එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණයේ මාවතට ගෙනයෑම සඳහා වත්මන් නායකත්වයෙහි වෙනසක් අවශ්‍ය බවට වන විශ්වාසය මල්ඵල ගැන්වීම සඳහා පියවර ගැනීමේ කාලය එළැඹ ඇතැයි පක්‍ෂ සාමාජිකයින්ගේ අතිමහත් බහුතරය කියා සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
ඒ අනුව, රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂ නායක ධූරයේ තවදුරටත් කටයුතු කරමින්, අඩුම තරමින් කෙටි කාලයකට හෝ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාට පක්‍ෂයේ නායකත්වය ලබාදිය යුතු බවට හඬක් නැගෙමින් පවතී.
ජයසූරිය මහතා යටතේ, හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායකත්වය පවරා දී, සියයට 20 දක්වා පහත බැස තිබෙන පක්‍ෂයේ ඡන්ද පදනම කලින් තිබූ සියයට 35 දක්වා මූලික වශයෙන් වර්ධනය කරගැනීම සිදුවිය යුතු බව පක්‍ෂයේ සාමාජිකයින් වැඩිදෙනාගේ මතය වී තිබේ.
ඉදිරියේදී එලැඹෙන ඡන්දයකදී එජාපයට ජයග‍්‍රහණය ලබාගැනීම කෙසේ වෙතත්, එවැනි ජනතා කැමැත්ත වැඩිකර ගැනීමක් අත්‍යාවශයෙන්ම සිදුවිය යුතු බව ඔවුන් අවධාරණය කොට සිටී.
ඒ සඳහා, ජයසූරිය මහතා ස්ථීර තීරණයක් ගෙන ඉදිරිපත් වීම නුදුරු දිනකදීම සිදුවිය යුතු බව කියා සිටින පක්‍ෂ සාමාජිකයින්, එසේ නොමැති නම් පේ‍්‍රමදාස මහතා පක්‍ෂ නායකත්වයට කෙලින්ම ගෙනඒමට පියවර ගැනීමට නොබෝ දිනෙකින්ම සිදුවන බව පෙන්වා දෙයි.
ඊයේ (දෙසැ. 20) කඩවත, මහර පැවති පක්‍ෂයේ රැස්වීමකදී හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා සම්බන්ධයෙන් පක්‍ෂයේ අතිමහත් බහුතරයේ පිළිගැනීම තවදුරටත් තහවුරු වූ බව දේශපාලන විචාරකයින් කියා සිටී.
තම බලය රැකගැනීම සඳහා දේශපාලන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම පක්‍ෂ නායකත්වය විසින් සිදු නොකළ යුතු බව පෙන්වා දෙන එජාප සාමාජිකයින්, පේ‍්‍රමදාස මහතා යටතේ පක්‍ෂයේ නව පිබිදීමක් ඇතිවන බව ඒකාන්ත යැයි අවධාරණය කරයි.
මේ අතර, සිරගතව සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා එජාපයට එක්කර ගැනීමේ සැලසුම්වලට පක්‍ෂ සාමාජිකත්වය සහාය පළකොට සිටී.
නමුත්, ෆොන්සේකා මහතා පටන් ගැන්මේදීම පක්‍ෂයේ ඉහළ තනතුරක් ලබාගැනීමට බලාපොරොත්තු නොවිය යුතු බව ඔවුන් කියා සිටී.

Post a Comment