ෆීජි රාජ්‍යයේ අධිකරණ ක්ෂේත්රයේ වර්ධනය සදහා ශී‍්‍ර ලංකාවේ නීති ක්ෂේත්රයේ පළපුරුදු සහ අත්දැකීම් සහිත නිලධාරීන්ගේ සහය ලබාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ෆීජි රාජ්‍යයේ අග්‍රවිනිශ්චයකාර ඇන්තනී හැරල්ඞ් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අද පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ. අරලියගහ මන්දිරයේ පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ අගවිනිසුරුවරයාගේ සහ නීතිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් පළපුරුද්ද සහිත දක්ෂ නිලධාරීන් මේ සදහා යෙදවීම වඩාත් සුදුසු බවයි. ඒ තුළින් දෙරටටම ප්රතිලාභ ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. මේ වනවිට ශී‍්‍ර ලාංකික විනිසුරුවරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් ෆීජි රාජ්‍යයේ නීති ක්ෂේත්රය තුළ කටයුතු කරමින් සිටිනවා. එරට අපරාධ අධිකරණ තුළ ද ඉහළ තනතුරු හොබවන්නේ ශී‍්‍ර ලාංකික කාන්තාවක් බවයි ෆීජි අගවිනිසුරුවරයා සදහන් කළේ. දෙරට අතර සහයෝගිතාවයන් තවදුරටත් පුළුල් කර ගැනීමට මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කර තිබෙනවා.
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment