විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් යනු අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් ලෙස ඇමෙරිකා එකසත් ජනපදයේ උප ජනාධිපති ජෝ බේඩන් චෝදනා කරයි. එය මේ දක්වා ඔබාමා පරිපාලනයෙන් අසාන්ජ්ට එල්ල වූ ප්‍රබලම විවේචනය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ හෙතම වැඩි දුරටත් පවසා ඇත්තේ ඔහුට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.

මේ අතර විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ් තමන්ට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා කර ඇත්තේ 31 හැවිරිදි කාන්තා ක්‍රියාකාරිනියක් සහ ඇයගේ කටයුතුවලට සහාය දක්වන තවත් 27 හැවිරිදි ස්වීඩන කාන්තාවන් දෙදෙනකු විසින් බව වාර්තා වේ. විකිලීක්ස් වෙබ් අඩවිය රහස්‍ය තොරතුරු අනාවරණය කළ දා පටන් දෙදෙනා සැගවී සිටින බවද වාර්තා වේ.
මෙයින් එක් තැනැත්තියක් නත්තල් දූත පිරිසක් සමඟ පලස්තීනයට ගොස් ඇති බවටත්, අනික් තැනැත්තිය සිය දුරකථන සම්බන්ධතා කපා දමා ඇති බවටත් වාර්තා වේ...තමන් අතවරයට ලක් වූ පසුගිය අගෝස්තු 14 දින, ජූලියන් ඇසේන්ජේ ස්ටොක්හෝම්හි සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ක්‍රිස්තියානි ශාඛාව විසින් සංවිධානය කළ “යුද්ධයේ මුල්ම තුවාලකරු - සත්‍යය” යන තේමාව යටතේ ස්ටොක්හෝමහි පැවැති සමුළුවකට සහභාගි වී සිටි බව මේ කාන්තාවන් දෙදෙනා පවසා තිබේ.
අසන්ජේට එරෙහිව මෙම කාන්තාවන් දෙදෙනා අගෝස්තු 20 වැනිදා පැමිණිලි ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අගෝස්තු 15 දින “එක්ස්ප්‍රෙෂන්” ටැබ්ලොයිඩ් පුවත්පතේ මේ පිළිබඳ ශීර්ෂපාඨ පුවත් පළ වී තිබේ...ස්වීඩන බලධරයන් පවසන්නේ මෙම චෝදනා සහ විකිලීක්ස් රහස්‍ය තොරතුරු හෙළි දරව්ව අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.

Post a Comment