නෙහාරා පීරිස් ලක්බිම පුවත්පත සමග කල කතාබහයේ කොටස් කිහිපයක් ...
*නෙහාර වගේ ආකර්ෂණීය චරිතයකට බාහිර සමාජයේ ආදරය ලැබෙනවා.හැබැයි එවැනි අයට ඊර්ෂ්‍යා කරන පිරිසකුත් ඉන්නවා නේද
ඔව්.ඒක නම් ඇත්ත තමයි.මමත් ඒ අත්වින්ද කෙනෙක්.පාසලේදිත් මම පුංචි පුංචි ඊර්ෂ්යාකාරකම්වලට ලක් වුනා.මම කැපි පෙනෙන චරිතයක් වුණාම මට ඇනුමි පද කියන,මාව දැක්කම අහක බලන අය හිටියා.ඒ වගේ වෙලාවට මම කරන්නේ හිනා වෙලා ඒ අයට කතා කරන එක.මුලදි මං ගැන ඒ විදියේ වැරදි වැටහිමිවල හිටපු අය පස්සේ කාලෙක මගේ යාලුවෝ වුණා අවස්ථාත් තිබුණා.හැබැයි ඉතින් ඒ කාලෙදි ලොකු හිත් රිදීමි නම් වෙලා නැහැ.ඒවා ඉතින් පාසල් සිසුවියන්ගේ සාමාන්‍ය සිද්ධි.ලොකු ලොකු ඊර්ෂ්‍යා,කුහකකම්,හිත් රිදීම් ඇති වුණේ කලා ලෝකයට ආවට පස්සේ,මට තදබල විදියට හිත් රිදෙන දේවල් ඇති කළ පුද්ගලයින් වගේම සිද්ධිත් කිහිපයක්ම තියෙනවා.
*ඒ සිදුවිමි,එයින් නෙහාරා තුළ ඇති වු කමිපනයක් හා ඒ අවස්ථාවන්ට මුහුණ දුන් ආකාරය ගැන දැනගන්න කැමතියි.
මා පෙනී සිටි බව පැවැසුණු එක්තරා අසභ්‍ය විඩියෝ ක්ලිප් එකක් ගැන ඇති වු රාවය ගැන බොහෝ අය දන්නවා ඇති.එහි සිටින්නේ මගේ හැඩරුවට සමාන, ඉන්දියානු තරුණියක්.මගේ සැමියා,මගේ ගෙදර අය ඒ තත්ත්වය තේරුමි ගත්තා.ඒ වගේම හැබැහින් මාව දැකලාවත් නැති රසික රසිකාවියෝ පවා මට හමු වු අවස්ථාවල ඔය ව්‍යාජ සිද්ධිය හින්දා හිත රිදවගන්න එපා කියලා මගේ හිත හදපු අවස්ථා තිබුනා.ඒත් හිතවත් කියලා මම හිතා හිටි ඇතැමි අය ඔය කථාව විශ්වාස කළා.සමහරු ඒක තව තවත් පතුරුවන්න උත්සාහ කරපු අවස්ථාත් තිබුණා.ගැනු ළමයකුට තමාගේ චරිතය ගැන මේ වගේ අභූත චෝදනාවක් අවොත් මානසිකව දැඩි ලෙස කඩා වැටෙනවා.ඇත්තටම ඔය සිද්ධිය නිසා මමත් විශාල ලෙස කළකිරුණා.ඒත් මගේ සැමියා,ගෙදර අය මගේ හිත හැදුවා..
මහත්තයාට බබාල ගොඩක් බලා ගන්න බැරිලු - නෙහාරා පීරිස්
ඉරිදා දිවයින සමග එක්වෙමින් නෙහාරා මේ අදහස් පළ කළේ....
*නෙහාරා මොනවද අලුත් තොරතුරු
මේ දවස්වල වැඩිපූර කාලය වැය කරන්නේ අමන්දා ටෙලිනාට්‍යයේ හා රුවන් වැලිගාවල ෂූටින්වලට. ඒ වගේම ටී පාර්ටි හා
ශ්‍රී එන්. එම්. එකේ සාගරය සේ ආදරේ ප්‍රොaග්රෑම්වල වැඩවලට කාලය වැයකරන අතරම ප්‍රසංග වලටත් සහභාගි වෙනවා.
*දැන් ටිකක් වැඩිපුර කෑම කන බව පේනවා.
නැහැ එහෙම දෙයක් නැහැ. පසුගිය දවස්වල ටිකක් මහත්වෙලා සිටිය නිසා නේද ඔහොම අහන්නේ.
*ඒ කියන්නේ වැඩිපුර කන නිසානේද මහත් වුණේ.
අනේ නැහැ පසුගිය කාලේ මම අසනීප වෙලා සිටියා. ඒ නිසා විවේකයෙන් හිටපු නිසා තමයි මාව ටිකක් මහත් වුණේ. ඒත් දැන් ආයේ කෙට්ටුවෙලා. ඒ නිසා දැන් ඒ ප්රශ්නය ඉවරයි.
*වැඩිපුර කැමැති කළු අයටලු නේද?
ඔව්. මම හිතන්නේ මගේ පාටට වඩා වෙනසක් තියෙන නිසා වෙන්න ඇති එහෙම කැමැත්තක් තියෙන්නේ. *පොඩියට සිටියට හැමෝත් එක්කම රණ්ඩු වෙනවා නේද?
අනේ මම එහෙම කෙනෙක් නෙමෙයි.
*එහෙනම් සමහර අය ඉන්න වැඩවලට යන්නේ නැත්තේ ඇයි?
සමහර අය ඉන්නවා එකට වැඩ කරන්න ආශ්‍රය කරන්න අමාරුයි. එහෙම අය ඉන්න තැන්වලට නම් මම යන්නේ නැහැ තමයි. නිතරම ඉරිසියාවෙන් ඉන්න මූණ ඇඹුල් කරගෙන ඉන්න අයත් එක්ක වැඩ කරන්න අමාරුයි.
*එහෙම හිතන පිරිස වැඩි වුණොත් ඉදිරියේදී රඟපාන්නම බැරිවෙයි නේද?
එහෙම වුණාය කියල මට කිසි ගැටලුවක් නැහැ. මොකද මම රංගනයෙන් යෑපෙන කෙනෙක් නෙමෙයි. ඒක මට කරදරයක්නම් ගෙදරම වෙලා ඉන්න එක ඊට වැඩිය සැපයි.
*රංගනයෙන් යෑපෙන්නේ නැත්නම් ඇයි ඔයා අසාධාරණ විදිහට ලොකු ගාණක් ඉල්ලන්නේ.?
මම හිතන්නේ නැහැ මම යම්කිසි නිර්මාණයකට ඉල්ලන මුදල අසාධාරණය කියලා. අපේ වටිනාකමට හොඳ මිලක් තිබිය යුතුයි. මගේ මුදල දෙන්න බැරිනම් මම යන්නේ නැහැ.
*ඒ වුණාට කලාව කියන්නේ සල්ලිම නෙමෙයි නේද?
ඔහොම කියන අයටත් සල්ලි ඕන වෙනවා. සමහර විට ඇත්තටම එහෙම හිතන අයත් ඇති. එහෙම හිතල අපේ තියෙන උපරිම අඩු මුදලට රඟපෑමෙන් ඒක අනෙක් අයටත් කරන අසාධාරණයක්. මොකද මේ තුළින් විශාල ලෙස මුදල් හොයන පිරිසක් ඉන්නවා.
*හැමදාම නට නටා ඉන්නද කල්පනාව ?
මට හරියට තේරුනේ නැහැ. පුළුවන් තරම් කල් නටනවා.
*දෙන්නෙක් කසාද බැන්දම දරුමල්ලන්ගේ මූණබලන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්?
අපිට නම් තාම එහෙම හදිසියක් නැහැ. මහත්තයටත් එහෙමයි.
*ඇයි මහත්තයා කැමැති නැද්ද දැන්ම දරු සුරතල් දකින්න ?
එහෙම අකැමැති නිසා නෙමෙයි එයා කියනවා මමත් තාම පොඩි නිසා එයාට එක පාරට බබාල ගොඩක් බලා ගන්න බැහැ කියලා.
*එහෙම නම් ඇයි මේ පුංචි වයසෙන්ම කසාද බැඳගත්තේ.
අපි දෙන්න ආදරය කළා . ඉතින් අපිට හිතුනා. ඇයි අපි තවත් පරක්කු වෙන්නේ. අනිත් එක තමයි එයාගෙන් ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා. ඒවගේම කට කතා හැදෙන ප්‍රමාණයත් ටිකක් අඩු වෙනවනෙ. ගොඩක් අය බඳින්නේ නැත්තේ ජනප්‍රියත්වය අඩුවෙවි කියල බයට. නමුත් මට එහෙම දෙයක් බලපෑවේ නැහැ.
*ඒ කියන්නේ දැන් කට කතා නැහැ කියලද?
කට කතා හැදෙන එකනම් නතර වෙලා නැහැ. ඒත් දැන් එයා මං ගැන හැමදේම දන්නවනේ .
*නෙහාරගෙ රඟපෑම් දැකල එයාට ඉරිසියා හිතිල එහෙම නැද්ද?
අපෝ නැහැ එයා හැම දෙයක්ම බොහෝම පුළුල්ව දකින කෙනෙක්. එයාට රඟපාන්න නටන්න බැරි වුණාට කලාව ගැන හොඳ දැනුමක් තියෙනවා.
*තව ටිකක් උස තිබුණානම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද?
මගේ උස ගැන මම සතුටුයි. ඒනිසා මට එහෙම හිතිලා නැහැ. උස අඩුයි කියල මගේ ජීවිතේට ලැබෙන දේවල් අඩුවෙලා නැහැ. මම "මොඩ්ලින්" නොකරන නිසා මට උස ප්‍රශ්නයක් ඇත්තේම නැහැ.
*ඔබ ඉන්න හැම ටෙලි නාට්‍යයකම ඉන්නේ එකම පිරිසක්. නිර්මාණත් බොහොම ඒකාකාරියි. ඒනිසා අලුත් දැනුම අත්දැකීම් ලැබෙන්නේ අඩුවෙන් ?
ඇත්තටම ඒකකාරී කමක් තියෙනවා. අපිත් මේ ගැන කතාවෙලා තියෙනවා. ඒත් මොනව කරන්නද?
*ඔබ ආස කරන චරිතයක් තියෙනවද?
මම ආසයි අන්ධ චරිතයක් රගපාන්න.
පෙර ලිපි-නෙහාරට උණ්ඩ සම්මානයක්.....
සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කෙරුනු ‘විරු දන ගී සර‘සංගිත ප්‍රසංගය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්විණී....මෙයට සහභාගි වු නෙහාර එහිදී සම්මානයට පාත්‍ර විය.....
Post a Comment