එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට එරෙහි විශ්වාස භංගයට මුහුණ දෙන්නට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
කරූ ජයසූරිය මහතා පුවත්පතකට කළ ප්‍රකාශයක් පුවත්පතක පළ වී ඇත්තේ විකෘති සහගත ලෙස බවත්,එබැවින් එකී පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවත් එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ජයසූරිය මන්ත්‍රීවරයා පුවත්පතට සම්මුඛ සාකච්ඡාව ලබා දීමේදී"යුද අපරාධ" හා "ද්‍රවිඩ ඩයස් පෝරාව"යන වචන දෙක පාවිච්චි නොකළ බවද ඔහු පෙන්වාදී තිබේ.
කෙසේ වුවද මේ වන විටත් විකෘති සහගත ලෙස පළ වූ එකී ප්‍රකාශය පදනම් කර ගනිමින් කරූ ජයසූරිය මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත්,එකී විශ්වාස භංගයට මුහුණ දෙන්නට තම පක්ෂය සූදානම් බවත් හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Post a Comment