ෆේස් බුක් අන්තර්ජාල සමාජ සබඳතා භාවිතයෙන් සිදුවන අපරාධ ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා පරිඝනක අපරාධ සංසදය පවසයි. ඔවුන් පවසන්නේ පසුගිය මාස 6 ක කාලය ඇතුළත එවැනි අපරාධ 160 ක් වාර්තාවී ඇති බවයි. මෙවැනි අපරාධ සිදුකරනු ලබන්නේ විවිධ පුද්ගලයින්ගේ ෆේස් බුක් ගිණුම් තුළට අනවසරයෙන් ඇතුළුවී බව වාර්තා වන අතර ශ්රී ලාංකික කාන්තාවන්ගේ හා තරුණියන්ගේ ගිණුම් තුළට ඇතැම් ශ්රී ලාංකිකයින් හා විදේශිකයින් ඇතුළුවී මෙසේ අපරාධ සිදුකරන එම සංසදය පවසයි. ඒ පිළිබඳව ක්රියාකිරීමට බලතල නොමැති හෙයින් ඒ පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසයි...
මීට පෙරදී ශ්රී ලංකාව හා සමීප සබඳතා පවත්වන චීනය හා ඉරානයද මෙම ෆේස් බුක් සමාජ සබඳතා වෙබ් අඩවිය තහනම් කර ඇත. මෙයට පෙර එක් අවස්ථාවකදීද මහාධිකරණය වෙත මෙම ෆේස් බුක් වෙබ් අඩවිය තහනම් කරන ලෙස ඉල්ලා නඩුවක් ඉදිරිපත් වුවද අධිකරණය විසින් එහි තීන්දුව දෙමින් කියා සිටියේ ෆේස් බුක් භාවිතය මානව අයිතිවසිකමක් බවයි.

Post a Comment