ගොඩක් දවසට මන් කන්න යන්නේ එකම කඩේට, ඔය කඩේ ගාව ඉන්නවා මට පෙන්නන බැරි මිනිස්සු තුන් දෙනෙක්. මේ තුන්දෙනා මාත් එක්ක හරිම හොඳට කතා බහ කරනවා ඒ වගේම මට කිසිම වැරැද්දක් කරලා නැහැ ඒත් මේ තුන්දෙනාව මට පෙන්නන්න බැහැ. මේ ගොල්ලෝ කිසිම නීති විරොධී කටයුත්තක යෙදෙන අයවත් කාටවත් කරදර කරන අයවත් නෙමෙයි ඒත් මේයාලගේ රස්සාව තමා බ්‍රොකර් වැඩේ. මන් කලින් දැනගෙන හිටියේ වාහන , ඉඩම් බ්‍රොකර්ලා විතරයි එත් මේ තුන්දෙනාම වගේ ගස් බ්‍රොකර්ලා.
කොහේ හරි හොඳට හැදිලා තියෙන මොනා හරි ගස් ටිකක් තියෙනවනම් ඒක කපලා ලොරිවලට පටවනකම් මේ අයට නින්ද යන්නේ නැද්ද කොහෙද. ඉතින් ඔන්න ඔය මහ අපරාදේ කරන නිසා මයි මට මේ අයව පෙන්නන බැරි. කියන්න හැදුවේ මෙයාලා ගැන නෙමෙයි මේ අය කියන ගල් බේගල් ගැන.
ඕන් දවසක් කියනවා. සිංහල වෙදකමේ තියෙන බලගතු බව ගැන. ඕන් දවසක් හොඳටම අමාරු ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනිච්චලු ගිහින් ඉස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තුරු ලෙඩා බලා කිව්වලු ලෙඩ මැරිලා කියලා, ඉතින් ඔය වෙලේ ලඟ හිටපු කෙනෙක් කිව්වලු අහවල් දිහෑ ඉන්නවා දක්ෂ වෙද මහත්තයෙක් එයා ගාවට අරන් යමු කියලා ඉතින් ඕන් අර මැරිච්ච මිනිහත් අරන් අර වෙද මහත්තයා ගාවට අරන් ගියාම වෙද මහත්තයා ගුලියක් දුන්නලු අර මල මිනියට පොවන්න ඔන්න ඔය ගුලිය පොවපු ගමන් ලෙඩ නැගිට්ටලු. මන් මේ පාරම්පරික සිංහල වෙදකමට අපහාසයක් කරනවා එහෙම නෙමෙයි ඒත් මට හිතා ගන්න බැරි මැරිච්ච මිනිහෙක් මරණ සහතිකේ ගන්නේ නැතුව ඉස්පිරිතාලෙන් පිටට අරන් ගියේ කොහොමද කියන එක. අනික මන් අහලා තියෙන විදිහට මල මිනී නිකන් වාහන වල ගෙනියන්න තහනම් ඒවා ගෙනියන්න ඕනේ ඒ සඳහා තියෙන වාහනයක. ඉස්පිරිතාලෙන් මැරුනයි කියපු මිනියක් මෙහෙම අරන් යන එකම වැරැද්දක් ඒත් කොහොම හරි ඒක කරලා මිනිහාට පණත් දුන්නා. ඊටත් වඩා පුදුමේ තමා මැරිච්ච මිනිහෙක්ට බේත් ගුලියක් පොවපු එක. ඒක කොහොම කලාද කියන එක නම් එතන හිටපු කෙනෙක් ගෙන්ම තමා දැන ගන්න වෙන්නේ.
තව දවසක් දැන් සර්පයෙක් කාලා මැරුන කෙනෙක් වලලන්න පාංසකූලේ එහෙම දීලා පෙට්ටිය උස්සන්න කිට්ටුවෙලා එතනට ආව කෙනෙක් කිව්වලු මිනිය බලන්න ඕනේ කියලා එහෙම කියලා. කිව්වලු මෙයා මැරිලා නැහැ එයාට සනීප කරන්න පුළුවන් කියලා ඔන්න බෙහෙත් ගුලියක් පොවලා මැරිච්ච මිනිහා නැගිට්ටුවලු. මේ මිනිස්සු මිනී වලලන්නේ එම්බාම් කරන්නේ නැතුවද එතකොට. මේකට නම් විහිළු කතාවක් තියෙනවා, දවසක් ඔහොම පෙට්ටියේ හිටපු කෙනෙක් සනීප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් ගාවට කිට්ටු උන තරුණයෙක් ඇහුවලු දැන් මේ ලෙඩාට ඔය බෙහෙත් පොවන්න නම් මේ ලෙඩගේ බඩවැල් එහෙම තියෙන්නේ ඕනේ නේද කියලා. වෙද මහත්තයා ඔව් කිව්වම කොල්ල කිව්වලු එහෙනම් මන් ටක් ගාලා මල් ශාලාවට ගිහින් ඒවා අරන් එන්නම් මොකෝ සේරම ඇඟේ ඇතුලේ කෑලි ටික එතන කියලා.
මේ වගේ ටිකක් වයසක පහේ උදවිය ඇස් දෙකෙන් දැක්කා වගේ විශ්වාස කරන්න බැරි කතන්තර හරියට කියනවා, ගොඩක් වෙලාවට මේවායෙන් කාටවත් හානියක් නැහැ ඒ වගේම අහන් ඉන්නත් ආස හිතෙනවා. ඉතින් කොහොම උනත් ඔය කතන්දර කියන්නේ අහන් ඉන්න අයගේ හැටියටනේ ඒ වගේ මේ කන වෙලාවට මට ඇහෙන්න ඕවා කියන්නේ එක්කෝ මේ අය හිතන් ඇති මන් අමු මෝඩයෙක් කියලා වෙන්න ඇති. සමහර විට දැක්කම එහෙම පේනවත් ඇති මගේ හිතේ
අමුතු කතාව
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment