ඉතාලියේ මිලානෝ නුවර පදිංචිව සිටි හලාවත මහවැව හය මස් ගැබිනියක වූ නිර්මිලී සුදර්ශනී පෙරේරා මහත්මිය පසුගිය 27 වැනිදා ඉතාලියේ මිලානෝ නුවර නිගුවාර්ධා රෝහලේදී මිය ගියාය.
මොළයට ඇතළු වු විෂබීජයක් හේතුවෙන් ඇය රෝහලට ඇතළත් කර ඇති අතර, ඒ වන විට මොළය මියගොස් තිබුණද ඇයට කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් මගින් මාස දෙකට වඩා වැඩි කලක් රෝහලේ තබා ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇත.
දරු ගැබට මාස හයක් වූ පසු, පසුගිය 27 වැනි දින සැත්කමක් මගින් දරුවා බිහිකර ගැනීමට වෛද්‍යවරුනට හැකි වී ඇත.
පසුව ඇයගේ සැමියා වන අසිත පෙරේරා මහතාගේ එකඟත්වය මත වෛද්‍යවරු ස්වසන යන්ත්‍රය ඉවත් කර ඇති අතර, ඇයගේ බිළිඳා නිරෝගීව රෝහලේ සිටියි.
මෙම දරුවා තවත් මාස තුනක් රෝහලෙහි රඳවා ගැනීමට වෛද්‍යවරු තීරණය කර ඇත.
තොරතුරු – ශ්‍රි ලංකා මිරර්
Post a Comment