මේ දවස් ටිකේ පොඩි විවේකයක් තිබ්බ හින්දා පොඩ්ඩක් ලියන්න කියලා හිතුනා. සමං අයියගේ කැන්ටිම ගැන පොඩි සටහනක් දැම්මොත් හොදයි කියලා හිතිච්ච හින්දා ලියන්න ගත්තා.
මුලින්ම කියලා ඉන්නම්කෝ සමන් අයියා කියන්නේ කවුද කියලා. සමන් කියන්නේ අපේ හොස්ටල් එකේ කැන්ටිම කරගෙන යන මනුස්සයා. සමන් අයියා, අපේ කැම්පස් එක වගේම කොලඹ කැම්පස් එකෙත් කැන්ටිමක් කරගෙන යනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.
හැබැයි සමහරු නම් කියන්නේ සමං අයියා වැවිලි කාරයෙක් කියලා. අවුරුදු හතරක් හොස්ටල් එකේ ගත කරපු මටත් ඒක නම් ඇත්ත වෙන්න ඇති කියලා හිතුනා. හැබැයි මං උපන්තේකට සමන් අයියගේ කියලා බිං අඟලක් වත් දැකලා නම් නෑ. ඇත්ත කියලා හිතෙන්නේ දවල්ට හරි රෑට හරි දෙන කෑම එකේ තියෙන මාලු පිනි දැක්කහමයි.
මේ පැත්තේ (පේරදෙනියේ ) ගොවියෝ වගා කරන්නේ කැරට්, ගෝවා බීට් රූට් වගේ එලවලු උනාට සමන් අයිය ලාබ බලාගෙන ඔය කැරට් බීට් වගේ බාල එලවලු වගා කරන කෙනෙක් නම් නෙවෙයි. මනුස්සයගේ ෆාම් එකේ තියෙන්නේ කැකිරි, කරවිල, පිපිඤඤා වගේ බොහෝම ගුණ කෑම.
සමන් අයියගේ ෆාම් එක දැකලා නැති උනාට ෆාම් එකේ අස්වැනු නෙලන්නෙ මොන එලවලු වර්ගයද කියලා ඇස් කන් තියෙන ඕන කෙනෙක්ට අනුමාන කරලා ටක්කෙටම කියන්න පුලුවන් . කැකිරි පලදාව ලැබෙන කාලයට දිගටයි හරහටයි උදේටයි දවල්ටයි රෑටයි කැකිරි, කැකිරි. ඒ දවස්වල අපේ සිසුන්ගේ මුත්‍රා අමාරු සියයට අසූවකින් විතර අඩු වෙනවා. මොකද කැකිරි කියන්නේ මුත්‍රා අමාරු වලට කියාපු කෑමක් නේ. නමුත් කැකිරි කන්නේ නැති සමන් විරෝධී පිරිස කරන්නේ බත් එකට කැකිරි දාපු ගමන් කුනු බාස්කට් එකට කැකිරි ටික හලාගෙන යන එකයි. මොනා කරන්නද එවුන්ට බලෙන් ගුණ දේවල් කවන්න යෑ.
කැකිරි වගේ ම තමයි කරවිල කියන්නෙත් පුදුම ගුණ දෙන කෑමක්. කොටින්ම කරවිල කෑවම ලේ පිරිසිදු වෙනවා කියලා තමයි ආයුර්වේදයේ කියන්නේ. ඒ නිසාමදෝ මංදා සමන් අයියත් කරවිල වවන්නේ. කැකිරි වලට වඩා හොස්ටල් එකේ අයෙගෙන් ලොකු ඉල්ලුමක් කරවිල වලට තියෙන්නේ. කරවිල පලදාව ලැබුන දාට මදි නොකියන්න කරවිල කන්න තියෙනවා. සමහරු කොච්චර ආසාවෙන් කරවිල කනවද කියනවනම් බත් එක ගත්ත ගමන් සමන් අයියගේ අම්මටයි අප්පච්චිටයි නොසෑහෙන්න පින් අනුමෝදන් කරලයි කන්න පටන් ගන්නේ. ඒ කාලේ වෙන කොට ඕන කැලෑවක රිංගලා එන්න පුලුවන් කූඩැල්ලෙක් කවා ගන්නේ නැතුව. මොකද කූඩැල්ලෝ බොනවා කියන්නේ මිනිස්සුන්ගේ ඇගේ තියෙන කුනු ලේ නේ. කරවිල කාපුවාම කුනු ලේ තියෙන්න විදිහක් නැහැනේ.
ඔය සමහර එග්සෑම් කාල වලදී සිසුන්ට මානසික ආතතිය වැඩි වෙනවනේ. අන්න ඒ කාලවල් වලදී තමයි සමං ඇන්ඩ් ද ෆාම් එකේ පිපිඤඤා පලදාව ලැබෙන්නේ. ඒ දවස්වල අපේ ආතතිය නැති වෙන්න කියලා පිපිඤඤා ගෙනත් උයන්නේ. අපරාදේ කියන්න බෑ එහෙම දවස්වල අපේ කොල්ලො වෙනදටත් වඩා හොදට කැන්ටිමෙන් කනවා. ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සමන් අයියගේ අම්මා බුදු බව ලබනවා කියලා.
ඔය සමහර කාලවල් වලදී යාලුවන්ගේ නෑදෑයෝ එහෙම අන්ත්‍රා වෙනවනේ. අන්න ඒ කාලවල් වලදී සමන් අයියත් අපිත් එක්ක නොසෑහෙන්න සෝක වෙනවා . කොටින්ම එදාට මුලු කැන්ටිමම එකම මළගෙයයි. එදාට ඉතින් අපරාදේ කියන්න බෑ වට්ටක්කා මාලුව වරදින්නේ නෑ. අපේ යාලුවාගේ නෑදෑයගේ තුන් මාසේ දානේ ඉවර වෙනකන් ම වගේ උදේටයි දවල්ටයි රෑටයි වට්ටක්කා උය උයා සමන් අයියත් සෝක ප්‍රකාශ නිකුත් කරනවා. කොල්ලො නම් කියන්නේ බුදු හාමුදුරුවෝ වට්ටක පිරිත දේශනා කලේ සමන් අයියටමයි කියලා. මොනා කරන්නද කොල්ලන්ගේ කටවල් වහන්න කියලා යෑ. ඕන දෙයක් කියපුදෙන් කියලා සමන් අයියා සෝක වෙනවා. ඕහ්... වැරදුනා වට්ට්ක්කා උයනවා.
ආහ්... තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔය අලින්ට උනත් මද කිපෙන කාලයක් තියෙනවනේ. ඒ වගේ තමයි මෙහෙ අයටත්!!! අන්න ඒ කාලෙදී තමයි දඹුල්ල ආර්ථික මද්‍යස්ථානයෙන් තොග පිටින් අලු කෙසෙල් ගෙනත් ගොඩ බාන්නේ. ආයේ ඉතින් තුන්වේලටම අලු කෙසෙල් කෝස් එක දෙනවා මොන ජගතගේ උනත් හැගීම් නැත්තටම නැති වෙන්න. ඒ කාලෙට ඉතින් ටෙස්ට් එකකට වත් අහවල් සෛල ටිකක් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. කොල්ලො කියන විදිහට සමන් අයියට එයාගේ වයිෆ් ගොඩක් දවස්වලට දෙන්නෙම අලු කෙසෙල් මාලුවම ලු. හේතුව නම් මොකද්ද කියලා මං දන්නෙ නෑ.
මේ කෑම ජාති උයන කැන්ටිමටම ආවේණික වෙච්ච ක්‍රම තියෙනවා ඒ ටික මං වෙන බ්ලොග් එකක දාන්නම්.
සමන් අයියා මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
ප. ලි. - බුදුන් දැක නිවන් දකින අයට නැවත් ඉපදීමක් නැත.
Post a Comment