නෙහාර සමග ලක්බිම පුවත්පතේ මේ අවුරුද්දේ බලාපොරොත්තු.. විශේෂාංගයට අදහස් දක්වමින්..
2011 ජනවාරි පළමුවැනිදා මගේ නමින් ෂැම්පු එකක් වෙළෙදපොළට නිකුත් වීම තමයි මේ අවුද්දේ මගේ ජීවිතයේ සිදු වු ප්‍රථම සුවිශේෂ සිදුවීම.ඒ ෂැම්පු එක තමයි (Dazzling Nehara) ‘ඩැෂ්ලිං නෙහාරා‘ ඒ වගේම මගේ ප්‍රථම චිත්‍රපටිය වන “ඉට්ස් අ මැටර් ඔෆ් ලව්“ චිත්රපටියත්මේ අවුරුද්දේ තිරගත වෙනවා.හා හා පුරා මම වේදිකා නාට්‍යයකටත් එකතු වෙනවා.අලුත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා.මේ දිනවල මා රගපාන ටෙලි නාට්‍ය දෙකකට අමතරව මගේ අලුත් ටෙලි නාට්‍යයත් විකාශන වෙනවා.ඒ ආදර රිද්ම ටෙලි නාට්‍යය.අලුත් ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා.මේ කියපු කාරණා අනුව ජනවාරි පළමු වැනිදා ඉදලම මගේ අලුත් අවුරුද්ද පටන් ගන්නේ සතුටින්.ඒ සතුට කලා ජිවිතය වෙනුවෙන්.පුද්ගලික ජිවිතෙත් ඒ විදියට සතුටින් ඉන්න සරල වචනයෙන්ම කියනවා නමි ෆුල් ජොලියේ ඉන්න තමයි මමත් අපේක්ෂා කරන්නේ.ඉතින් මේ නව වසරේ රටේ සියලු ජනතාවට කිරි පැණි උතුරන වසරක් වේවා කියා ප්‍රර්ථනා කරන අතර ඒ අයගේ සියලුම බලාපොරත්තු ඉටුවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.
Post a Comment