්පිනියක් වීමට. පාසල් යන කාලේ පාසල් වේදිකාවේ මම නිතර සිටියා. මම උසස් පෙළට කළෙත් නාට්‍ය හා රංග කලාව විෂය. ඒ රංගනයට මගේ ඇති කැමැත්ත ආශාව නිසාමයි.

“ජූලියා” චිත්‍රපටය ඔබේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක්ද?

ඇත්තෙන්ම ඔව්. මගෙ සිනමා ජීවිතයේ දෙවැනි ගමන ඇරැඹුණේ ‘ජූලියා’ චිත්‍රපටයෙන්. මම රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටය ‘තාරකා මල්’. ‘ජූලියා’ ලංකාවේ මෙන්ම විදෙස් රටවලත් ඉතාම සාර්ථකව තිරගත වුණා. ‘ජූලියා’ මගේ රංගන ජීවිතයට ආශිර්වාදයක්.

’ආදරයට වෙස් බැන්දා’ ටෙලිනාට්‍යයේ කළ රංගනය ගැන කතා කළොත්?

ඇත්තටම මට මුලින්ම හිතුන මට මේක කරන්න පුළුවන්ද කියල. ඒත් ඒ අභියෝගය මම බාරගත්තා. මූණට රැවුලක් දමාගෙන පිරිමියෙක් වගේ ඇඳගෙන කළ ඒ රංගනය ගැන මම හරිම තෘප්තිමත්. ‘ආදරයට වෙස් බැන්දා’ ටෙලිනාට්‍යයට තෝරාගැනීම ගැන සනත් අබේසේකරට මම ස්තුතිවන්ත වෙනවා.

ඔබ වෘත්තීය නිළියක්ද?

මගෙ ප්‍රධානම විනෝදාංශය රංගනය, වෘත්තීමය වශයෙන් ව්‍යාපාරිකාවක් ලෙස හඳුන්වනවාටයි මම වඩාත්ම කැමැති. මම රංගනයේ යෙදෙන්නෙ මුදල පමණක් බලාගෙන නෙමෙයි. හොඳ රංගනයක් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ. මට මේ සමාජයේ

ආදරය ගෞරවය හිමිවෙල තියෙන්නෙ මම රංගන ශිල්පිනියක් වීම නිසයි. ඒ නිසා රංගනයට මම ඉතාම ගරු කරනවා.

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ඔබ සාර්ථකයැයි සිතනවාද?

මම වසරකට රඟපාන්නෙ නිර්මාණ කීපයක පමණක් නිසා මගෙ ප්‍රේක්ෂකයින් අතරට මට නිතර යන්න වෙන්නේ නෑ. ඒ නිසයි මම ’රිදම් චැට්’ රූපවාහිනී වැඩසටහනට සහභාගී වෙන්නේ. ඒ වැඩසටහන මුළු රටේම ප්‍රේක්ෂකයෝ නරඹනවා. මට සිතුනා ප්‍රේක්ෂකයින් අතරට යන්න මේක හොඳ අවස්ථාවක් කියල. ඒ නිසයි මම මේ අභියෝගය බාරගත්තේ. අනෙක කලා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් මේ වැඩසටහනේදි හමුවෙනවා. ඒ නිසා මම ඉතාම ආශාවෙන් තමයි ‘රිදම් චැට්’ වැඩසටහනට සහභාගී වෙන්නේ. මම හිතනව ඒ වැඩසටහනට හොඳ දායකත්වයක් මට දෙන්න ලැබෙනව කියල.

ඔබ මොනවගේ කෙනෙක්ද?

මම සැබෑ ලෙසම පොළොවේ පය ගහල ඉන්න කාන්තාවක්

. හැමෝ එක්කම ආදරයෙන් මිත්‍රශීලීව ඉන්න මම හරිම කැමැතියි. මඟතොටේදි මාව හැඳිනගෙන කවුරුහරි කතාකළොත් මම ඉතාම ආශාවෙන් ප්‍රතිචාර දක්වනව. ඒ විදියට කවුරුන් හෝ මාත් එක්ක කතාකිරීම මට හරිම ආඩම්බරයක්.

ඔබේ විවාහය…?

මට පෙම්වතෙක් ඉන්නව. බොහෝදුරට මේ අවුරුද්දෙ මගෙ විවාහය සිදුවේවි.

ඔබේ පවුලේ තොරතුරු?

නංගිල දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි, අක්ක මම. මගෙ තාත්තා නැතිවෙලා. අම්ම එක්ක තමයි අපි ඉන්නෙ.

ගාමිණී සුසන්ත

ඡායාරූපය – ටෙනිසන් එදිරිසිංහ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives