Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


මේධා මේ දිනවල රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩ වැදුන ද, දැනට වසර කීපයකට පෙර ඈ රසික සිත්වලට ආමන්ත්‍රණය කළේ නිවේදිකාවක් ලෙසිනි. මේධා ජයරත්න නම් වූ නිවේදිකාව සරසවිය සමඟ කතාබහට එක් වූ මොහොතකි මේ.

‘මම තවමත් නිවේදන වෘත්තියට ආදරෙයි. ඒත් ඉස්සර වගේ කාලයට හරියන වටිනාකමක් අපිට ලැබෙන්නේ නැහැ. වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඒත් මුලින් මං කිව්ව හේතුව නිසාම මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. නිසි වටිනාකමක් ලැබෙන රූපවාහිනී වැඩසටහනකට ආරාධනා ලැබුණොත් මම ඒ ආරාධනාව පිළිගන්නවා.’

මේධා නිවේදිකාවක් ලෙස අත් පොත් තබන්නේ ස්වර්ණවාහිනියෙනි.

‘මං නිවේදිකාවක් විදිහට ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ මගේ මහත්තයාගේ යාළුවෙක් වුන නාමල් සල්ගාදුගෙ ආරාධනයකින්. ඒ 2002 දී. ඒ දවස්වල ස්වර්ණවාහිනියෙ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වුනේ ශ්‍රීමාල් වෙඩිසිංහ මහතා. සම්මුඛ පරීක්ෂණයෙන් සහ ස්ක්‍රින් ටෙස්ට් එකෙන් සමත් වුන මම එහි නිවේදිකාවක් වුනා. මුලින්ම ඉදිරිපත් වෙන්න ලැබුණෙ සජීවි වැඩසටහනකට.

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ වැඩසටහන කළේ ජැක්සන් ඇන්තනී මහත්මයා. එතනින් ඇරඹුණ ගමන් මගේ මම ස්වර්ණෝදය, අරුණෝදය, පංච කළ්‍යාණි ඇතුළු වැඩසටහන් රැසක් කළා.’

මේධා ස්වර්ණවාහිනියෙන් සමුගන්නෙ ඇය මව් පදවිය ලැබීම නිසායි.

‘පුතා ලැබිලා මාස 4 ක් මට නිවාඩු ලැබුණා. ඒත් ඊට පස්සෙ මට පුතාව දාලා යන්න ලෝබ හිතුනා. ඒ නිසා රැකියාවෙන් අයින් වුනා. ඒ දෑස්වල රැඳී තිබුනේ අපරිමිත වූ දරු සෙනෙහසයි.

‘පුතා ටිකක් ලොකු වුනාට පස්සෙ මම නැවත නිවේදන ක්ෂේත්‍රයට පිවිසුනා. ඒ දෙරණ නාලිකාවෙන්. දෙරණ ආරම්භක නිවේදිකාව වුනේ මම. ‘අම්මයි මමයි, නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා’ ඇතුළු වැඩසටහන් බොහොමයක් මං කළා.’

නිවේදිකාවක් විදිහට රැඳුන මේධාට රඟපාන්න හිතුනෙ ඇයි? මගෙන් අතුරු ප්‍රශ්නයක්.

ඇත්තටම මට රඟපාන්න උවමනාවක් තිබුණෙ නැහැ. නිවේදිකාවක් විදිහට ඉන්න කාලෙ ඉඳලම මට රංගනයට ආරාධනා ලැබුණත් මම ඒවා ප්‍රතිත්ෂේප කළේ ඒ නිසයි. ඒත් ‘වසූදා’ ටෙලි නාට්‍යයට මට දිගින් දිගටම ආරාධනා ලැබුණ නිසා, ඒ ඉල්ලීම් සහ ආරාධනා ප්‍රතික්ෂේප කළේ නැහැ. රඟපෑවත් අදටත් මම නිවේදන වෘත්තියට ගරු කරනවා. ඒත් නිවේදන වෘත්තියේදී මම කැමති තැනට යන්න බැරි වුනා’.

‘යන්න කැමති තැන කියලා අදහස් කරන්නෙ මොකක්ද?’

‘මගේ වචන මාලාව තවම පොහොසත් නැහැ. ඒ වගේම මා සතු දැනුමත් අල්ප තැනක තියෙන්නෙ කියලා මම හිතනවා. මට එහෙම හිතෙන්නෙ අපේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සමඟ මාව සසඳන කොට මිසක් දැන් ඉන්න අය එක්ක සසඳන විට නම් නෙවෙයි. මම තවමත් ඉගෙන ගන්නවා, පොත් කියවනවා. තව වයසින් මුහුකුරා යද්දී ඒ තැනට මට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම මේ වෘත්තියට බයයි. ඒ මේ වෘත්තියෙ බැරෑරුම්කම දන්න නිසා.

‘ඔයා කියන ඔය බැරෑරුම්කම වත්මන් නිවේදක නිවේදිකාවන් දන්න බවක් අපට පේන්නෙ නැහැ?

‘ඇත්ත, දැන් නිවේදන ක්ෂේත්‍රයෙ ඉන්නෙ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අයයි, නළු නිළියොයිනෙ. දැන් බලන්නෙ රූපය විතරයි. මෙතනදි මම දොස් දකින්නෙ අදාල නාලිකාවල මැනේජ්මන්ට් එකට. අද ඉන්න බොහොමයක් නිවේදක නිවේදිකාවො කිසිම වෘත්තීය සුදුසුකමක් නැති අය.

‘මේ නුසුදුසුකම් නිසාම ඔබ නියෝජනය කළ වෘත්තිය පිරිහිලා කියලා පිළිගන්නවද?’

‘ඒකට මම 100% ක් එකඟ වෙනවා. දැන් රූපවාහිනී නාලිකා දිහා බලන කොට ඇත්තටම දුක හිතෙනවා. කිසිම දැනුවත්කමක් නැතුව, කැමරාව ඉදිරියට ඇවිත් කතා කරන අය, තමන් කතා කරන්නෙ කාටද, කතා කරන්නෙ මොනවද කියලවත් දන්නෙ නැහැ. හරේන්ද්‍ර, නාරද, මහේෂ්, කිංස්ලිට පස්සේ හොඳයි කියලා කියන්න පුළුවන් අය නිවේදන ක්ෂේත්‍රයේ නැති වීම ඇත්තටම ඛේදවාචකයක්.

‘මේධාගෙ ප්‍රියතම රූපවාහිනි නිවේදක නිවේදිකා යුවළ කවුද?’

මම ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාට ගොඩක් ප්‍රියයි. ප්‍රියතම රූපවාහිනී නිවේදිකාවක් නම් නැහැ.

ජාතික රූපවාහිනියේ නුග සෙවණ වැඩසටහන කළ මේධා පසු කලෙක සත් එෆ්. එම්. හි වැඩසටහන් කළමනාකාරිණිය ලෙස ද කටයුතු කළ අතර මේ වන විට ඉන් බැහැරව රංගන කටයුතුවල නිරත වී සිටියි.

‘මම රඟපෑව අනවරත ටෙලි නාට්‍යය මේ දවස්වල ජාතික රූපවාහිනියෙ විකාශනය වෙනවා. මාත් එක්ක ජයනි සේනානායක, බිමල් ජයකොඩි ඇතුලු ශිල්පීන් එහි රඟපානවා. ඒ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළේ මගේ් මහත්තයා සුරංග.’

මේධාගේ කලා කටයුතු වෙනුවෙන් නොනිම් සහයක් දෙන ඇගේ සැමියා සුරංග සෙනෙවිරත්න නාට්‍ය නිෂ්පාදකවරයෙක් වගේම ‘ඇඩ් ලෑන්ඩ්’ ප්‍රචාරණ ආයතනයෙ නිර්මාණ අධ්‍යක්ෂවරයාය. උළිඳු චංක්‍රමණ සෙනෙවිරත්න මේධා – සුරංග කැදැල්ලේ පුංචි දඟකාරයායි.

‘පුතත් අනවරත ටෙලි නාට්‍යයෙ රඟපෑවා. එයා ගොඩක්ම දක්ෂ චිත්‍ර අඳින්න. එයා ඇඳපු චිත්‍ර එකතු කරලා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නත් අදහසක් තියෙනවා. නුගේගොඩ සෙලින්කෝ සසෙක්ස් පාසලේ 3 වන ශ්‍රේණියෙ තමයි අපේ පුතා ඉගෙන ගන්නෙ.’

මේ දිනවල විකාශනය වන ගඟ අද්දර ටෙලි නාට්‍යයේ රඟපාන මේධාගේ රඟපෑම් ඇතුලත් පමා වී ආ වසන්තය, සිනාසෙන්න මට ඇතුළු ටෙලි නාට්‍ය කීපයක් ද විකාශනය වීමට නියමිතයි.

‘චිත්‍රපටවලට මේධා ආරාධනා ලැබිලා නැත්ද?’

ම් . . . මට හිතෙන විදිහට චිත්‍රපටයක් ලැබෙන්න වාසනාවක් තියෙන්න ඕන. හොඳ ෆිල්ම් එකක් ලැබුනොත් මම රඟපානවා.’

මේ සියලු කාරණා අතර ඇය සහ සැමියාගේ නිෂ්පාදන කටයුතු අහන්නත් අපි අමතක කළේ නැහැ. ‘නිෂ්පාදන කටයුතුª හිතන තරම් ලේසි නැහැ. අපි මහන්සි වෙලා කරන නිර්මාණ විකාශනය කරන්න නාලිකාවල ඉන්න සමහර නිලධාරීන් අපෙන් සල්ලි ඉල්ලනවා. මේ වගේ් දේවල්වලින් අපි දෙන්නම කලකිරිලා ඉන්නෙ.’

ඒ මොහොතේ මේධාගේ හඬ තුළ රැඳී තිබුණේ කළකිරීමකි. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස අපේ ආලින්දයට ගොඩ වදින මේධාගේ හඬ නිවේදිකාවක් ලෙස යළිත් අසමින් ඇගේ රුව දකින්නට ප්‍රේක්ෂකයාට හැකිනම් එය සතුටට කරුණක් වන්නේ, නිවේදිකාවක ලෙස ඈ තුළ අපි දුටු හැකියාවත්, ප්‍රියමනාප බව හා සංයමයත් නිසාවෙනි.

- බුද්ධීනී ජයවර්ධන
ඡායා – ටෙනිසන් එදිරිසිංහ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives