අද (31) දිනයේ හෙරොයින් ලඟතබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු විසින් එම හෙරොයින් පැකට් ගිලීම හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තාවේ.
වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙසේ මියගොස් ඇත්තේ රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු විසින් පොලීසියට බියෙන් හෙරොයින් පැකට් කිහිපයක් ගිල ඇති අතර එයින් දෙකක් පොලිසි නිලධාරීන් විසින් කෙසේ හෝ සැකකරුගේ මුවින් ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් පැකට් දෙකේ හෙරොයින් මිලිග්රෑම් 2000 ක් තිබී ඇති බව වාර්තාවේ. මෙම සැකකරු මියගොස් ඇත්තේ තලංගම රෝහලට ඇතුළු කිරීමෙන් පසුවය.
Post a Comment