එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහි සටනේ අවසන් සමයේදී ශී‍්‍ර ලංකාවේ යුද කි‍්‍රයාකාරකම් වලට අමෙරිකාව දැඩි ලෙස බලපෑම් කළ බව විකිලික්ස් නවතම වාර්තාවකින් තහවුරු කර තිබේ.ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා සහ අමෙරිකානු රාජ්‍ය ප්‍රධානීන් අතර හුවමාරු වූ තවත් රහසිගත ලිපියක් එම වාර්තාවෙන් අනාවරණ කර අත. ඔස්ලෝහි ඇෆ්ටන් ෆෝස්ටන් පුවත්පතේද එම රහසිගත ලිපිය පළ කර තිබේ. *2009 වසරේ මැයි මස 8 වනදා දිනය දරන එම රහසිගත ලිපියෙන් ශී‍්‍ර ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා අමෙරිකානු රාජ්‍ය ප්‍රධානින්ට දැනුම් දී ඇත්තේ ශි‍්‍ර ලංකාව ඉරානය සහ උතුරු කොරියාව සමග අවි ගණුදෙනුවක නිරත වන බවයි. එම රටවල් සමග අවි ගණුදෙනු එක්සත් ජාතීන්ගේ අණපනත් උල්ලංඝණය කිරීමක් බවද සදහන් කර තිබේ. එබැවින් ඒවා නතර කරන ලෙස ශී‍්‍ර ලංකාවට බලපෑම් කළ යුතු බව වැඩිදුරටත් සදහන් කර ඇත. එසේ නොකළහොත් ශී‍්‍ර ලංකාවට දැඩි සම්බාධක පැනවිය යුතු බවට යෝජනා කර තිබේ.....ඉරානය සහ උතුරු කොරියාව සමග ශී‍්‍ර ලංකාව සිදුකළ සහ එවකට සිදු කෙරෙමින් පැවති යුද ගණුදෙනු කිහිපයක් පිළිබද තොරතුරුද අමෙරිකානු තානාපතිවරයාගේ රහසිගත ලිපියට ඇතුළත්ය. ශී‍්‍ර ලංකාවේ නාවික හමුදාව සදහා උපකරණ මිලට ගැනීමට ඉරාන රජයෙන් මිල ගණන් කැදවූ බව එහි සදහන් වී ඇත.
කෙසේවෙතත්, මෙවැනි අවි ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා බළධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තාවේ.
කෙසේවෙතත්, මෙවැනි අවි ගනුදෙනුවක් පිළිබඳව ශ්‍රී ලංකා බළධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙන බවද වාර්තාවේ.
මේ අතර තවත් රාජ්‍යතාන්ති‍්‍රක කේබල් පණිවුඩයකට අනුව, බි්රතාන්ය රජය ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උනන්දු වූයේ, එරට සිටින දෙමළ ඩයස්පොරාවේ බලපෑම මත සහ මැතිවරණය නිසා බව හෙළිවී තිබේ.
ලන්ඩන්හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය වාර්තා කොට ඇත්තේ, 300,000ක් පමණ වන දෙමළ ජාතිකයින් මැතිවරණයේදී ඉතා තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි...එමෙන්ම, ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් සඳහා බි්රතාන්යය සහාය දක්වා සිටියද, නොබැඳි ජාතීන්ගේ බලපෑම නිසා එය ව්‍යර්ථ වූ බව විකිලීක්ස් හෙළි කොට ඇත...ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලංකාවට ලබාදුන් ණය ආධාරය පමා කිරීමට බි්රතාන්ය භාණ්ඩාගාරය හා ඇමෙරිකාව උත්සාහ කළ බවද තවදුරටත් වාර්තා වේ.
මුලාශ්‍රය.මෙතැනීන්
Post a Comment