වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොල් සංවර්ධන මණ්ඩලයේ අනුමැතියකින් තොරව පොල් ගස් කැපීම මින් ඉදිරියට තහනම් බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර පවසනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මීට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලයට යවා ඇති බවයි.
වැඩි වී ඇති පොල් මිල පාලනය කිරීම සදහා සකස් කර ඇති වැඩපිළිවෙළ පිළිබදවද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
Post a Comment