Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


තාරුණ්‍යයේ රංගන ශිල්පීන් අතර විවිධ පරාස ඔස්සේ සිය රංග ප්‍රතිභාව විදහා පෑ හැකි රංගන ශිල්පියෙක් විදිහටයි අපිට පුබුදු චතුරංග හඳුනාගන්න ලැබෙන්නේ.

යම් වෙනසක් කළ හැකි රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් ම ඉන්න පුබුදුට පසුගිය වසරත් සුවිශේෂියි. දැන් පුබුදු ටෙලිනාට්‍යයෙන් බැහැර වෙලාද? සිනමාවට පමණක් එක්වෙලා ද? ඒ ගැනත් නව වසරේ ගමන් මඟ ගැනත් පුබුදු හා පසුගිය දවසක අප කතා කළා.

මොනවද පුබුදු මේ දවස්වල අලුත් ම වැඩකටයුතු.

ඔව් මේ දවස්වල මම මගේ දෙවැනි සිනමා පටය සඳහා තිරනාටකය ලියමින් ඉන්නවා. ‘සරා’ චිත්‍රපටය ලියලා දැන් එය තිරගත වෙනවා. අලුත් ම සිනමාපටය මම නම් කළේ ‘වීරා’ කියලා.

ඒ අතර ජනවාරි ඉඳලා ආයෙත් මම කාර්ය බහුල වෙනවා. දැනටමත් චිත්‍රපට හතරක මම වැඩ භාරගෙන ඉන්නේ. පසුගිය මාස 10 ක් විතර එක දිගටම වැඩ කළා. ඒ නිසා දැන් ටිකක් විවේකීව ඉන්න අතරෙයි මේ පිටපත ලියමින් ඉන්නේ.

දැන් ඔබ චරිත තෝරා බේරා ගැනීමක් කරනවා කියලයි හිතෙන්නේ.

නැහැ. ඇත්තටම චරිත තෝරා ගැනීමක් කරන්නේ නැහැ. මොකද අපි රංගන ශිල්පීන් විදිහට එක එක සීමා හදාගන්න බැහැ. නමුත් නිර්මාණ තෝරා ගැනීමක් කරනවා.

පසුගිය වසරේ ඔබේ ජීවිතයට සුවිශේෂී සිනමාපට කිහිපයකට දායක වෙන්න ලැබුණා. ඒ අතරින් ‘සුපර් සික්ස්’ වෙනස්ම ආරක සිනමා පටයක් කියලයි හිතෙන්නේ.

ඔව් ඇත්තටම. ලංකාවේ විශාල පිරිවැයක් දරා කළ සිනමා පටයක් ‘සුපර් සික්ස්’. මෙහි රූගත කිරීම් සිදුවුණේ ඉන්දියාව, මැලේසියාව ආදී රටවල. තාරුණ්‍යයේ ආදරයත් එක්ක ෆැන්ටසි ලෝකයක දිවෙන සිනමා පටයක්. අපේ කාලයේ නළු නිළියන් වගේ ම ප්‍රවීණ නළු නිළි කැලක් මේ සඳහා එකතු වුණේ. මට හිතෙනවා මේ වර්ෂය අපේ සිනමාව ගැන බලාපොරොත්තු තබාගන්න පුළුවන් වර්ෂයක් කියලා.

ඇයි ඔබ එහෙම කියන්නේ?

මෙහෙමයි. මේ වසරේ තිරගත වෙන්න තියෙන සිනමාපට දිහා බලලයි මම එහෙම කියන්නේ. වාණිජ චිත්‍රපට හෝ කලාත්මක චිත්‍රපට උසස් සිනමාපට කිහිපයක් ම දකින්න ලැබෙයි. විශේෂයෙන් ම අලුත් ම අධ්‍යක්ෂවරු ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. නිෂ්පාදකවරු මුදල් ආයෝජනය කරලා තියෙනවා. මේ නිසා ප්‍රේක්ෂකයින් සිනමාවට සමීප වෙයි කියලා මට විශ්වාසයි. ඒ නිසා මේ වර්ෂය සිනමාවට බලපෑ ග්‍රහයා හොඳයි කියලයි මට හිතෙන්නේ.

හොඳයි 2010 ඔබට කාර්ය බහුලයි කියලයි කිව්වේ.

2010 රංගන ශිල්පියෙක් විදිහට මගේ ජීවිතයේ නැම්මක් වුණු වර්ෂය. මම පටන් ගත්තෙම ‘චැලෙන්ජර්ස්’ සිනමා පටයෙන්. ඊට පස්සේ පෙබරවාරි මාර්තු වල ‘සරා’ රූගත කිරීම් කළා. අගෝස්තු මැයි කාලේ ‘සදිස්නා’ චිත්‍රපටයෙත් ජූලි වල ‘සිංහාවලෝකනයේත්’ අවුරුද්දේ අවසානයේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයෙත් වැඩ කළා. ඒ කාලය අසීරුයි කියලා මට හිතෙන්නේ. මොකද ක්‍රිකට් චිත්‍රපට දෙකක රඟපෑම අමාරු දෙයක්. එක දිගට මාස හතරක් විතර ක්‍රිකට් සෙල්ලම් කළා.

දැන් ඇයි ඔබ ටෙලිනාට්‍ය රංගනය ප්‍රතික්ෂේප කරලද?

ටෙලිනාට්‍ය ගැන ලොකු කතාබහක මම ඉන්නේ. මොකද හොඳ නිර්මාණ වෙනවා. නමුත් මට හිතෙන්නේ අද ටෙලිනාට්‍ය වාණිජකරණයට හසුවෙලා කියලයි. මේක මගේ මතයක් නෙවෙයි අද ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් මම කියන්නේ. බොහෝ දෙනෙක් මට කියන්නෙත් ටෙලිනාට්‍යවලින් ඈත්වෙලා ඉන්න කියලයි. දැන් ටිකක් මම සිනමාවට සමීපයි. නමුත් වේදිකාවත් රූපවාහිනියත් සිනමාවත් මේ මාධ්‍ය තුනටම මම කැමැතියි කියන එකත් කියන්න ඕන.

මේ අලුත් වර්ෂයේ මොනවද ඔබේ බලාපොරොත්තු

මම ජීවිතය පුරා සිහින දකින්නෙක්. ඒ නිසා මම සිහින වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. 2011 වර්ෂය ආරම්භයත් එක්ක 2012 වෙනුවෙන් මම සිහින දකිනවා. ඒ නිසා සිහින ඉස්සරහින් තියාගෙන ඒ පිටුපස මට දුවන්න ලේසියි.

ඇත්තටම මොනවද ඔය හීන.

හීන විස්තර කරන්න අමාරුයි. හැබැයි දකින්න ආසයි. මම කලාකරුවෙක් නෙමෙයි. තවම මට එතෙන්ට එන්න මේ මහපොළොවත් එක්ක ගොඩක් ගැටෙන්න වෙනවා. රංගන ශිල්පියෙක් තම ජීවිතය විඳින්න ඕන. ජීවිතයේ කටුක බව වගේ ම මිනිසුන් සමඟ ඇසුර හරහා රංගන ශිල්පියාට පෝසත් වෙන්න පුළුවන්. මේ සියලු දේ එක්ක දුර ගමනක් හදාගන්නයි මට අවශ්‍ය.

ඒ නිසා මම ගොඩක් වැඩ කරන කෙනෙක්. සාමාන්‍යයෙන් මට නිකම් ඉන්න අමාරුයි. මේ තරුණ කාලේ ඒ ශක්තිය තියෙන අතරේ ඒක පිටතට දාන්න ඕන. ඇත්තම කිව්වොත් මම වයසට යනවට බයයි. සදාකාලිකව ම තාරුණයේ ඉන්නවා නම් උපරිමයෙන් වැඩකරන්න ඕන. මගේ එකම තේමා පාඨය තමයි අපි ජීවත් වෙන්නේ වැඩ කරන්න කියන එක.

ඔබ දැන් වෘත්තීය රංගන ශිල්පියෙක් ද?

පැහැදිලිව ම. මගේ වෘත්තිය අද වෙනකොට රංගනය වෙලා.

අපේ රටේ වෘත්තියක් හැටියට රංගනය ස්ථාවරයි ද?

මට ඒක කියන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයට එනකොට මගේ කිසිම ඥාතියෙක්වත් සමීපතමයෙක්වත් හිටියේ නැහැ. ගාල්ලේ ඉඳලා කොළඹ ඇවිත් දුක් ගැහැට විඳගෙන ආව ගමනක් මට තියෙන්නේ. හැබැයි මම හොඳින් හැදෑරුවා. කොළඹ හොඳින් හඳුනාගත්තා. ඒ නිසා මම ඉගෙන ගත්තා. කෙනකුට මාව නැති කරන්න පුළුවන් වුණත් මගේ ඉගෙනීම හැදෑරීම විනාශ කරන්න බැහැ. ඒ නිසා මම දන්නවා මම කොහෙද යන්නේ කියලා.

තාරුණයට ආදරය කියන දේත් වලංගු කාරණයක් නේද පුබුදු?

ඔව්. මම ඒ ආදරය සුන්දරව විඳින කෙනෙක්.

වසන්ත ජයසිංහ ආරච්චිගේ

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives